නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්‍ෂයට ආරාධනා කරමින් නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රමට ලිපියක් යැවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි. විපක්‍ෂය වශයෙන් ඔහු සඳහන් කරනුයේ ආසන 11ක් දිනාගත් තමිල් අරසු කච්චි පක්‍ෂය, ආසන7 ක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ආසන 4ක් දිනාගත් එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ පක්‍ෂ තුනට ආසන 22 ක් හිමිවී ඇත.රජයට ආසන 14ක්ද වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට ආසනයක්ද හිමිවී ඇත. රජය සමග සන්ධාගතවී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයට සහය දෙතොත් රජයට ආසන 22 ක් හිමිවේ. නැගෙනහිර මුළු ආසන සංඛ්‍යාව 37කි. මේ අනුව තීරණාත්මක සාධකය වනුයේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපති උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිගේ විශේෂ ලිපියක් රැගෙන කොළඹදී මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කෙළේය. සම්බන්දන් මහතාද ඔහුට දුරකථනයෙන් කතාකැර කොන්දේසි විරහිතව කි‍්‍රයා කරමුයි යෝජනා කැර ඇත. හකීම් මහතා දෙපාර්ශ්වයටම පවසා ඇත්තේ සඳුදා නැගෙනහිරදි පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය හමුවීමෙන් පසුව වචනයක් දෙන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බන්ධය නම් කඩන්න ඕනෑ. (නි)
දෙමළ සන්ධානයත් ආණ්ඩුවට එකතු වුණොත් නරකද? (නි)
ඔයා යන්න හකීම්. කා ළගට ගියත් හකීම් නම් ගොඩ. අපි තාම මෙතන. (නි)
මේ වෙලාවේ අවස්ථාවාදීන්ට ඉඩ නොදිය යුතුයි. මුස්ලිම් කොන්ග්‍රසය දෙමළ සන්ධානයට සහය දෙනවානම්, රජයෙන් සහ අනෙක් පළාත් සභා වලිනුත් ඔවුන් ඉවත් කළ යුතුයි. (නි)
මොනවා කරන්න ද දන්නේ නැහැ (දී)
ගේ ලගින් යනකොට වෙන්න ඇති (දී)
මම හිතන්නේ හකීම් මහතා රජය පැත්තට තමයි සහය දෙන්නේ..(ස)
ප්‍රධාන පක්ෂ 2 එකතු උණානම් හොඳයි නේද .(ස)
දැන් අපි හකීම් කියන විදියටද කරන්න ඕනෑ (නි)
සම්බන්ධන් එක්ක කිසිම සම්බන්ධයක් වානා. (නි)
කොහොමත් හකීම් මහතා TNA එකට එකතු වෙන එකක් නෑ...(ස)
කොහෙන් ඉල්ලුවත් කොහෙට පැන්නත් මෙයා ගොඩ....(ස)
ජේසුස්මි, ඔය පක්ෂ දෙක එකතු වුණොත් වෙන විනාශය ඔයාට තේරෙන්නේ නැහැ. (නි)
ජේසුමී, ඔබට බරක්පතලක් තේරෙන්නෙ නැහැ (නි)
හැමදාම වුණේ බහුතර සිංහලයන්ට සුලු ජාතීන් පස්සේ යන්න වුණූ එකයි. (නි)
කෙසේ වෙතත් ආපහු ජිනීවා යයි...(ස)
මේකත් බලන්න සුළු ජාතියක් එක්ක ඉරිසියාව තමයි තාම තියෙන්නේ.(නදී)
මම නම් හිතන්නේ දැන් කරන්න තිබෙන හොදම දේ එක්සත් ජාතික පක්‍ෂය ආසන හතර සමග රජයට එකතු වී ආණ්ඩුවක් පිහිටු වීමයි. එතකොට ආසන හතක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ආසන 11ක් දිනාගත් තමිල් අරස්සු කච්චි පක්‍ෂයට සහය දුන්නත් ප්‍රශ්නයක් නැත. ඊට අමතරව එමගින් සුඵ ජාතික පක්ෂ වල සහයද අවශ්‍ය නැත. (නි)
දෙමළ සංධානයට බලය ලැබුණොත් හොඳයි. කොටි හිතවාදින්ද එවිට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට අනුගත වීම සිදුවනවා. .(ස)
ජෙසුස්මි, ඔබ දන්නේ ලංකාවේ ඇතුළත තත්වය පමණි. ඔබ කියන හැටියට වුණොත් එහි වාසිය ලැබෙන්නේ, පිටරටවල් වල ඉන්න කොටි හිතවාදීන්ටයි. ඔවුන්ගේ ප්‍රචාරයට මේක උදවුවක් වෙනවා. (නි)
මේගොල්ලෝ ඇවිත් කට්ටියව නටවයි..(ස)
ඔන්න පටන් ගත්තා. ඕකතමයි හැමදාම වෙන්නේ. ලංකාවේ දේශපාලනය එක්තරා ආකාරයක හිගා කෑමක්. (නි)
හකීම් මහත්තයෝ, දැන්වත් ඔයාලගේ බලය පෙන්වන්න (නි)
අපේ කට්ටිය හැමදාම කඹ ඇද ඇද ඉන්දැද්දි එයාලා ලස්සනට එයාලගේ වැඩේ කරනවා. (නි)
මේ වෙලාවේ තමයි රට ගැන හිතන්න ඕනෑ (නි)
පළාත් සබා වෙන්ද (අ)
රටේ අනාගතය වෙනුවෙන් මම හකීම් සර්ට එකතු වෙනවා. (නි)
මම නම් කියන්නේ මේ වතාවේ බලය දෙමළ සන්ධානයට ලැබෙනවානම් හොඳයි. එතකොට අපිට බලාගන්න පුළුවන් ඔවුන් කොහොමද පළාතක් පාලනය කරන්නේ කියලා.පොලිස් සහ ඉඩම් බලතල නැති නිසා කාටවත් බයවෙන්න දෙයක් නැහැ. අපිට බලාගන්න පුළුවන් අනිත් පළාත් වලට වඩා නැගෙනහිර පළාතේ පාලනය වෙනස් ද , දුර්වලද , දියුණුද කියලා ? ඒ වගේම ඔවුන් ලබාගන්නා වරප්‍රසාද , දීමනා මොනවද කියලත්, ජනතාවට කොහොමද සළකන්නේ කියලත්, පළාත් සභාවකින් පළාතක් සංවර්ධනය කරන්න පුලුවන්ද කියලත්. මම හිතන්නේ මේ වෙලාවේ දෙමළ මුස්ලිම් දෙගොල්ල එකතුවෙලා නැගෙනහිර බලය ගත්තොත් ඔවුන්ගේ උපරිමයෙන් එහේ සංවර්ධනය කරයි. (නි)