(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකා රය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්අද (7) දින සිදුකල බව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අධි නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය
විශේෂිත කරුණු කීපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයකින් යුත් විස්තර ඇතුළත් කර එකී පැමිණිල්ල සිදුකළ බව අධි නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 11 දශම 1 කෙළවර පිටිය ප්‍රදේශයේදී ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝභෝගී ජිප් රථය ඉකුත් ජනවාරි (25) කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කර පොලිස් කොස්තාපල්වරයකු මියගියේය
අනතුරින් සුඛෝභෝගී රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙනා රිමාන්ඞ් භාරයට පත් කර සිටි අතර අධිකරණ ඇප මත මුදාහැර තිබිණි
මියගිය රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මස (24) හලාවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී අනතුරුව ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවී තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක කරන්න දෙයක් නෑ. රටේ මිනිස්සුන්ට අවශ්‍යම කරලා තිබුණු දෙයක්...
ඇත්තටම මටත් සැකයි.. එතුමා විතරක් මියගිහින් අනෙක් කට්ටිය තාමත් රට කකා - ජනතාවගේ ලේ බිබී ඉන්න එකට...!!!
මැරිලද කියලද සැක? ඕනෙ නම් ගොඩ අරන් බලමු.
ඕකට කොහොම හරි ජවිපෙ ගාවලා jajabe තහනම් කරන පාරට හරවනවා වගේ .තව ඉදිරියේ pojape රැස්වීමකට උන්ගේ එවුන්ම දාලා 30 ක් 40 ක් මැරෙන විදිහට වැඩ සලස්වලා මුන් ජවිපෙ තහනම් කරනවා මැතිවරණයට කලින්
ඒ කියන්නේ?පණපිටින් එම්බාම් කළා කියලද හිතන්නේ ?
මම නම් මේ සිද්ධිය සලකන්නේ දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් ලෙසයි.මේ මග යා යුතු තව රොත්තක්ම දියවන්නාවේ සිටිනවා
නෝනා පාලිමන්ට් එන්න කැමති කියපු එකම ඇති සැකේට .ඩ්‍රයිවර් ගේ යාලුවෙක් ද දන්නේ නෑ
එහා ගමේ ලංසු මුදලාලිත් එක්ක වළියක් තිබුනා නේද…?
අනතුරෙන් මැරුණත් , හිතල මැරුවත් මේ ඉන්න හොද කෙනෙක් නොවේ , අනිත් අයත් පරිස්සමෙන් , තුන්වේල එක වේලට බස්සපු හොරු
අනතුර සිදුවූ අවස්තාවෙ රූපරාමු දැක්කා නම් ඕනම කෙනෙකුට ඔය සැකය ඇතිවෙනවා නියතයි උදාහරණය තිබුනත් ඉදිරිපත් කිරීම ශුභ නැහැ