ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කරනු ලැබ සිටී.
යෞවන කටයුතු ,ප්‍රවෘත්ති ,කර්මාන්ත විදේශ කටයුතු යන අමාත්‍යංශ ගණනාවක ඉහළම තනතුරු දැරූ ඒකනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යා ගෞරව උපාධිධරයෙකි.
මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙසත් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු ලෙසත් සේවය කර ඇති ඒකනායක මහතා එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිවාස වැඩපිළිවෙළෙහි ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස නව තනතුර බාරගන්නා තෙක්ම කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වන එන් වී කේ කේ වේරගොඩ මහතා අග්‍රාමාත්‍ය උපදේශක ලෙස පත් කරනු ලැබ සිටී.
එක්සත් ජාතික පෙරමුණු රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස කටයුතු කළ වේරගොඩ මහතා එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් තනතුරද හෙබැවීය.
2025 දෙසැම්බර් මස 16
33
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමන් ඒකනායක අගමැති ලේකම්
ඊ.එම්.ජී ඒකනායක Sunday, 18 January 2015 03:50 AM
සුදුස්සාට නියම තැන හමුවි ඇත. මාගේ උණුසුම් සුභ පැතුම් (නදී)
ලාල් Sunday, 11 January 2015 02:46 PM
ඔහු මෙම තනතුරට සුදුසුම පුද්ගලයාය. (නි)
තිලක් අබයවර්ධන - එංගලන්තය Thursday, 15 January 2015 08:26 AM
ඔබට ආසිරි පැතුම්.! පිළිගැනීමක් ඇති පුද්ගලයකුට නියම තනතුර දී ඇත.! (ර)