ආරියරත්න රණබාහු
ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.
ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි හෙට සිට නැවත ක්‍රියාත්මක කිරිමට නියමිතය.
පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ දිගටම තහනම් කරන්න ඕනේ කියලා
මුහුනුපොත තහනම දිගටම තියන්න ..!
තහනම තව දින කීපයක් තියන්න. කොල්ලන්ගේ කෙල්ලනන්ගේ අතේ කීයක් හරි ඉතුරු වෙයි
ඇති යාන්තං .
හොඳයි
අප්පේ ඇති යන්තම්...
මේ මොන විහිලුවක්ද? ලංකාවේ එහෙම තහනමක් තිබුනානම් කොහොමද පහුගිය දවස් වල VPN වලින් ඔය ඔක්කොටම ගියේ? ලංකාවේ තරුණයෝ පාලකයන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන්
සමාජ ජාල තියෙන්න කොල්ලන්ට කෙල්ලන්ට විතරක් නෙවෙඉ මේක බාවිතා කරන්නේ මොනවටද කියල වත් හරියට නොදන්නා කිදෙන් ඉන්නවද කියල තේරෙන්නේ මේ කොම්මේන්ට්ස් බලපුහම. අනේ මේගොල්ල ලෝකේ කොහෙද ඉන්නේ?
ෆේස්බුක් තහනම තව ටික කාලයකට තිබීම හොඳයි. එහෙත් වයිබර්, වට්ස් ඇප් තහනම ඉවත් කළොත් හොඳයි.
මුහුණු පොත තහනම් කරන්ඩ කියන්නේ... ඒත් පාවිච්චි කරන්න දැනුමක් නැති අය ලංකාවේ සිංහලෙන් තහනම් කළාට අන්තර්ජාතික වශයෙන් හා දමිල බසින් ජාත්‍යන්තරයට තෙරතුරු යන්නේ වැරදි විදියට.. අපිට තමයි ඔක්කොම වැදි බණ..
අර්ථයක් නැති ඕපාදුප, කටකතා පතුරුවන මේ සියලු සමාජ ජාලා වෙබ් අඩවි ලංකාවේ සදහටම තහනම් කළ යුතුයි.
දෙනවා කියනවා තවම නැහැ සම හරක් කරන හරක් වැඩ වලට අපි හැමෝම පරිප්පු කන්න ඕනද?
පසුගිය මාස කීපයේදීම ජාතිවාදය අවුස්සන දේවල් ගොඩක් සමාජ මාධ්‍යවල ගියා. එයට යම් වාරණයක් තිබුණොත් හොඳයි. විල්පත්තු කාලේ කපද්දී ජනතාව දැනුවත් කලේ මෙම මාධ්‍යයි. නැගෙනහිර පන්සල් සමතලා කරද්දීත් ජනතාව දැනුවත් කලේ මෙවැනි මාද්‍ය... එම වැරදි වලට කොන්ද පන ඇති තීරණ අරගෙන තිබුණානම් මිනිසුන් නීතිය අතට ගන්නේ නැහැ. උතුරට, නැගෙනහිරට නීතිය වෙනස්. කල්මුනෙන් එහා ඉන්න අය කොහොමටත් මෝටර් සයිකල් පදිද්දී හෙල්මට් දාන්නේ නැහැ. එහෙදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. නමුත් කොළඹ, නුවර වගේ ප්‍රදේශවල හදීසියකදී කෙනෙක්ව හෙල්මට් නැතුව බයිසිකලේ ආවොත් තියන රැස් ඔක්කොම පෙන්නලා දඩ කොලේ දෙනවා. මේවා පොඩි උදාහරණ. ඉහළ සිට පහළට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ජාති, ආගම් ලෙස බෙදීමක් මහජනතාව තකන්නේ නැතිවෙයි.
ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ සමාජ මාධ්‍ය ජාල වලටම වැට බඳිමින්... හොඳයි ඔහොම කරන්න දිගටම.... ජනතාවට මැතිවරණයකදී උත්තර දිය හැකියි මේ හැම දේකටම...
ෆේස්බුක් යන්නෙ රැල්ලට ඒ නිසා ෆේස්බුක් තිබ්බත් එකයි නැතත් එකයි අපට නම්... වයිබර්, වට්ස්ඇප් තමයි ඉක්මනට තහනම ඉවත් කරන්න ඕනෙ
තාම facebook නෑ ආයේ මුන් එකෙක්ටවත් චන්දෙ නෑ