සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට ගැනීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමෘද්ධි බැංකුව කිසිවකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයක් බවත්, සමෘද්ධි බැංකුව පාලනය කිරීමට රෙගුලාසියක් නැති බවත්, එම නිසා මේ ගැන සොයා බලා එය මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස උපදෙස් දුන් බවත් අගමැතිවරයා කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ මැයි දින සමැරුම් උත්සවයට සහභාගී වෙමිනි. එජාප මැයි දින රැලිය අද පැවැතියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කීවේය.
‘‘ සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට අපට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදයක් වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කර තිබෙනවා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුලූ මුදලින් 53% ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට සිදුවූයේ කුමක්ද? එම නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ අමාත්‍යාංශයටත් මම එහි කටයුතු බාර දුන්නා.
සමෘද්ධි බැංකුව කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයක්. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිඳු රෙගුලාසියක් ඇත්තේ නැහැ. එම නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මම උපදෙස් ලබාදුන්නා. රටේ අනෙකුත් සියලූම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලූවක්. එම නිසා ඉදිරියේ දී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මම මේ අවස්ථාවේ ඔබට පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස සිදු කරන බවත් පැවසිය යුතුයි. ‘‘
ඡායාරූප ශාන්ත රත්නායක










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවට වුනු දේ මතක්වෙනවා.
දෙයියන්ගේම පිහිටයි !!!
මහබැංකුවට ඇඩ්රස් නැතිවෙන්න දුන්න වගේ.. සමෘද්ධි බැංකුවටත් හිටිය තැන හොයාගන්නත් බැරිවෙයි වගේ...
එ්කටත් ඉතින් අබ සරණයි.
දැන් පේනවද සමෘද්ධි බැංකුවේ වංචාව මහාබැංකු එකටත් වැඩි බව..? මාස තුනකදී බිලියන 13 (53%) ක් වියදම් කලේ කාගෙන් අහලද? පට්ට හොරුන්ගේ දෙවැනි ඉනිම...! ඉතින් අගමැතිතුමා ගත්ත පියවර වැරදිද? එහෙම මිනිස්සුන්ගේ සල්ලි එක්ක ඕනේ විදියට නටන්න බෑ.
සමෘද්ධි බැංකුවටත් වෙන්නේ , මහ බැංකුවට වෙච්ච දේ තමා.
ඊලඟ රොබරිය දෙන්නයි යන්නෙ...
ජොබ් එක දුන්න ගමන්ම සජිත්ගේ තටු කපන්නයි මේ ප්ලෑන් එක.
වෙහෙර ගිල්ල කෙනාට අග්ගලාව කජ්ජක් කිව්වලු.
ඒකට නම් විදින්න එපා. එව්වා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. හරියට පන්සලේ පින්කැටේ කැඩුවා වගේ. ගිය ආත්මේ පින්කැට කඩලා මේ ආත්මේ විඳින දුක පෙනෙනවානේ නේද?
ශ්‍රී ලංකාවේ වානිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු හා අවසරලත් මූල්‍ය සමාගම් නීතියෙන්ම නියාමනය අධීක්ෂණය කෙරෙන්නේ මහ බැංකුව යටතේ. ඒත් එම අධීක්ෂණයට පිටින් සමෘද්ධි බැංකු පවතිනවා කියන්නෙ අවදානම් කළමනාකරණය හා තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව අවදානමේ කියන එක. අදටත් මේ බැංකුවල මෙහෙයුම් කටයුතු ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. මේවා බලපත්‍රලාභී විශේෂිත ගණයට ඇතුළත් කර ගන්න පුළුවන්, නවීකරණයන් ගණනාවක් කරාට පස්සේ.
ඒ කටත් තට්ටු කරන්ට වගේ.?
S B නම් බොහොම කලබල වෙලා මේකට , මොකද දන්නෙ නෑ...
සමෘද්ධි බැංකුව කිසිවකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයක් නම් එය කාගේ හෝ යටතට පත් කිරීම වරදක් නොවෙයි.
අර්ජුන මහේන්ද්‍රන් හරි අර්ජුන ඇලෝසියස් හරි, ඒකෙ ලොක්ක කළොත් හොඳ නැත්ද?
එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන නව පිබිදීම, එකමුතුකම ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගනිමින් විශේෂයෙන්ම පක්ෂ නායකයාව ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාම පක්ෂයේ සියලුදෙනාගේම ඒකායන වග කීම විය යුතුය. ජාතික රජය පිහිටුවා ගනිමින් රටේ ස්ථාවර බවක් ගොඩනැගීම මගින් ජාත්‍යන්තර ලංකාව ට තිබු අපකීර්තිය සහ ලංකාවට නොලැබී ගිය බොහෝදේ නැවත ලබාගැනීමට හැකිවිය. පසුගිය වසර 3 තුල අගමැතිවරයාගේ නොපසුබස්නා උත්සාහය සහ කැපවිමතුල ඒ සියල්ල ලංකාවට යලි ලබා ගැනීමට හැකිවීම ගැන අගමැතිවරයාව සියලු ශ්‍රී ලාංකිකයන් විසින් අගයකල යුතුය. ඇතුලේ දේ ඇතුලේ කතා කර විසදගන්නවා මිස ජනමාද්‍ය වලට VOICE CUT දීමෙන් වැලකි සිටීම පක්ෂයේ සිටින සියලු මන්තිවරුන්ගෙන් ඉල්ලා සිටිමි.
ලිබිරියව ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක්. (ඩයමන්ඩ් වලින්) බලයට පත් හැම නායකයාම එම සම්පත් කොල්ල කාලා මුදල් පිටරට බැංකුවල තැන්පත් කලා. ලංකාවේ ඉන්න පාලකයොත් කරන්නේ ඔය ටිකමනේ. දුප්පත් අපිට හුලන් .
ලේ බැංකුවට විතරයි තාම වැඩක් දුන්නේ නැත්තේ.
මම එජාප ප්‍රතිපත්ති අනුමත කරන්නේ නැත. නමුත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කිරීම අනුමත කරනවා. මොකද 2020දී මේ ගොල්ලන්ව ඇපලෝ එකෙන් අභ්‍යවකාශයට විසිකළා වගේ නැවත නොඑන්න. අපි විසිකළාම සමෘධියට ඇහැ ගහගෙන ලෝකයෙක් එහා පැත්තේ ඉන්නවා. මිනිහට චාන්ස් එකක් නොදෙන්න මේ වැඩේ කරන එක හොඳයි.
සමෘධි බැංකුවේ ගිණුම් හිමියනි, ඔබේ මුදල් වෙන බැංකුවකට මාරු කිරීමට කාලය පැමිණ ඇත.
අගමැතිට මහබැංකුවේ ගහපු රස අමතක කරන්නම බැහැ වගේ... දැන් සමෘධියත් රස බලන්න යනවා වගේ...
සමෘද්ධි බැංකුව මහා බැංකුවේ අධීක්ෂණයට ගැනීම නිවැරදියි.
සමෘද්ධි බැංකුව මහබැංකුවේ අධීක්ෂණයට ගැනීම නිවැරදියි. ප්රශ්නය වී ඇත්තේ අද මහ බැංකුවේ ක්‍රියා කලාපය පිළිබඳව මහජන විශ්වාසනීයත්වය බිඳ වැටී තිබීමයි. ඒ පිළිබඳව වර්තමාන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි.
සමෘද්ධි බැංකුව මහා බැංකුවේ අධීක්ෂණයට ගැනීම නිවැරදියි. ප්රශ්නය වී ඇත්තේ අද මහා බැංකුවේ ක්‍රියා කලාපය පිළිබඳව මහජන විශ්වසනීයත්වය බිඳ වැටී තිබීමයි.