සමෘද්ධි ප්‍රජා මුලික බැංකු මඟින් අඩු ආදායම් පවුල් වෙත ලබා දුන් රුපියල් ලක්ෂයක ණය සහනාධාරය නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා විසින් දේශපාලන හිතවතුන්ට පමණක් ලබා දෙන බව පවසමින් කළ පැමිණිල්ල වහා විමර්ශනය කරන ලෙසට මුල්‍ය වංචා විමර්ශන ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් එච්.සුමතිපාල, පොලිස්පති , මුල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ,අගමැති රනිල් වික්‍රමසිංහ , කැබිනට් අමාත්‍ය මණ්ඩලය හා නිතිපතිවරයා වගඋත්තරකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ජීවත්වෙන්නේ හම්ඹන්තොට පළාතේ ඔය කතාව සම්පූර්ණ ඇත්ත.(හේ)
හැමෝටම 50,000- 100000 ගානේ දෙන්න මෙයාට සල්ලි කොහෙන්ද කියලා කවුරුත් බලන්නේ නැද්ද?(හේ)
පාලිත ලක්සිරි මහත්තයෝ. කතාව ඇත්ත වෙන්නම ඕන තමයි. මොකද හම්බන්තොට ඉන්නේ දුප්පත් මිනිස්සු බහුතරයක්.(හේ)
ෂ්ෂ්ෂ්ෂ් සද්ද කරන්න එපා යහපලනයනේ (බ)
බැසිල් දීපු හැටි අපි දැක්කනේ. දිවි නැගුමේ වැඩ කරන අය දන්නවා කොහොම හොර ගුහාවක්ද කියලා සමෘද්ධිය. ඔය ජගත් හිටිය විදියයි අද ඉන්න විදියයි දිහා බැලුවම ඕන එකෙක්ට තේරෙනවා කොහොමද සමෘද්ධිය ගසා කෑවේ කියලා (ම)
මේ කතාව සම්පුර්ණ ඇත්ත. මෙයා ගමක් ගමක් ගානේ ගිහිල්ලා පොඩි පොඩි දේශපාලන හමු තියාලා පාක්ෂිකයන්ට පමණක් මේ සල්ලි දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් මේ බව දන්නවා. මෙයා කෑගහන්නේ හම්බන්තොට විතරනේ. (ස)
පසුගිය කාලයේ රජයේ මුදල් වලින් දේශපාලකයෝ ත්‍රි රෝද රථවලට මීටර් හයිකළා නේද ? (බ)
තාත්ත හම්බ කරපු සල්ලි ඇතිවෙන්න තියෙනවා "පින්" අතේ වැඩ කරන්න.(බ)
කොහොමත් ප්‍රේමදාසලා කියන්නේ මේ රට බලය වෙනුවෙන් විනාශ කළ පිරිසක්.පොලිසියේ 700 ක් කොටින්ට බිලිදීම ගැනම හිතන්න. ඒ වගේම රනිල්ලා මේ රටට එදා ඉඳලා කළේ විනාශයයි.අත්තනෝමතික ලෙස කටයුතු කරන පිරිසක්.(බ)
යහපාලන අච්චාරුව ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් 62% ක් ගණිතය අසමත් (උදා;- කෙරවලපිටිය අධිවේගී මාර්ගය සහ මහ බැංකු බැදුම්කර වංචාව) (බ)
වෙන ලොකු වැඩපු කෙනාට ඕකත් කජ්ජක්ද (බ)