සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කුඩු ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කැර සිටි නිසංසලා සඳා කුමාරි නමැති කාන්තාව රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප හතරක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
ඇගේ සැමියා මාසයක කාලයක දී අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇප අවලංගු කර යළි රිමාන්ඩ් භාරයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. මවත් පියාත් නොමැතිවීම හේතුවෙන් තමන් මේ යුවලගේ දියණියන් තිදෙනා දැඩි සේ අසරණ වී ඇතැයි සැකකාරියගේ නීතීඥ ප්‍රසාද් සිල්වා මහතා කරන ලද කරුණු දැක්වීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝග නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු බීලා මේ රටේ ළමයි කිදහකට අම්මල තාත්තල නැති වෙන්න ඇද්ද ? පවූල් කියක් කැඩිලා යන්න ඇද්ද ? (ර)
උසාවිය හිතනවද දන්නේ නැහැ ඇය සැමියාව ඇති විශේෂ රහස් ගුහාවක හංග ගෙන ඉන්නවද කියල. (නදී)
වැරදිකරු ඉදිරිපත් කරන්න කියලා බිරිඳව හිරේට දාන්නේ ඇයි? අර අලිපැටවූ ගෙවල් වල තියාගෙන සිටි කට්ටිය ඒ කළ වරදට එයාලගේ බිරින්දෑවරුන් හිරේට දැම්මා නම් කොහොමද? මම මේ කියන්නේ කුඩුකාරයා නිවැරදිකාරයෙක් කියලාවත් කුඩු මුදල් තියාගෙන සිටි එයාගේ බිරිඳ නිවැරදිකාරයෙක් කියලාවත් නෙමෙයි. (නි)
කුඩු සංස්කෘතිය මෙරටින් තුරන් කිරීම අප සැමගේ යුතුකමයි (නි)
මිලියන ගණන් වැයකරලා පාටි දාන අය, මිලියන ගණන් වල වාහන වල යන අය සහ ගෙවල් දොරවල් ඇති අය ගැන සෙව්වා නම් කුඩුකාරයන්ගෙ තව තව විස්තර හොයාගන්න් පුළුවන්. මේ කණ්ඩායමට නළුනිළියන්, පැවිදි අය, දේශපාලඥයින් යන කවර අයෙකු වුවද සිටිය හැකියි. ඒ අයගේ ආදායමට අනුව මෙසේ ජීවත්විය නොහැකි නම් අනිවාර්යයෙන්ම අයථා සල්ලි තමයි ඔය කැරකෙන්නේ. (නි)