ප්‍රවීණ නාට්‍ය ශිල්පිනියක හා රංගන ශිල්පිණියකවූ සෝමලතා සුබසිංහ මහත්මිය අද (30) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ආරංචි කියයි.
මිය යන විට ඇය 79 වැනි වියේ පසුවූවාය.
ඇය පසුගිය දිනවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.
වේදිකා නාට්‍ය රචිකාවියක්, අධ්‍යක්ෂකවරියක් හා නාට්‍ය ගුරුවරියක්ද වන ඇය ළමයින් වෙනුවෙන් විශාල නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.
මහාාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මෙලොව ආවා‘ නාට්‍යයේ රගපෑමෙන් ඇය ජනප්‍රියත්වයට පත්වූ අතර රත්තරන්, මූදු පුත්තු, නරිබෑණා වැනි නාට්‍ය තුළින් ඇය රංගන කෞෂල්‍යයන් විදහා පෑමට සමත් වූවාය.
ළමා මනසට ගැලපෙන අපූරු නිර්මාණ බිහි කළ ඇය හිම කුමාරි, ගමරාළ දිව්‍ය ලෝකේ ගිය හැටි, වලස් පවුල, පුංචි අපට දැන් තේරෙයි වැනි නාට්‍ය නිර්මාණය කර සම්මානයටද පාත්‍ර වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමලතා සුබසිංහ මැතිනියව මා කලක් පෞද්ගලිකව ඇසුරු කළා , ඇයගේ නිහතමානි , කලාවට තිබු ලැදියාව , උගත් කම මා තුල ඇය කෙරෙහි ලොකු ගෞරවයක් ඇති කළා , මාගේ කනගාටුව ඇයගේ පවුලේ අයට පිරිනමන අතර , ඇයට නිවන් සුව පතමි (බ)
අතිශයින්ම කණගාටුදායක පුවතක්. අැයට නිවන් සුව ලැබේවා ! (බ)
අදහසක් දාද්දි නම විතරක් තිබුනානම් ප්‍රමාණවත් නේද. අචාර්යද මහචාර්යද ඉන්නේ කොහෙද අවශ්‍ය නැහැනේ (බ)
මෑණියනි අජරාමර නිවන් සුව පතමි! (බ)
ඔය ගොඩක් අචාර්ය නම මුලට දමා රටක නමත් දමා ලියන්නේ , සමහරවිට මැද පෙරදිග රටක සේවය කරන අපේම කම්කරු මහතෙක් වන්නට ඉඩ තිබෙනවා , ලංකාදීප කතු තුමාට ඕවා පෙරලා සොයලා දමන්න කාලයක් නැති නිසා , ඒවා එහෙමම පළවනවා , කෙසේ වෙතත් අපි ලංකාදීපයට ස්තූතිය පළ කරනවා (බ)
ඔබගේ සේවය අමරනීයයි.ඔබතුමියට නිවන් සුව අත් වේවා. (බ)
මගේ එකම පැතුම ඔබ තුමිය ස්වර්ගයේ වත් , එසේ නොමැතිව නිවන් පල ලැබිමවත් නොව , ඉතා ඉක්මනින් අපේ රටේ නැවත ඉපිද , අපේ රටට කලාවට තවත් බොහෝ සේවයක් ඉටුකරන්න කියා , ඔබ වැනි අය අපට ඉතා දුර්ලබ වස්තුවක් (බ)
අැයට නිවන් සුව ලැබේවා ! (බ)
ඔබට නිවන් සුව ලැබේවා !!! (බ)
සුදු පාටින් බැබලුනු පහන්තරුව මුහුදුපතුලේ ගිලි නිවී ගියාය (බ)
චමල්, ඇත්තම කියල තියනවා. (බ)
මැතිනියනි ඔබට නිවන් සුව (බ)
රටට වටිනා අය අප අතරින් ගිලිහී යනව ඔබට නිවන් සුව පතමු!! (බ)
විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ ඔබගේ නිර්මාණ අප හදවත තුළ නොමැරී පවතීවි. ඔබතුමියට නිවන් සුව ලැබේවා (බ)
මා ඔබට ගරු කරනවා. ඔබට අමා මහා නිවන් සුව ලැබේවා (බ)
ඔබට නිවන් සුව. (ත)
සමාජයට ඉතාමත් වටිනා ගුරු මාතාවක් අපට අහිමි වුනා. ඔබතුමියට නිවන් සැප ලැබේවා. මූදු පතුල යට ඉඳලා සින්දුව අපි තවමත් මුමුණනවා. ලයනල් මැතිතුමාට අපේ සංයෝගය පල කරමු. පැරිසියේ සුන්දර අතීතය අමතක නොවේ.(බ)
ඔබට නිවන් සුව. (බ)
ඔබ නැති සොවින් කඳුළු සලයි නිහඬව අද රඟ මඩල (බ)
ඔබ නැති සොවින් කඳුළු සලයි නිහඬව අද රඟ මඩල (ත)
ඇත්තෙන්ම කනගාටු දායක ප්‍රවෘත්තියක්. ඉහළ මට්ටමේ කලා රසයක් විඳින ජනතාවගේ හදවත් වල ජීවත් වූ විශිෂ්ට ගණයේ රංගන ශිල්පිනියක්. ලයනල් ප්‍රනාන්දු මහතා ප්‍රංශයේ තානාපතිව සිටියදී පැරිසියේදී එතුමිය අපට නිවසට ආරාධනා කර ඉතා රසවත් ශ්‍රී ලාංකික කෑම වේලකින් සංග්‍රහ කළ අන්දමත්, සුහදව කතා බහ කළ අයුරුත් අපගේ මතකයේ තවම රැඳී තිබෙනවා. සංසාර ගමනේ කෙළවර එක් දිනකදී එතුමිය නිවන් සුවය සාක්ෂාත් කර ගන්නා බව විශ්වාසයි. (බ)
සෝමලතා මහත්මියගේ අභාවය සිතට දුක ගෙන ආ පුවතකි. ඇය අපගේද මිතුරියකි. මිතුරු ඇසුරේ දී ඇයට අප ඇමතුවේ " සොන්තා " යන ආදර නාමයෙනි.මේ සංසාර ගමනේ දී "සොන්තා", ඔබ අපි යළි හමුවෙමු. අවසන ඔබ නිවනින් සැනසේවා! (නි)
වේදිකාව, ඇය. දෙනෝ දාහක් දෑස් දල්වා වේදිකාවම නිහඬතාවේ මුහුදු පතුලක පෞරැෂත්වේ හඬ නිසා ඇසිල්ලකි වේදිකාවම ගිගුම් දෙන මහසයුරැ රළ හඬ රංගනාවිගෙ රඟ නිසා අමාවක වෙස් නිරෑපණයකි වේදිකාවම අඳුරැ කුටියකි රඟහලේ ඇය නැති නිසා(බ)
ඔබ තුමියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.(කේ)
සෝමලතා සුබසිංයන් කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු වූ ලයනල් ප්‍රනාන්දු මහතාගේ භාර්යාවයි. කෞෂල්‍යා ප්‍රනාන්දු මෙන්ම ශාමලිකා ප්‍රනාන්දු මෙම දෙපළගේ දියණියන් වේ (බ)
ගුරු මෑණියනි ඔබට නිවන් සුව පතමි (බ)
වචනයේ පරිසමාප්තයන්ම සැබෑ කලාකාරිනියක වූ ඔබ, අයිරාජගනී සේරසිංහ වැනි ශේෂ්ඨයන් දැන් බිහිවෙන්නෙම නැහැ. (ත)
සුපිරි කට්ටිය නැතිවෙලා අලුත් කබ්බෝ ඉතුරු වෙනවා (බ)
ශ්‍රී ලංකික නාට්‍ය කලාවට මහගු සේවයක් කළ ඇය සදා අමරනියයි අම්මේ ඔබට නිවන් සුව !! (ත)
මහගෙදර දී " නිල් අහස්තලේ" ගයමින් "පරසතුමල්" අරගෙගෙන අපට රගපාන දස්කමුත් පෙනවා රටටම ළමා නැටුම් රැගුම් උගන්වා ඔබතුමිය ගියා අපව දමා. හැබැහින් දැකල නැති වුනත් සෝමලතා නැන්දට මම හරි ආදරෙන් හිටියේ. නිවන් සම්පත් ලබනතුරු අප අතරම ඉපදී අපට නළු සහ නැටුම් රස ලබා දෙන්න.(බ)
ඉතාම කණගාටුදායක ආරංචියක් උදේම ලැබුනේ ඔබ තුමියට නිවන්සුව පතනවා(බ)
එතුමියට නිවන් සුව පතමු (බ)
ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක් ඔබගෙන් උගත් අද කලාවේ නියලෙන බොහොමයක් දෙන ඔබව සදහටම මතක තියාගන්න කියල ඉල්ලනවා. ඔබතුමියට නිවන් සුව පතනවා, එසේම සමාදානයේ සැතපේවා කියනවා මා අදහන ධර්මය අනුව. මහත්මය ඇතුළු පවුලේ සැමටත් චාන්දනී සෙනෙවිරත්න ඔබටත් කණගාටුව ප්‍රකාශ කරනවා,උදැසන ශ්‍රීලංකා ගුවන් විදිලියේ වෙළඳ සේවයෙන් චාන්දනී කතාකරනවා අසාසිටි අයෙක් විදියට සෝමලතා මහත්මිය ඇයට දෙවැනි මව වූ බව සඳහන් කළා (බ)
ඔබට නිවන් සුව ලැබේවා (බ)
මගේ ශෝකය! (බ)
මවක් අහිමි වුණා . එතුමියට නිවන් සුවයම ලැබේවා !!! (බ)