(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරා ගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ ගෙන ගොස් උකස් කර ඒ මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
.මොවුන් වයස අවුරුදු 42 ක් හා 36 ක්වූ අඹු සැමි යුවළකි.
හොරණ මූලික රෝහලේ ඖෂධ සංයෝජකයෙකුවූ බුලත්සිංහල ,අතුර ,ගුරු ගම්මානයේ පදිංචි අයෙකු කිසිවෙකු තම නිවස බිඳ දේපොළ සොරාගෙන ගොස් ඇති බවට කර තිබූ පැමිණිල්ල පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියදීය මෙම අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් සොරා ගත් රන් භාණ්ඩ බිරිඳ ගෙන ගොස් උකස් කර ඒ මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන එමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව වු බව පොලීසිය පැවසීය.
සැකකාරිය සතුව තිබී උකස් කුවිතාන්සි කීපයක් සහ අදාල නිවසින් සොරාගෙන තිබූ කරාබු යුගලක්ද පොලිසිය භාරයට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd