(ඩයනා උදයංගනී)
රටක පවතින සෑම බැංකුවක්ම මහ බැංකුව යටතේ පැවතිය යුතු බවත්, එසේ නොමැති සමෘද්ධි බැංකුව සක්විති රණසිංහගේ මූල්‍ය ආයතනය බඳු එකක් බවත් සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සක්විති රණසිංහ මහතාගේ මූල්‍ය ආයතනය මහ බැංකුව යටතේ නොපැවතීම හේතුවෙන් පසුගිය කාලයේ විශාල ගැටලූවක් ඇතිවූ බව කී සේනාරත්න මහතා රජය යටතේ ද එවැනිම බැංකුවක් තිබී ඇති බව කියා සිටියේය.
මහ බැංකුව යටතේ නොපවතින මෙම සමෘද්ධි බැංකුවේ වංචා දුෂණ සිදුව ඇත්ද යන්න ඉදිරියේදී සොයා බලන බව ද ඇමැතිවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඇමැතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගන්නා බවට අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. රජය ඒ ගැන ස්ථාවරයකට පැමිණ තිබෙනවාද?
පිළිතුර
ලෝකේ ඕනෑම රටක හැම බැංකුවක්ම මහ බැංකුව යටතේ තිබිය යුතුයි. නමුත් එස්.බී දිසානායක ඇමැතිතුමා මහ බැංකුව යටතේ නැති සුවිශේෂි බැංකුවක් පිහිටුවා තිබෙනවා. එය හරියට සක්විතිගේ බැංකුව වගේයි. ඒ කාලේ තිබුණු ලොකුම ගැටලූව සක්විතිගේ ව්‍යාපාරය මහ බැංකුව යටතේ නොතිබීමයි. දැන් බලද්දී ආණ්ඩුවෙත් ඒ ජාතියේ එකක් තිබෙනවා.
ප‍්‍රශ්නය
මෙය මහ බැංකුව යටතට නොගෙන ක්‍ෂුද්‍ර මූල්‍ය යටතේ පාලනය කළ හැකියි නේද?
පිළිතුර
ක්‍ෂුද්‍ර මූල්‍ය පනත යටතේ කවුද ඒ ගැන බලන්නේ. එවැනි ආයතනයක් නැහැ. පාලනයට ආයතනයකට දිය යුතුයි. අඩුම වශයෙන් බැංකුවේ පරිපාලනය නිසි ලෙස වෙනවාද යන්න සොයා බැලිය යුතුයි.
ප‍්‍රශ්නය
එහි වංචාවක් වී තිබෙනවාද?
පිළිතුර
ඒ ගැන සොයාගෙන යනවා.
ප‍්‍රශ්නය
මේවා මතක් වෙන්නේ ඇමැතිවරයා ගිය පසුවද?
පිළිතුර
ඇමැතිවරයා සිටින විට එහි කවුරුත් අඩුපාඩු ගැන කතා කරන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්.බී. මේක පුද්ගලික බැංකුවක් කියලා හිතාගෙන සමහරවිට වැඩ කරන්න ඇති. නමුත් රටක ඇති සෑම බැංකුවක්ම මහ බැංකුවේ පාලනයට නතු විය යුතු බව ඕන කෙනෙකුට තේරෙන්න ඕනෑ.
සක්විතිලා රජ කරපු කාලේ ඔබතුමාත් යුව රජෙක් හැටියට හිටියා නේද කියාලා අපිටත් මතක තියෙනවා. නියම කාලෙට පනින පැත්ත හොඳින් දන්නා නිසා හොඳයි නේද?
මහ බැංකුව ගිල්ලා වගේ මේකත් ගිලින්න එතකොට වැඩේ ඉවරයි.
එතකොට මහ බැංකුව තිබිය යුත්තේ අගමැතිටද මුදල් ඇමතිටද ?
ඇමතිවරයා ඉන්නකොට වැරදි හොයන්නේ නැතිලු. එහෙම නම් සෞඛ්‍ය ඇමති ගියාමත් හොඳ ඒවා එලියට එවි.
මහ බැංකුවට වැඩේ දුන්නා වගේ සමෘද්ධි බැංකුවටත් වැඩේ දෙනකම් මෙයාලට නින්ද යන්නේ නෑ වගේ....................
එතකොට ඊ.ටී.අයි එක සම්බන්ද ප්‍රශ්නෙදි මහා බැකුව වග කිව යුතුය !!!!!
හොරා කාපුවා මදි නිසාද ? එකත් කන්න හදන්නේ .දුප්පතාට මයි හැම අමන වැඩක්ම කරන්නේ . තව කවුරු හරි ඉන්නවද ? පොහොසත් කරන්න . මහබැංකුවත් සුද්ද කරන්නේ . මහා හිගන්නෝ ජාතියක් . හිගන දේශපාලුවෝ . දේශපාලනය නොකර හිගා කෑවනම් ඔයිට නම්බුයි .
මේ තැනැත්තා මේ රට කනවා.