දින 70ක් තිස්සේ වර්ජනයේ යෙදී සිටින සරසවි ඇදුරන්ට සහය දැක්වීම සඳහා අද කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයන්ගේ වාහන රෝදවලට ඇණ සහිත ලී කැබලි තබා තිබූ බව වෘත්තීය සමිති නායකයෝ කියති.
සමුළුව අවසන්වී නැවත වාහන තිබූ ස්ථානයට එද්දී යකඩ ඇණ සහිත පොලු තබා තිබූ බව දුටු බවත්, ඇතම් නියෝජිතයන්ගේ වාහන රෝදවලට ඒ මගින් හානි සිදුවූ බවත්, මෙම සංවිධානාත්මක ක්‍රියාව දැඩි පිළිකුලෙන් හෙලා දකින බවත් වෘත්තිය සමිති නායකයෝ පවසති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් එකට ඇණ තියලා තියෙන්නේ කාර් එක යන පැත්තට නෙමෙයි. පිටිපස්සට. (නි)
මේ පාර ඇණ තියෙයි. ඊළග පාර ටයර් ගැළවෙයි. ජනතාව අප සමගයි. (නි)
මේවා හොද වැඩ. ඇණ තියලා මදි. උල තියන්නයි වටින්නේ. (නි)
අනේ අනේ..!(නු)
අසු ගණන් වල අග හරියේදී රට කරවපු අය හිතුවේ අපි සදා කාලිකයි. කාටවත් අපි බය නැහැ. වර්ජන අපට ප්‍රශ්න නොවේ ආදී වශයෙන් උනත් අන්තිමේදී ජනතා බලය හමුවේ අසරණ උන හැටි අපට මතකයි. මේ ප්‍රශ්නයේදී දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව රටේ අනාගතය ගැන හිතල ඉක්මනින් විසදුමක් දීම බලධාරීන්ගේ යුතුකමයි. විසඳුමක් නොදී හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමේ පලවිපාක අප අතීතයේද දැක ඇත. එබැවින් පලකයෙනි උඩඟු නොවී පහලට බැස විසඳුමක් දෙන්න. (දී)
සටන අත්හරින්න එපා. ඇණ තිබුණට බය වෙන්න එපා. දිගටම කරගෙන යන්න. (නි)
උදේ හවස වැඳලා පුදලා සියලුම පින්දහම් කරලා ඉවරවෙලා ඊළඟට ඇවිල්ලා මේ වගේ දේවල් තමයි කරන්නේ. විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳන්න අපූරුම ක්‍රමය. අපි සියලු දෙනාටම සුභ අනාගතයක්! (නි)
ආචාර්ය වරුන්ගේ ගැටළුවට විසදුමක් දෙන්න කෙනෙක් නැද්ද ? ඒවා ඔක්කොම සාධාරණ ප්‍රශ්න...(ස)
දැන් වාහන කොට උඩ
ලජ්ජා ඇතිනම් නැවත එන්නේ නැහැ
හොද පාඩමක් ඉගෙන ගනී
හොද වැඩේ
මේවා කරන අයටත් රෝද උඩින් ගමන් යන්න දවසක් එයිනේ. (නි)
අන්න එහෙම තමයි කරන්න ඕනේ
අයියෝ සල්ලි
ගහනවට මරනවට වඩා මේ වගේ වැඩ කමක් නැහැ (දී)
නිදහස් අධ්‍යාපනය සහිත රටක දේශපාලකයින් හැරෙන්නට අනෙක් අයට සාපේක්ෂව, ඔබට ලැබෙන වරප්‍රසාද ප්‍රමාණවත් බව මාගේ හැගීමයි. (නි)
අධ්‍යාපනයක් නැති රටක් දියුණු වෙලත් නෑ. දියුණු වෙන්නෙත් නෑ. එක නැති රටක් මගේ ළමයින්ට එපා. මම ආචාර්යවරුන් සමග 100% එකඟයි. (දී)
වෘත්තීය සමිති නායකයන් කියන්නේ ඇස් නොපෙනෙන අය වෙන්නැති; මේවගේ ඇන නොපෙනෙන්න? (දී)
අපේ දේශප්‍රේමී දේශමාමක ජනතාවට බුදුම සරණයි. (ස)
මේ සියළු දෙනාම සූදානම් වෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රසිද්ධ කරන්නයි...(ස)
ලුම්බිණි කියන දේ ඇත්තක් තියනවා....(ස)
නිර්මාල් යන්නේ මරුටි එකෙන්ද ???නිකන් බොරු එපා ..(ස)
දැන් ලංකාවම අවුල් (දී)
අනේ අපි නොදන්න ජේ.වී.පී. එක... (නි)
දර්ශන ඒ කියන්නේ 1.8% අධ්‍යාපනයට ඇති කියලද??? ඔයා සැහෙන්න මෙම ප්‍රශ්නය හදාරලා තියනවා වගේ (ස)
හඟුරන්කෙත විදිහට මේ වැඩේ නවත්තන්න නම් බැහැ. (නි)
පුදුමයි. මෙච්චර දෙයක් වෙනකල් කවුරුවත් දැක්කේ නැද්ද? (නි)
කට්ටියක් අධ්‍යාපනයට ඇණ තියනවා. තව කට්ටියක් වාහන වලට ඇණ තියනවා. (නි)
බාලයන්ගේ බාල වැඩ. ප්‍රශ්න වලට විසදුම මේක නම් අපේ දරුවන්ගේ අනාගතයට කුමක් වේවිද? (නි)
සමහර අය ඇණ තියාගෙන ආණ්ඩුවට ඇගිල්ල දික්කරනවා. (නි)
පුදුමයි. දෙගොල්ලෝ ඇණ ගත්තේ නැති එක නම්. (නි)
ගයාන් ඇත්තටම ඔය අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියන ඉල්ලීම මුවාවෙන් ඉල්ලන්නේ වැඩි වැටුප්. අපිව අන්දන්නයි අනිත් අයව කඩේ ගෙනියන්නයි තමයි ඔය වගේ බොරු ඉල්ලීම් දමන්නේ. සාමාන්‍ය ජනතාව ගැන එච්චර කැක්කුම තියෙන මිනිස්සු හැබැයි විශ්ව විද්‍යාලෙදි ළමයෙක් මැරුනත් හැරිලවත් බලන්නේ නෑ.කල්පනා කරල බලන්න ගයාන් .(ස)
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇණ වලින් නවත්වන්න බැහැ. (නි)
හැමතැනම වාහන හොරකම් නිසා ඇණ තියන්න ඇත්තේ වාහන වල ආරක්ෂාවට වෙන්න ඇති. (නි)
කෝ අමතර රෝදය..!!(නු)
වැඩි වැටුප් නොදී 7% අධ්‍යාපනයට වෙන්කරමු . මහාචාර්ය වරුන්ට තරු පේන්න .(ස)
අකේ මෙහෙමත් රටක්.. දරුවෙක්වත් හදා වඩා ගන්න බැරි වෙන හැඩයි..!!(නු)
අහන්නත් සතුටුයි..!!(නු)
ආචාර්යවරු කොච්චර හොඳට තමන්ගේ වගකීම කරනවද කියලා කැම්පස් ගිය අය දන්නවා. කැම්පස් එකේ ළමයි වැඩිපුර ඉගෙන ගන්නේ දේශනා වලට වඩා තම තමන්ගේ උත්සාහයෙන්. විභාග ගොඩදාගන්නේ කුප්පි වලින්. ආචාර්යවරුන්ට දැනටමත් සේවයට වඩා වටිනාකමක් සහිත වැටුපක් ලැබෙනවා. (නි)
සංජීව මොනවද මේ කියන්නේ.. මේවා තමයි ආශ්චර්යය කියන්නේ.. දැක්කනෙ ඡන්දය..!!(නු)