
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරවීමේ කාර්ය අවසන් වීමෙන් පසු නැඳුන්ගමුවේ රාජා හස්තිය මහනුවරින් පිටත් වීමට පෙර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.
මහනුවර අපෙ පෙරවරුවේ ගමන් ආරම්භ කළ රාජා සිය ගම් ප්‍රදේශයට ළඟා වන්නට දින 10ක පමණ කාලයක් ගත වන බව රාජා බලාගන්නා කළු මාමා පවසයි.
(ජේ.ඒ.එල්.ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්වන්ත හස්තිරාජයාට ලබන වසරේදීත් දළදා කරඬුව වැඩම කරවීමට වාසනාව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා... කියා ඉත සිතින් පතමි.. බුදු සරණයි..!!!
යදම් වලින් බැඳ යකඩ උලකින් අනිමින් හසුරුවන සතකුගේ පිටින් ලොව පහළ වූ මුලු විශ්ව ධාතුවේම සියලු සත්ත්වයින්ට මහා කරුණාවක් දැක්වූ මුනිවරයාණන්ගේ දන්ත ධාතුන් වැඩමවීම උන්වහන්සේට කරන ගෞරවයක්ද?
ආයෙත් දකිනතුරු සුබගමන් ..!!!
මේ ඇතානම් පුදුම සත්වයෙක් යෝධ බල යෝධ වීර්ය ලැබේවා.!
" සමිඳුනි,අවසරයි යන්නට ගමට මට ... හිමි දළදා වඩා හිඳුවා කරමතට ... බැතියෙන් පිරුණු හදවත ගැන සිතෙන විට ... සමිඳු වැඳන් පින් ලැබ යමි නිවන්ගෙට ... "
අහිංසක සත්තු පයින් ඇවිද්දවනවා. දම්වැල් දාලා ගැට ගහනවා. බැමි කැපිමේ මංගල්‍ය පවත්වනවා. සත්ව හිංසාව උපරිමයෙන්. බුදුහාදරුවෝ මේවා කරන්න එපය ිකියලයි දේහනා කරලා තියෙන්නේ. මොන විකාරද මේ. ලස්සන ගාම්භිර ඇතෙක්. ඌට නිදසසේ ඉන්න දේනනෙ නැහැ.
වෙලාවට මේ ඇතාට කතා කරන්න බැරි. නැත්නම් අහගන්න පුළුවන්
පෙරහැර යන මේ ඇතා ගැන කතා කරන අය හක්ක පටස් නිසා දුක් විඳලා පණ අදින අලි ගැන කතාවක් නෑ. මේ සතා කැැලේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ. මොකද ඇත් දළ දෙක ගන්න මරලා දාලා. තවත් දෙයක් කියන්න කැමැතියි, මතකද රතුපස්වල සිද්ධිය එම සිද්ධියේදී එම ප්‍රදේශයේ වතුර බීමට හෝ නෑමට පවා නුසුදුසු යැයි මිනිසුන් දැනගත්තේ මහනුවර සිට වතුර බවුසර් ගණන් නැදුන්ගමුවට ආව නිසා. සත්වයෙක්ට එච්චර සැලකීමම සත්ව හිංසාවක්ද? මේ ඇතාට ලැබෙන සැප බලන්න.. නැදුන්ගමුවටම ඇවිත් බලන්න. තවද පයින් යායුතු සතෙකු වාහනයක ගෙන යාමම සත්ව හිංසාවක්... එයද මෙම සතා වෙනුවෙන් නොකරයි. ඔහු පාගමනින්ම තම ගමනාන්තයට යයි...