කිලෝ පනහක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 68 - 85 කින් ද කුකුළු මස් කිලෝවක මිල රුපියල් 30 කින්ද අද මැදියම් රැයේ සිට වැඩිකර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න ගන්න තව ගන්න ණය , පුන්නක්කු නිෂ්පාධනය වැඩිකරන්න (ස)
අනේ තව වැඩිකරන්න. අපිට නම් කමක් නැහැ. මොකද අපි ඡන්දය දුන්නේ සන්ධානයටනේ. (නි)
මේකේ තියෙන විදියට මම හිතුවා අලුත් කුකුල්මස් ජාතියක් කියලා.."සිමෙන්ති කුකුල්මස්" (ස)
නියම සෙල්ලම් දාන්නේ, අය වැයට කලින්ම වැඩ පටන්ගෙන..ආසියාවේ ආශ්චර්‍ය (ස)
මේක කවදද නතර වෙන්නේ (ස)
අප්‍රමාණ සංතෝෂයි (අ)
කාට කියන්නද
අපිත් බලමුකෝ මේ සෙල්ලම් තව කොච්චර කාලෙකටද කියලා (ස)
මරු, මරේ මරු . ස්තූතියි (ස)
හොඳයි (ස)
ඔන්නෙ දැන් අරමුණට ටික ටික කිට්ටු වෙන්නයි යන්නේ. (අ)
මධ්‍යම රාත්‍රියේම මේවා වැඩි කරන්නේ මොකද ? කවුරුත් බඩුගන්නේ නැතිවෙලක් නිසා ද ? :D :D(ස)
ඇතිතරම් වැඩි කරන්න හැබැයි පුන්නක්කු මිලටනම් අතවත් තියන්න එපා(ස)
ඔවු ඉතිං. මෙහෙම කරන්නේ නැතුව බැහැනේ. මැති ඇමතිවරුන්ට වෙන ආදායම් මාර්ගයක් නැහැනේ. (නි)
කුකුල් මස් අනුභවය අඩු කරත් සිමෙන්ති වලට මොනවා කරන්නද? ?? (ස)
ඔය වැඩි වීම මමනම් බලාපොරොත්තු වුණේ මැච් එක දවසෙයි....දිණුවනම් තව ගොඩක් දේවල් වල මිල වැඩි වෙයි...මට හරිම සතුටුයි (ස)
සේරම වැඩි කරන්නේ ටික ටික . එකපාරම වැඩි කරපල්ලකෝ අඩු ගානේ එකපාර මැරෙන්නවත් (ස)
තව ඡන්දය දෙන්න.. ලංකාවෙ මිනිසුන්ට මේවා තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.. (නු)
ලංකාවේ ආශ්චර්‍ය අයවැයට කලින්ම පේනවනේ ලාබේ . අනිච්චා වත සංඛාරා (ස)
අනේ මට තව පාරක් ඡන්දේ දාන්න හිතෙනවා මෙහෙම බඩු මිල වැඩි වෙන්න වැඩි වෙන්න (ස)
දැං ඉතිං සංවර්ධනය කොට උඩ ... සිමෙන්ති ගණන ඇසුවාම එලොව පොල් පේනවා.. ලෝකෙට තියෙන ආශ්චර්යවත් රට ලංකාවයි..!(නු)
බඩු මිල වැඩි නොකර කොහොමද රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්නේ (ස)
ඔහොම යං ඔහොම යං.. අයවැයෙන් රජයේ සේවකයන්ගේ පඩි මොන ක්‍රමයෙන් හරි වැඩි වෙයි.. උද්ඝෝෂණ කරලා හරි වර්ජන කරලා හරි එයාලා ඒවා ලබාගනීවි... පෞද්ගලික අංශයේ පඩි වැඩි කිරීම් ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ.. එයාල ගැන කවුද? කවද්ද? කතා කරන්නේ..!(නු)
18 අවුරුදු වැඩපිලිවෙල මේක (ස)
කාලා හමාරයි..! මෙහෙ ඉදගෙන පුංචි ගේ පොඩ්ඩක් ගැන දකින හීනත් දවසින් දවසම ඈතට යනවා..! (ස)
සිමෙන්ති කවරේ වගේ තව ඉදිරියේදි කුකුල්ලුන්ගේ හමත් වෙනම ගානකින් වැඩි වෙයි වගේ...! සුභ අනාගතයක්..! ජය වේවා..!(නු)
තව ටිකදවසකින් කියාවි කුකුල්මස් කන්න එපා වැඩියෙන් ලෙඩ හැදෙනවා ඒවා කන්නේ ත්‍රස්තවාදියෝ ඒ නිසා එයට වඩා පෝෂ්‍ය ගුණයෙන් වැඩියි පුන්නක්කු ඒවා කන්න පුරුදු වෙන්න කියලා... අහෝ යුද්ධයෙන් පසු රට වැනසෙන හැටි...!(නු)
මේ රට මහ පුදුම ආගාධයක් (ස)
මොහොමඩ් ඔයත් කුකුල්මස් විකුණන කෙනෙක්ද?(නු)
ආ මොහොමඩ් රාජ්‍ය සේවකයන් විතරද මිනිස්සු, ලංකාවේ තව මිනිස්සු නැද්ද?රාජ්‍ය සේවයට තමයි පඩි අඩුවෙන්ම ගෙවිය යුත්තේ ඇයි ඒ ගොල්ලෝ කාර්‍යක්ෂමව වැඩ කරන්නේ නෑ නේ...බිස්නස් එකක් කරන්න බෑ හැම දේකටම බදු බදු...දැන් සිල්ලර කඩ කාරයන්ව කොම්පැනිවල බිල්පත් මගින් බදු අය කරන්න පටන් අරන්.. සල්ලි නැත්නම් හිගා කනව මීට වඩා හොදයි........අනාගතයේ තව තව සෙල්ලම් තියනවා බලන්නකෝ ...පෙට්ට්‍රල්,ඩීසල්,වාහන බද්ද අනිවාර්්‍යයෙන්ම අඩු කරයි ඒක 100%යි....(ස)
සරසවි ඇදුරන් සමග පැවැති මැච් එක ලාංකීය ඇති බහුතර නූගතුන්ගේ අමන්දානන්දයට හේතු වන පරිදි නිමා කරගත් එකේ ජය සමරා ඇත. තවත් ජනතා ජයග්‍රහණයක්..! (පුන්නක්කු මිල වැඩි කරපු දාට තමයි කට්ටිය අපෙන් පාඩම ඉගෙන ගන්නේ) (ස)
කවුරුත් කිසිම දෙයක් කියන්න එපා . විජාතික බලවේග ක්‍රියාත්මක වෙනවලු .......මොනවාහරි කිව්වොත් මේ වෙනුවෙන් (ස)
ස්තූතියි !!! (ස)
අපේ රට ඉතියෝපියාවට සෝමාලියාවට බංගාලිදේශයට ටිකෙන් ටික ලං වේගනයි එන්නේ.. ඔහොම යං..!(නු)
සිමෙන්ති කුකුල්මස් ගාන වැඩිකලා මදි කකුල් මස් අඩුකරන්නයි තියෙන්නේ.. මොකද බත්කන මිනිසුන් ඉන්නවානම් මේ අයට ඡන්දෙ දෙනවාද?(නු)
හරිනේ..... එහෙම නැත්නම් කොහොමද මැති ඇමතිලාගේ පවුල් වලට උවමනාකරන දේවල් දෙන්නේ? දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි ලෝකයේ ආශ්චර්යය කරා ලගා වෙමු..!(නු)
පුන්නක්කු මිල වැඩි උනොත් විතරයි අපිට ප්‍රශ්නේ ...හරිම සතුටුදායක පුවතක් මට (ස)
කුකුල් මස් කීයට ගියත් කෑ ගහන කෙනෙක් නැහැ.. දුප්පතාට ඒක ඉවසා ගෙන ඉන්න සිදුවෙනවා..!(නු)
දැරියගේ ආසාව ඉටුවේ කියන ලිපියල ජනාධිපතිතුමාට බුදුන් දැක නිවන් දකින්න කියා කියපු අය දැං මොනවාද මේ කියන්නේ..!(නු)
කොහොමත් හැම දේක්කම මිල වැඩි කරන්න වෙනවා.. රටේ හැම සම්පතක්ම වගේ පාවිචිච් කලා නෙ....මැතිවරණ සමයේ අයවැයට කලින් ගනන් වැඩි කරහම...අයවැයෙන් වැඩි කරන්න දෙයක් නෑනේ....එතකොට සමහරුන්ට කියන්න පුලුවන් අයවැය හරිම ඉස්තරම් කියල (ස)
සිමෙන්ති කිලෝ එකක් එකයි පනහක් විතර වැඩි වෙන කොට කුකුල් මස් කිලෝ එකක් තිහකින් වැඩි වෙලා. කුකුල් මස් කන්න සල්ලි මදි නිසා. සිමෙන්ති කිලෝ එකක් කාල බඩ පුරවගම්මු.(ස)
ජය වේවා අපේ බුද්ධිමත් දේශප්‍රේමී ජනතාවට (ස)
සිමෙන්ති කාල කුකුල්මස් කන්න (ස)
අනේ මන්ද ඡන්දේ දීපු මට හරිම ලජ්ජයි (අ)
කුකුල් මස් කන්න එපා. බොයිලර් කුකුල් මස් කෑවාම කැන්සර් හැදෙන්න පුලුවන්. මේව අධිරාජ්‍යවිදින්ගෙ කෑම. ඔයා සාලයො වගේ මිල අඩු මාළු ටිකක් අරන් කෑවාම ඉවරයි නෙ. සිමෙන්ති ගන්න බැරිනම් ඔය මැටි වගේ දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. මේකට තමයි නියම දේශීය චින්තනය කියන්නේ (ස)
ආචාර්‍යවරු ගොඩ අපි අනාතයි (ස)
ඒ,බී,සී,ඩී පිළිවෙළට කියාගෙන යද්දී ඊළගට තියෙන අකුර මොකක්ද? (නි)
ඒක හොදයි කුකුලන්ගේ ජීවිත බේරන්න ගත්තු හොද තීරණයක්.. එත් පුන්නක්කු සහ තණකොල වල මිල නම් වැඩි කරන්න එපා.. මොකද අපේ රටේ බහුතර බුද්ධිම්ත් ජනතාව කන්නේ ඒවානනේ..!(නු)
ඩොලර් එක තව පහලට ගේමුද ? (ස)
අපිට හොද අයවැයක් ලැබෙන පාටයි.. මම පුද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයෙක්.. පඩිය රැපියල් 28000ක් විතර ලැබෙනවා.. මගේ පඩිය 40000 කරන්න.. ඊළග ඡන්දෙදිත් මම ඔයාලටම තමා.. අපේ පවුලම කුකුල්මස් කන්නේ නැහැ.. ගෙයක් හදන්න සල්ලි නැහැ.. මම කුලියට ඉන්නේ.. අපේ රජයට ජය වේවා.. විරුද්ධපක්ෂයේ නායක තුමාටත් ජයම වේවා.. කසාය බිව්ව ගොලුවා වගේ ප්‍රතිපත්තිය ගෙනියන්න..!(නු)
තව දෙන්න..... තව දෙන්න... (ස)
කොහොමත් ඉතින් ඉස්සරහට සිමෙන්ති වගේ දෙයක් කාල තමයි බඩ පුරව ගන්න වෙන්නෙ ආයේ බඩගිනි නොඑන්නම (ස)
ජය වේවා ශ්‍රී ලංකා (ස)
කුකුල්මස් අපට කවලා අපේ මුළු චින්තනයම කෑවා..!(නු)
මැච් එක දිනුවනම් වැඩේ බලන්න තිබුණා (ස)
මාර්ග සංවර්දනයට කියා චීනයෙන් සහ ඔපෙක් සංවිදනයෙන් තවත් ණය ලබගන්නයි හදන්නේ, මේවට පොලී ගෙවන්න තවත් බදු මිල වැඩි කරන්න වෙනවා. මෙන්න 2013 බධු මිල සිමෙන්ති කොට්ටය 1300 සීනි කිලෝව 140 හාල් කිලෝව 130 බිත්තර 1ක් 25 කුකුල් මස් කිලෝව 600 අඩුම බස් ගාස්තුව 20 අර 2500 මදි වෙනවා. 2550ක් විතර මාසික වියදමට අවශ්‍ය වේවි මම හිතන්නේ (ස)
ඇත්තටම මේ වැඩි කිරිල්ලේ සීමාවක් නැද්ද?. මට මතකයි ඉස්සර දවසක ඔය 225 දෙනාගෙන් කෙනෙක් ඇහුව මිල වැඩිකරන්න විතරනන් පුලුවන් ආණ්ඩුවක් මොකටද කියල. එහෙනන් දැන්තියෙන්නේ මොකද්ද ?.(ස)
කරුණාකරලා කවුරුහරි කෙනෙක් මට කියනවද දැන් සිමෙන්ති කොට්ටෙක නව මිල කීයද කියලා (ස)
කොයි වෙලාවෙ හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පනිනව. ලිබියාවෙ මිනිස්සුත් අවුරුදු 20 ක් 25 ක් ඉවසලා බැරිම තැන වුණු දේ මුලු ලෝකෙම දැක්කනේ. මෙහෙම ගියොත් නම් ලංකාවෙ ඒ දේ වෙන්න ලිබියාවෙ තරම් කල් යන එකක් නැහැ නේද? එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනව. නමුත් ආණ්ඩුව මීට වඩා තම රටේ මහජනයාට ආදරේ කරුණාව දැක්විය යුතුයි. තමන්ට මනාපය දුන් මිනිස්සුන්ගේ බඩගින්න හඳුනා ගත යුතුයි. නො එසේනම් ආණ්ඩුවට විරුද්දව මුලින්ම ආයුධ අතට ගන්නේ ආණ්ඩුවට පුලුවන් තරම් දර දිය ඇදපු දේශ ප්‍රේමීන් වීම අරුමයක් නොවේ.(ස)
ලග්ගල පල්ලේගම වගා කළ තම තක්කාලි අස්වනු කිලෝ පනස් දහසක් විකුණා ගත නොහැකි වී ඇතැයි ගොවියෝ පවසති. තක්කාලි කිලෝව රුපියල් 1.50 දක්වා පහත වැටී ඇත. මෙවර මහ කන්නයේ මෙම ප්‍රදේශයේ හෙක්ටයාර් 40ක පමණ තක්කාලි වගා කෙරිණි. වියදම් වූ මුදලවත් උපයා ගැනීමට නොහැකිව ගොවීහු දැඩි අසීරු තත්තයට පත්ව සිටිති (ස)
ඔව් රිස්වාන්, මහා බැංකු වාර්තා කියනවා, දල ජාතික ආදයම වැඩිවෙලා ,දල ජාතික නිෂ්පාදිතය වැඩිවෙලා කියල, ඒ ලොකු ලොකු මහත්තුරු පුටු ටික බේරා ගන්න වාර්තාව ලස්සනට හදි. දුප්පතාට තිබු පාන්වත් කන්න බැරිවෙලා තිබෙන්නේ.මොන ඡන්දයක් තිබ්බත් රජය දිනනවා. හේතුව රටේ විපක්ෂයක් නැති නිසා. තිබෙන විපක්ෂයත් ඇතුලේ ප්‍රශ්න ගොඩයිනේ.
රටට අගමැති කෙනෙක් නැහැ.. රට ඒකමතික තීරණ අරගෙන පාලනය වෙනවා.. ජනතාව මෝඩයි.. යුද්දෙට වියදම් උණ සල්ලි ඉතුරුයි නම් ඒ සල්ලි කොහෙද යන්නේ..!(නු)
රටක ඒකාධිපතියෙක් ඉන්නකොට මෙහෙම වෙනවා.. සිම්බාබ්වේ වල රොබට් මුගාබේ ඉන්නකොට මිනිසුන්ට පාන් ගෙඩිය් ගන්නත් ඒ වගේ දෙගුණයක් විතර සල්ලි මිටි ගෙනියන්න වෙනවා අපි දැක්කා.. මේ ඒකාධිපති මුල් අවස්ථාව.. තව ඉස්සරහට හොද හොද සෙල්ලම්.. හොද වෙලාවට ක්‍රිකට් තරගය පැරදුනේ.. නැත්නම් ඉස්රලාම වැඩි කරන්නේ පුන්නක්කු වල මිල..!(නු)
අනේ ඔයාලට තේරෙන්නෙ නැද්ද බඩට කොන්ක්‍රීට් දාගත්තම ආයෙ කෑම මොනවද?(නු)
තව ණය ගමු , පොලියට තව ගමු , රටම විනාස වෙනවා .මෙහෙම ගියොත් ජනතව නොමරා මරාවි.............(ස)
ඔන්න ඉතිං අපි අයවැයෙන් මිල වැඩි කරන්න හිටියේ සිමෙන්තිවලට සහ කුකුල් මස්වලට විතරයි....දැන් ඉතිං අයවැයෙන් ඒකත් වැඩි කරන්නෙ නෑ කියල තීන්දුවක් ගත්තා.......(ස)
ආයුබෝ වේවා !! .................................... !!! (ස)
හිගන රටක ඉපදුනාම මෙහෙම තමා (ස)
හෙට අනිද්දා වෙද්දි ඔය ගානට හුරු වෙනවා කියලා ආණ්ඩුව දන්නවා.. අයවැයෙන් සිමෙන්ති රුපියල් විස්සකින් විතර අඩු කලාම ආණ්ඩුවට නැවත ප්‍රශස්ති කියනවා.. 2003 දී රුපියල් දෙකකින් පෙට්‍රල් වැඩිකලාම මෙහෙම වැඩි කරන්න මොනවටද ආණ්ඩුවක් කියපු අය රුපියල් 50-60 න් තමයි ඒවා වැඩි කරන්නේ..!(නු)
ආසියාවේ ආශ්චර්ය එනවෝ......!!!!!!(ස)
මැච් එක පරාද කරවන්න කටයුතු කර සැමට මාගේ උපහාරය (ස)
අයියෝ ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ . කිලෝ 50 සිමින්ති කවරෙනේ වැඩිවෙන්නේ..සිමින්ති කවරය අපි නොගෙන ඉමු (ස)
මෙහෙමත් රටක් (ස)
අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (අ)
දැන් ඉතින් දුන්න දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්න (අ)
මේ ප්‍රතිචාර රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාර නම් නෙමෙයි.. ආණ්ඩුවට අනිවාර්යයෙන්ම බඩුමිල වැඩිකරන්න වෙනවා.. කරුණාකර බලන්න කොළඹ තියෙන උස ගොඩනැගිලි, අධිවේගී පාරවල් සහ හම්බන්තොට වරාය, ගුවන්තොටුපල, මේවා තැනීමට මුදල් අවශ්‍යයි. අපි ටිකක් ඉවසා ඉමු.. නමුත් රජය බෙහෙමත් මිල හා ඉන්දන මිල වැඩි නොකරයි කියලා විශ්වාස කරනවා. පෞද්ගලික අංශයට විතරක් පඩි වැඩිවීමක් දෙන්න.. රජයේ සේවකයන්ට වරප්‍රසාද වැඩියෙන් ලබා දෙන්න. විශ්‍රාමිකයන්ට සුළු ගානක් දුන්නොත් හොදයි.. ප්‍රවාහන හා ආහාර ගාස්තු අඩුකරන්න.. (නු)
හිතේ දුකට ගැයෙන ගී නොදැක ඉන්න බෑ කුකුල් මස් නොලද ඉන්න බෑ සිමෙන්ති දෙකම නැතිව බෑ මගෙ ආදරේ..!(නු)
නන්දන පනාගොඩ, ඔයා ලියපු එක තවත් රසවත් මෙහෙම ලිව්වොත් ආසියාවේ ආශ්චර්ය එනවෝ පුළුන් අයෙක් වෙන රටකට යන්නෝ (අ)
අපිටම දුකයි ;අපි ගැන.මොනවා කරන්නද?බලාගෙන ඉන්නවා මිස; (අ)
මේ ඒකාධිපති මුල් අවස්ථාව. තව ඉස්සරහට හොද හොද සෙල්ලම්. හොද වෙලාවට ක්‍රිකට් තරගය පැරදුනේ. නැත්නම් ඉස්සෙල්ලාම වැඩි කරන්නේ පුන්නක්කු වල මිල. කොයි වෙලාවෙ හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව පනිනවා.ලිබියාවෙ මිනිස්සුත් අවුරුදු 20 ක් 25 ක් ඉවසලා බැරිම තැන වුණු දේ මුලු ලෝකෙම දැක්කනේ. මෙහෙම ගියොත් නම් ලංකාවෙ ඒ දේ වෙන්න ලිබියාවෙ තරම් කල් යන එකක් නැහැ නේද? එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. නමුත් ආණ්ඩුව මීට වඩා තම රටේ මහජනයාට ආදරේ කරුණාව දැක්විය යුතුයි. තමන්ට මනාපය දුන් මිනිස්සුන්ගේ බඩගින්න හඳුනා ගත යුතුයි. නො එසේනම් ආණ්ඩුවට විරුද්දව මුලින්ම ආයුධ අතට ගන්නේ ආණ්ඩුවට පුලුවන් තරම් දර දිය ඇදපු දේශප්‍රේමීන් වීම අරුමයක් නොවේ. (නි)
කුකුල්මස් දුප්පතුන්ගේ ශරීරයට අහිතකර වෙන්නට පුළුවං..!(නු)
ක්‍රිකට් තරගය පැරදුනා කියලා සහහර අය සියදිවි හානි කරගත්තා කියලා මට ආරංචි උනා.. මම නම් එදා ඉදලාම හිතුවෙ තරගය පරදින්න කියලා.. සමස්ත දුක් විදින ජයතාවම වෙනුවෙන්..!(නු)
මෙම වැඩිවීමෙන් ප්‍රාණඝාත අඩුවීමත් දේශීය නිෂ්පාදන දියුණු වීමත් සිදුවේ..!(නු)
පිලිපීනයේ පොලේ ගිහිං අරන් යන එළවළු මල්ල උස්සන් දුවන්නේ කුඩා දරුවන්.. ඒ බඩගින්න ඉවසාගන්න බැරි කමටයි.. අපේ රටෙත් හොරු දැං වේගයෙන් බෝවෙනවා.. අපිත් දැං ස්වාසිලන්තයට ලගයි වගේ...!(නු)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.. රජය අපහසු තාවයට පත්කරන්න හිතා මතාම කරපු කුමන්ත්‍රණයක්.. තවමත් කොටි හොල්මන් කරනවා.. (නු)
මට හැගෙන විදිහටනන් මෙයාලට දුප්පතාගේ දුක පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ. එක පැත්තක තක්කාලි විකුන ගන්න බැරිව ගොවියෝ පස් කනවා. මේ පැත්තෙ මිල වැඩිකරගන යනවා. අය වැයෙන් මොනවා ලැබෙයි ද . බලන් ඉන්න. මොනව උනත් ඇමතිවරුනන් 2,500න් හොදට කාල බීල ඈදල ඉන්නවා. අපිට තමයි ඒකත් බැරි. (අ)
මම නම් මීට පස්සේ කරන්නේ ලස්සන කුකුලෙක් ඉන්න ඡායාරූපයක් බිත්තියෙ ගහලා ඒක දිහා බලාගෙන තියෙන දෙයක් එක්ක බත් කනවා..!(නු)
සේනක හිගන රටක් බවට රට පත්කලේ එදා මෙදා තුර රට කරවපු අයයි. එයාල එයාලගේ මඩිය තර කරගන්න බලනව මිසක් රට ගැනවත් රටේ ජනතාව ගැනවත් බලන්නේ නෑ. (අ)
මමත් මේ රටේ ඉන්න එකෙක් , මමත් ණයක් අරන් හැදුව ගෙයක්, මොකද පඩියෙන් ගෙවල් හදන්න බෑ කියල අපි කවුරුත් දන්නවනේ. බැංකුවෙන් ලියුමක් ආව දැන් ලංකාවේ මහ බැංකුව කියන විදිහට ණය පොළී අනුපාතය වැඩි කරලා තව XXXX ගානක් (මහ ලොකු ගානක්) අමතරව මාසෙට ගෙවන්න කියල. කොහේ කරන්න ද? මම අන්තිමට කරන හිටිය රස්සාව දාල, පොඩි එවුන් ටික ගෙදර දාල විදේශ රටකට ආව සල්ලි ටිකක් හොයන් එන්නම් නැත්තම් ජීවත් වෙන්න වත් බෑ කියල තේරුණා නිසා. දැන් එන්න එන්න ම බඩු හැම එකක් ම මිල වැඩි කරල නේ. මම මේ අද නිවාඩු දවසේ ලංකාදීප බල බල ඉන්නේ, මට හැමදාම මෙහෙ ඉන්න වෙයි ද දන්නේ නෑ පොඩි උන්ට කන්න වත් දෙන්න සල්ලි හොයන්න. අනේ එහෙම නම් වෙන්න එපා. දැන් වැඩි කරන එව්වා අය වැයෙන් අඩු කරලවත් දාන්න කියල මම මේ ප්‍රාර්ථනා කරන්නේ. (අ)
කල්‍යාණ තේරෙන්නේ නැද්ද යුද්දෙට වියදම් කළ සල්ලි දැං සුද්දෙ දෙනවා.. ඒ වියදම් යුද්දෙට වඩා වැඩියි....(නු)
අඩන්න එපා ලංකාවෙ බඩු ගනන් අඩුයි.. මම වැඩකරන්නේ යුරෝපයේ රටක.. පිරිමහලා ජීවත් වෙන්න පුරුදු වෙන්න.. එළවළු කන්න.. රතුහාල් බත් කන්න.. කන්කුං මුගුණුඇණ්න වැනි පලාවර්ග කන්න කොච්චර ගණන් අඩුද? කුකුල් මස් සල්ලි තියෙන මිනිස්සු කයි.. ඒවා නැතිව මැරෙන්නේ නැහැ දුප්පත් අය.. බොරුවට ආණ්ඩුවට නම් බනින්නෙපා..!(නු)
මට ජපානෙ ඉන්න යාළුවෙක් කිව්වා එහෙ සිමෙන්ති කොට්ටයක් යෙන් 300ක් කියලා.. ඒ කියන්නේ රුපියල් 750ක් විතර.. ඉහළම ආදාම් ලබන රටක වෙලත් මිල අඩුකම.. අපේ රටේ මිනිසුත් ඒ තරම් ආදායමක් ලබනවාද?(නු)
අයියෝ පොඩ්ඩක් ඉන්න ආයෙමත් ඡන්දයක් ළග එනකොට අඩු කරලා දේවි.. ඡන්දය දිනලා අයෙත් ගණන් උස්සනකම්.. ඕත තමයි සිද්ධාන්තය..!(නු)
අර දැරිවියත් එක්ක ඉන්න පින්තූරයෙන් පස්සේ තමයි මේ ඔක්කොම උනේ..!(නු)
බඩු මිල වැඩි නොකර කොහොමද? (නු)
ගෙයක් හදන්න බැරිනම් කන්න විදියක් නැතිනම් බෝට්ටුකින් හෝ ඕස්ට්‍රේලියාවට පනින එක තමයි හොද...(නු)
පිටරටවලට බෝට්ටුවෙන් පනින ලාංකිකයෝ තව තවත් වැඩි වෙයි මේ විදිය ගියොත්... රටවල් වල ඉන්න අපටත් ලංකාවට එන එක සිහිනයක්.. ගෙයක් හදාගන්න බැරිනම් ඇවිත් කන්න විදියක් නැතිනම් අපිත් මෙහෙටම නාකි වේවි..!(නු)
යාළුවනේ දැං කරන්න තියෙන්නෙ කොහොම හරි සිමෙන්ති කිලෝ එකක් අරගෙන බඩට කොන්ක්‍රීට් එකක් දාගෙන ගල් ලෙනක ජීවත් වෙන එක.. දුප්පත් මිනිහට දෙවියන්ගේම පිහිටයි..!(නු)
මිනිස්සුන්ට ගෙයක් දොරක් හදා ගන්න පුලුවන්ද සිමෙන්ති මේ විධියට මිල වැඩි කළාම? වැලි වලටත් විශාල වියදමක් කරන්න වෙලා තියෙද්දී. කෝ අර පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කරල දැන් නිවාස හා ඉදිකිරීම් බාර ගෙන ඉන්න කෙනා? එයාට සද්ද නැතුව ඉන්න පුලුවන්ද අපිට මේ වගේ විනාසයක් වෙන්න යද්දී? අපි කියන්නෙ මෙන්න මේවා තමයි කෑ ගහල නවත්තන්න ඕනි දේවල්..!(නු)
එළවළු කාලා මැටියෙන් ගෙයක් හදාගෙන ඉමු.. ඉතාම පහසුයි.. (නු)
විපක්ෂය එකමුතු වෙනකම් බඩු මිල රජය යටතේ පාලනය වෙනවා.. විපක්ෂය වග කිව යුතුයි..!(නු)
අපේ ආණ්ඩුව රැක ගනිමු.. බඩුමිල වැඩියි කියන්නේ කම්මැලියෝ රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න එපා.. කොළඹ බලන්න හෝටල් හදනවා.. තට්ටු ගෙවල් හදනවා.. ෆෝමියුලා ධාවන පත හදනවා.. අධිවේගී මාර්ග, වරාය, අලුත් ගුවන් තොටුපලක්, හැම අතින්ම හොදයි.. එකම අඩුපාඩුවක් තියෙන්නේ බෙහෙත් මිල වැඩියි.. ළමයන්ගේ වියකම් වැඩිය.. කරුණාකර පෞද්ගලික අංශයට වැටුප ටිකක් වැඩිකළොත් හොදයි.. බඩු වැඩිකලාට අපි විරුද්ධ නැහැ.. රජයට රට දියුණු කිරීමට මුදල් අවශ්‍යයි... ඉවසමු.. (නු)
තියෙන අය කයි.. නැති අය දොයි..!(නු)
මම කල්පනා කරන්නේ යුද්ධය අවසන් වෙලත් ඇයි අපිට අඩුවට බඩු ලංකාවෙ දෙන්න බැරි..? යුද්දෙදි හම්බ උන රත්තරං ටිකවත් මේවෙලාවෙදි විකුණලා මහජනයාට සහනයක් දෙන්න බැරි ඇයි?(නු)
ආයෙ ඡන්දෙ ඉල්ලන්න එන්නේ නැතැයි.. මේකද රටේ සංවර්ධණය.. මේ පටන් ගත්තා විතරයි.. තව ඉස්සරහට...(නු)
සම්පත් ,පීටරට පඩීය ලනකාවෙ සල්ලි වලින් බලනකෙට බඩු අඩු තමයි.ඒත් ලනකාවෙ පඩී ගන්න අය කෙහමද ජිවත් වෙන්නෙ.(නු)
සිමෙන්ති ටිකක් අරගෙන බඩට කොන්ක්‍රීට් දාගන්න තියෙන්නේ..!(නු)
හැමදේම වෙන්නෙ හොඳට නේ’ මේ ටිකත් ඉවසන්න’...(නු)
ලෝකයේ ධනවත්ම රටක් වන සෞදි අරාබියෙ සිමෙන්ති කොට්ටයක මිල ලංකා රුපියල් 500ක් විතර ඇත.. ග්රූම් 1300ක කුකුලෙක් රුපියල් 400යි.. අපේ රටට මොකද වෙලා තියෙන්නේ..!(නු)
බඩුමිල හැමදාම එක ගානට තියන්න බෑ. බඩු ගනන් වැඩි වුණාට කමක් නෑ, ඒ වගේම මිනිස්සුන්ගේ පඩිත් වැඩි වෙනවානම්ග
ගාණ වැඩිවුණ නිසා ඉතාලියේ ඉන්න වෙන්නප්පු කුකුළන් ටික දැන් ආපහු ලංකාවට පනීවි. (නි)
තව ඡන්දය දෙන්නකෝ. (නි)
මට අපේ රට ගැන කණගාටුයි. (නි)
රුපියල් තිහයිනේ..!(නු)
අයියෝ සල්ලි
කලබල වෙන්න දෙයක් නැහැ. තණකොළ වල මිළ වැඩිකළේ නැහැනේ. (නි)
එල්ලලා මරන්න එපැයි. (නි)
මේ මිළ වැඩි වීඹ හොදයි.(නදී)
දැන් ඉතින් කිරිමැටි වලින් ගෙවල් හදමු.(නදී)
වෙනද ප්‍රතිචාර දක්වන රටට ආදරේ දේශප්‍රේමී කට්ටිය කොහෙද?
අනේ ආණ්ඩුවට බණින්න එපා. ඊළග පාරත් ඡන්දය දෙන්න. එතකොට හරියයි. (නි)
ඔහොම යං ඔහොම යං. ආශ්චර්‍යය දැන් ළගයි. (නි)
ඔහොම ගියොත් නම් ලංකාවේ ජීවත් වෙන්න බැහැ. (නි)
ලංකාවේ දැන් හැම දෙයක්ම ආශ්චර්‍යක් වෙලා .බඩුමිල වැඩි වීමත් එහෙම තමයි (ස)
ප්‍රාණ ඝාතයට එරෙහි අය මේ ගැන සතුටුවිය යුතුයි (නි)
ඕවා කන්න හොද නැහැ. 'සිමෙන්ති කුකුල් මස්' (නි)
බොහොම හොඳයි තව වැඩි කරන්න (ස)
මේ ශිෂ්ටාචාරය ඉක්මණින් විනාශ වෙන්නයි යන්නේ...