IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරන්නැයි ඉල්ලයි

(රන්ජන් කටුගම්පොළ)

මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදුකළේ අදාළ පනතට එරෙහිව ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගූණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.

දැනට මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් සම්මත කර අවසන් එයට කථානායකවරයාත් අත්සන් කර තිබෙනවා ඊට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය බලයක් නැහැ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ පරිපාලනමය හෝ විධායකයේ ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවී ඇත්නම් පමණි.මෙහිදී එවැනි ක්‍රියාවක් සිදුවී නෑ. ඒ අනුව ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය යටතේ පෙත්සමක් ඉදිරිපත් කරන්න කිසිදු ආකාරයකින් නීතිමය ප්‍රතිපාදන නෑ. තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විසින්ම මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම නීතියට පටහැනියි. එබැවින් මෙම මුලික විරෝධතා පිළිගෙන පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන ඉවත දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය

මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවක් අභියෝග කර නැහැ. කතානායකවරයාගේ ක්‍රියාකලාපයක් පමණයි අභියෝගයට ලක් කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්ණායකයක් අනුව කථානායකවරයා කටයුතු කර නැහැ. මෙම පනතට කතානායකවරයා අත්සන් කරන විට  පාර්ලිමේන්තු වාර අවසාන  වී තිබෙනවා. ඒ අනුව පරිපාලන ක්‍රියාවක් ගණයට වැටෙනවා. එවැනි ක්‍රියාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකියි.ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගන්න අවසර ලබාදෙන ලෙසත් අදාළ සහන ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගන්නවද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශයට පත් කරන  බව දැනුම් දුන්නේය.

 



අදහස් (1)

සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙනම විසි කරන්නැයි ඉල්ලයි

Athula Tuesday, 20 February 2024 08:19 PM

අධීකරණයට මේ කරපු අපහාසයට කවට නායකව හිරේ දාන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site