සාම්ප්‍රදාය වෙනස් කරමින් හා රටට ආදර්ශයක් ලබාදීම සඳහා අනුනායක ධුරයෙන් ඉල්ලා අස් වූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනාහිමියෝ ‘ලංකාදීපයට’ පැවසුහ.
කෝට්ටේ රජමහා විහාරයේ පරිපාලන ගැටළු වලට තමා කිසිදු මැදිහත්විමක් නොවු අතර තමා ධුරයෙන් ඉල්ලා අස්වීම හා එම ගැටළුව අතර කිසිදු සබඳතාවයක් නැතැයි ද නාහිමියෝ කීහ.
අනුනායක පදවියෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේ ද කීහ.
‘තනතුරෙන් ඉල්ලා අස්වෙන්න මම තීරණය කළා. සම්ප්‍රදායට අනුව අපවත් වනතුරු එම තනතුර දරන්න පුළුවන්. ඒත් රටට ආදර්ශයක් දෙන්න හිතුණා. මම සංඝ සභාවේ වසර 30 ක් විවිධ තනතුරු දැරුවා’ යැයි උන්වහන්සේ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බෙල්ලන්විල පන්සලේ අධිපතිකම බෙල්ලන්විල නම නැති කෙනෙකුට දෙන්නේ නැහැ නේද?
මේක අපේ අගමැතිතුමාටත් ඉතා හොඳ ආදර්ශයක් නේද?
මේ හාමුදුරුවන්ගේ ආදර්ශමත් ජීවිතය ගැන බලන්න නම් බැංකොක් යන්න වෙයි.
උන් වහන්සේගේ හඬ අද රටට ප්‍රබල ව අවශ්‍ය නිසා එසේ පදවියෙන් ඉවත් වීම නොපිළිගැනීමට සංඝ සභාව වග බලාගත යුතුයි.
උන් වහන්සේගේ හඬ අද රටට ප්‍රබල ව අවශ්‍ය නිසා එසේ පදවියෙන් ඉවත් වීම නොපිළිගැනීමට සංඝ සභාව වග බලාගත යුතුයි.
මොකද මේ වෙලාවේම රටට ආදර්ශයක් දෙන්න හිතුනේ?
අතුල, මහින්ද මහත්තයට වඩාත් ගැලපෙනවා මම හිතන්නේ. රොෂාන්.
ආදර්ශයයි, අවවාදයයි දෙකම එක වගේ තිබුණා නම් තමයි අගේ.
මම දැක්කා නිමල් කියලා තියනවා... බෙල්ලන්විල නම ගැන ....විමලරතන හාමුදුරුවෝ අපි කුඩා කල සිට දන්නා ඉතා සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ...ඉපදුනේ ..බෙල්ලන්විල ...ගමට ලොකු සේවයක් කරපු සඟ පීතෘ වරයෙක් ...මොන දේශපාලන අදහස් තිබුණත්.. ඒ නිසා කරුණු නොදැන කතා කරන්න එපා... ඕක නිසා තමයි දේශපාලනය සඟ පීතෘ වරුන්ට ඕනේ නැහැ කියන්නේ...