තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.
මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.
එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකු වැඩක් නේ.! තෝරු මෝරු බේරලා හාල් මැස්සෝ අල්ලාගෙන. දැන් මේ වුන හැමදේටම මොන්ටිසෝරියේ ළමයා ඉඳලා පලි ! දැන්අපිට පිටරට ඉන්න නෑදෑයෙක්වත් කතා කරන්නේ නැහැ. රටේ තත්වය කොහොමද ඔබලා යහතින්ද ඇහුවොත් අපි උත්තර දීලා දුරකථනයත් එක්කම රිමාන්ඩ් කරාවි කියලා.
ඉතා හොඳ වැඩක්. අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශ, විකෘති කරන ලද තොරතුරු, අපහාස කිරීම් ආදිය සිදුකරන අයට දිගින් දිගටම දඩුවම් කළහොත් එවැනි ප්‍රවනතාවයන් අවම වනු නිසැකයි.
මෙම මර්ධනකාරි තත්වය තුල ඇත්ත නැත්ත කර කෙන්ද කන්ද කළ හැකියි.
මුහුණු පොතේ වීරයන් බොහොමයක් තරුණයින්ය. ඔවුන් කිසිම කල්පනාවකින් තොරව අසත්‍ය ප්‍රචාරය කිරීම විනෝදාංශයක් බවට පත් කරගෙන
මේ හදන්නේ අහිංසකයින් දෙතුන් දෙනෙකුට වට කරලා දඬුවම් දීලා හැමෝම ත්‍රස්ත වෙන විදිහේ ආදර්ශයක් දෙන්නයි. ලොකු අවදානම් කාලයක් ළඟළගම එනවා.
ජාතිවාදය හා ආගම්වාදය අද තරුණ පරම්පරාව අතර උන්මාදයක් වෙලා. ෆේස්බුක් වැනී සමාජ මාධ්‍ය ජාලයන් තුල මෙය දැක ගන්න ලැබෙනවා. අනිත් ජාතින්ට ආගම්වලට නින්දා අපහාස කිරිම වීර ක්‍රියාවක් ලෙස සිතන මෝඩ මානසිකත්වයක් තිබෙන බහුතරයක් සහිත තරුණ පරම්පරාවක් තමයි මේ සමාජ ජාල තුල දක්නට ලැබෙන්නේ. මේ අය පාලනය කරන්න හික්මවන්න අනිවාර්යෙන්ම රාජය මැදිහත්වීම මෙම මාධ්‍යයන් තුල තිබිය යුතු බවයී මගේ අදහස. ඒ සදහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවිය යුතු අතර එමගින් වැරදීකරුවන් වන අයට උසාවියේ නඩු පවරා දඩුවම් කල යුතුය.
ඔය සිසුන්ව ඔය තත්වෙට පත්කළ අය ගැනයි නිසි විමර්ශනයක් කොට දඬුවම් කරන්න ඕනා.
නියමයි. ඉතා හොඳ වැඩක්.
අමෙරිකාවේ නම් මෙහෙමයි අර රටේ නම් මෙහෙමයි කියලා අපේ රටේත් එහෙම කරමු කියන අයට හොද පාඩම්. බාලයන්ට අසිපත් දුන්නාම ඔහොම තමයි.
මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරන අය හිරේ දාන්න. කිසිම සමාවක් දෙන්න එපා.
මැති ඇමති ගොල්ලෝ ඇතුළුව ලංකාවේ කෝටි ගණනක ජනගහනය අතුරින් මේ සිසුන් දෙදෙනා පමණක්ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ අනේද කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්
මේ සිසුන් දෙදෙනාට විරුද්ධව කතා කරන අය සියල්ලම මන්ද බුද්ධිකයෝ වෙති
මේ අහිංසක දරුවන් දෙදෙනාට දීපු දඩුවමේන් ඊට සම්බන්ධ සියලුම අයගේ දැනුම සහ වෘත්තීය පරිනත බව සිතා ගත හැක. අපි ජීවත් වෙන රට මේතරම් පිරිහි ඇද්ද.
මෙවැනි බාලවයස්කාර දරුවන් මේ වයසේදීම මෙවැනි සමාජ විරෝධී දේවල් කරනවානම් ඔවුන් වැඩිහිටියන් වූ පසුව කරන්න පෙළඹෙන දේවල් ගැන හිතා ගන්න පුළුවන්. අපිත් ඔය වයස පහු කරලා ආපු අය. ඔය කියන වයස් වලදී අපිටත් නොයෙකුත් උන්මාද තිබුනාට ජාතිවාදය ආගම්වාදය වැනි පහත් සිතුවිලි ඇති උනේ නැහැ .
අපිට හරිම ලැජ්ජයි රටේ වෙන දේවල් වල. අපි පිටරට ගියේ ලංකාව හොඳ මදි නිසා නෙවෙයි උගත්කමට හරියන රැකියා නැති නිසාත් ළමයින්ට උගන්වන්න උවමනා නිසාත්. අපි ඉන්න රටේ වෙනත් රටවල් වල මිනිස්සු සියගානක් සමගියෙන් ජීවත් වෙනවා. අපරාධ සිදුවෙන්නේ නැහැ කියන්නේ නැහැ. නමුත් මෙහෙම රටට ලැජ්ජා වෙන ම්ලේච්ච වැඩ සිදුවෙන්නේ නැහැ. අපිව අනෙක් රටවල් වලින් ආපු මිනිස්සු හිතන්නේ මහා භයානක අශීලාචාර ජාතියක් කියලා. දැන් පුළුවන් නම් අපිට බනින්න පිටරට ගිය මිනිස්සු මොකද දැන් මේවාට හොට දාන්නේ කියලා. අපි කියන්නේ කොයි රටේ හිටියත් මොන ආගම ඇදහුවත් මනුස්සකම නැති කරගන්න එක මහා අපරාධයක් !
මේ නොදත් සිසුවන්ය. ඔවුන් කල වරදට සුදුසු දඩුවමක් දෙන්න. එහෙත් උගත් පලපුරුදු දේශපාල්නයේ ඉන්න සමහරු කියන කරන දේවල් වලින් ජාතීවාදීන් තවත් කුලප්පු වෙති. ඒ නිසා ඒ දේශපාලකයින් ගැනත් පියවර ගන්න. සමහරු ජාතික කොඩිය ප්‍රතික්ශේප කරති. සමහරු තහනම් ත්‍රස්ත්වාදීන් සමරති. තවත් සමහරු තම ජාතිකයින්ගේ ප්‍රශ්න පමනක් කතා කරති. උතුරින් හමුදාව එලවන්න කතා කරති. එකම රටේ ජාතියක් මුල් කරගෙන වෙනම පරිපාලන ඒකක ගැන කතා කරති. මේවා හරිද. මේ කටයුතු නිසා ජාතිවාදය වැඩි වෙන්නේ නැතිද.කොන්ද පනතියන පාලකයෝ නම් පොඩි සිසුවන්ගේ වැඩ වලට කරන දඩුවම් වලට වඩා ලොකු සුදුසු දඩුවම් මොවුනට දිය යුතු නේද.
ඔය සිසුන් දෙදෙනාට තියෙන නීතියම රිෂාඩ්, හකීම්, අසාද් සාලි වගේ අයටත් ක්‍රියාත්මක කළොත් සැබෑ සංහිඳියාවක් තියෙයි. ඇතැම් සිංහල සංවිධාන සිංහල ජාතිවාදය පෝෂණය කළා සේම මුස්ලිම් සංවිධාන සහ දේශපාලකයින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළා. ඕකනේ ඇත්ත කතාව. දෙපැත්තම ගහගත්තම දෙපැත්තේම වැරදි කාරයෝ ඉන්නවනේ. මුස්ලිම් පල්ලි වලට වගේම පන්සල් වලටත් ගහල තියෙනවනේ. පිටරට සන්තෝස කරන්නවත් ඊළඟ ඡන්දෙ බලාගෙන දේශපාලන වාසි ගන්නවත් එක පැත්තකට පමණක් නීතිය ක්‍රියාත්මක කළොත් එ්කෙන් වෙන්නේ තවත් මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙන එක විතරයි.
එහෙනම් ඔක්කොම මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනෑ..
ජාතිවාදය... කවරෙක් විසින් මෙය ඇති කළේද? ඒ නුඹලා විසින්මයි.. දේශපාලඥ වූ ඔබලාමයි.. අහිංසක හිත්වලට ජාතිවාදී එන්නත ලබා දුන්නේ බල ලෝභී නුඹලාමය.. මුස්ලිම් වරුන්ට එක නීතියකුත්, අනෙකාට තව නීතියකුත් ගෙනාවේ ඔබලාමයි.. සංහිඳියාව නාමයෙන් නුඹලා කළේ වෛරයේ ගිණිසිළු දැල්වීමය...නුඹලා ඇති කල සංහිඳියාවක් නම් නැත... ඔවුන්ට වුවමනා සංහිඳියාවක් නම් නැත... එසේ වුවමනානම් වෙහෙර, දාගැබ් විනාශ කරන්නේද නැත... රට බෙඳන්න ඉල්ලන්නේද නැත... ඉතින් සිංහලයන් හමුවේ ගොරවන ඔබලා අනෙකුන් අය හමුවේ කෙඳිරි ගාන්නේය... ජාතිය, ආගම, රණවිරුවන් පාවා දුන්නේය...රට බෙඳා වෙන්කරනට නුඹලා අර අඳින්නේය.. ඉඳින් මේ සියල්ල නුඹලා විසින්ම කර අන් අයට දඬුවම් දෙන්නේය.... ඉඳින් යම් තැනක නුඹලා වැන්න වුන්ගේ උපත වේද... ඒ මහ පොළව හඬන්නේය.. සාපකරන්නේය... නුඹලා වැන්න වුන් පෙර සිටියානම් අඳ වඳින්නට මහා සෑයක් නැත... වෙහෙර විහාර, අහස උසට නැගුණු දාගැබ් නැත... අපට කියා උරුමයක්ද නැත... ජාතියක්ද නැත...
පදුර වටෙි කොටන එක අපේ රටෙි නිතියෙ පුරැද්දක්, කවදාවත් අදාල පදුරට විදින්නේ නැ. මෙි ජාතිවාදය ඇදලා ගත්ත අය දන්න බව කැබිනටි ප්‍රකාශක කැබිනටි මාධ්‍ය හමුවෙි කියද්දි, ඒ අදාල අය අත්අඩංගුවට ගන්නේ නැ. නැත්නමි කැබිනටි ප්‍රකාශක බොරැ කියනවානමි ඒතුමාව අත් අඩංගුවට ගන්න ඕන. හොරැ ඇල්ලිමත් එහේමමයි. නිතිය කරන අයට කරගෙන යන්න නොදි ඇමතිකම මාරැකරනවා. මෙික රටක්ද නැත්තමි මොන්ඩිසොරියක්ද. කාවද මෙි රවන්ටන්නේ. එතකොට මෙි රටෙි නිතිය හා සාමය ක්‍රියාත්මක කරන අයගේ බුද්ධිය කොපමණද? මෙි රට වැඩකරන්නේ මෙි අවස්ථාවාදී බඩගොස්තරවාදි දේශපාකයන්ට ඔන විදියටනමි මෙි රටේ නිලධාරි තන්ත්‍රයක් නඩත්තු කලයුතු. මත්දව්‍ය මර්ධනයත් එහෙමයි. අග පුරැක ඇල්ලුවාම එයාගෙන් ගන්න තොරතුරැ මත් පිිලිවෙලින් මුල් පුරැකට එන්න පුලුවන් ලෙහෙසියෙන්ම නමුත් කවදාවත් ඉහල පුරැක්වලට නිතිය බයයි. මට හිතෙන්නෙ අවස්ථාවාදි බඩගෝස්තරවාදි දේශපාලකයන් රටට විකාර වලට වගකින්න ඔව මේ රටෙි ඒ ඒ වගතිමි ඇති තනතුරැ හොබවන රාජ්‍ය නිළධාරින්ගේ නිවට නියාලු අමනෝඤ්ඥ, නිතියට විරැද්ධවන, නිති හිල් හදන, මන්ධබුද්ධික නිළධාරි තන්ත්‍රයයි. ආණ්ඩුවට වඩා රජය හෙවත් රාජ්‍ය බලවත් ප්‍රබල විය යුුතුයි.
වරද දරුවන්ගේ නොවෙයි... මේ දරුවන්ට බනින ඔබ, සිද්ධියට මුල් වූ පුද්ගලයාට පහර දී මරා දමා තිබූ ආකාරය දුටුවද..?