ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉඩමක් කර්මාන්ත පුරයකට ලබාදීම අවලංගු කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි 07 වැනිදා නිකුත් කැරුණු ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවූ නියෝගය බ්‍රහස්පතින්දා (21) සිට දීර්ඝ නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන විනිසුරුවරු තීන්දු කළහ
සාම්පූර්හි ඉඩම ලබාදි ඇත්තේ දිගුකාලීන කල්බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමකටය. එම සමාගම ඇමරිකන් ඩොලර් බිලියන හතරක් (රුපියල් කෝටි 5400ක්) පමණ ආයෝජනයක් සිදුකරණු ඇතැයි කියන මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා දි ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි. කලින් ඉඩම ආයෝජන මණ්ඩලයට පැවරිණි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස එම සමාගම ගොනු කළ පෙත්සමට එරෙහිව අවතැන්වූ පිරිසක ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලූ අධිකරණය මේ තීන්දුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද අපේ ලොක්කත් මොනා කොරනවද මන්ද, හිත දිනා ගන්න කියා කියා යුද උපාය මාර්ගිකව වැදගත් තැන් මේ වගේ නිදහස් කරපුවහම හරිද. තිරිකුණාමලයේ කැම්ප් එකට ගියහම හොදට තේරෙනවා, ලොක්කට එහෙ ගිහින් බලල ඉන්න කියල කියන්න කෙනෙක් නැත්ද (බ)
ඔබතුමා බලයේ ඉන්නේ අවුරුදු පහයිනෙ. ඒ කාලේ ඇතුලත බිඳුණු හිත් සනසන්න ජනපතිතුමනි. (අ)
රටෙන් කැල්ලක් හරි දීල හිත් දිනාගන්න එක ඒගොල්ලන්ට කොපමණ වටිනවද නේද. (බ)
ඔබතුමා බලයේ ඉන්නේ අවුරුදු පහයිනෙ. ඒ කාලේ ඇතුලත බිඳුණු හිත් සනසන්න ජනපතිතුමනි. එතකොට කැඩෙන සිංහල සිත් හදන්නේ කව්ද (බ)
අපරාදේ යුද්ධය නිසා අපේ කොල්ලො මැරුනේ්. මෙහෙම වෙනවා කියලා කලින් දන්නවා නම්... (නි)
විදේශ ආයෝජකයෝ ලංකාව ගැන මොනවා හිතයිද, (බ)