IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැමියා ඉදිරිපත් කරන්නැයි බිරිඳට ඇප

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කුඩු ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කැර සිටි නිසංසලා සඳා කුමාරි නමැති කාන්තාව රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප හතරක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

ඇගේ සැමියා මාසයක කාලයක දී අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇප අවලංගු කර යළි රිමාන්ඩ් භාරයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. මවත් පියාත් නොමැතිවීම හේතුවෙන් තමන් මේ යුවලගේ දියණියන් තිදෙනා දැඩි සේ අසරණ වී ඇතැයි සැකකාරියගේ නීතීඥ ප්‍රසාද් සිල්වා මහතා කරන ලද කරුණු දැක්වීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝග නිකුත් කැරිණි.



අදහස් (0)

සැමියා ඉදිරිපත් කරන්නැයි බිරිඳට ඇප

චමිලා Friday, 19 June 2015 01:07 PM

කුඩු බීලා මේ රටේ ළමයි කිදහකට අම්මල තාත්තල නැති වෙන්න ඇද්ද ? පවූල් කියක් කැඩිලා යන්න ඇද්ද ? (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 20 June 2015 03:53 AM

උසාවිය හිතනවද දන්නේ නැහැ ඇය සැමියාව ඇති විශේෂ රහස් ගුහාවක හංග ගෙන ඉන්නවද කියල. (නදී)

:       0       0

ලලිත් Friday, 19 June 2015 03:30 PM

වැරදිකරු ඉදිරිපත් කරන්න කියලා බිරිඳව හිරේට දාන්නේ ඇයි? අර අලිපැටවූ ගෙවල් වල තියාගෙන සිටි කට්ටිය ඒ කළ වරදට එයාලගේ බිරින්දෑවරුන් හිරේට දැම්මා නම් කොහොමද? මම මේ කියන්නේ කුඩුකාරයා නිවැරදිකාරයෙක් කියලාවත් කුඩු මුදල් තියාගෙන සිටි එයාගේ බිරිඳ නිවැරදිකාරයෙක් කියලාවත් නෙමෙයි. (නි)

:       0       0

රණතුංග Saturday, 20 June 2015 12:04 AM

කුඩු සංස්කෘතිය මෙරටින් තුරන් කිරීම අප සැමගේ යුතුකමයි (නි)

:       0       0

සුජාතා Saturday, 20 June 2015 01:11 AM

මිලියන ගණන් වැයකරලා පාටි දාන අය, මිලියන ගණන් වල වාහන වල යන අය සහ ගෙවල් දොරවල් ඇති අය ගැන සෙව්වා නම් කුඩුකාරයන්ගෙ තව තව විස්තර හොයාගන්න් පුළුවන්. මේ කණ්ඩායමට නළුනිළියන්, පැවිදි අය, දේශපාලඥයින් යන කවර අයෙකු වුවද සිටිය හැකියි. ඒ අයගේ ආදායමට අනුව මෙසේ ජීවත්විය නොහැකි නම් අනිවාර්යයෙන්ම අයථා සල්ලි තමයි ඔය කැරකෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site