බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් තමන්වහන්සේ ඉවත් වූ බව තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ පවසති.
ශාසනික සේවාව හා බෞද්ධ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමට මිස දේශපාලනයේ නිරතවීමට තමන්වහන්සේට කිසිදු උවමනාවක් නැති බව ඒ හිමියෝ පැවසූහ
ආරම්භයේදී බොදු බල සේනාව සිදුකළ බෞද්ධ ආගමික සේවාවන් වත්මනෙහි දක්නට නොලැබෙන බවත් එකල බොදු බල සේනාවෙන් වූ සේවාවන් ගැන තෘප්තිමත් වන බවත් උන්වහන්සේ කීහ.
මින් ඉදිරියට බොදු බලසේනා සංවිධානය හෝ කුමන සංවිධානයකටවත් සම්බන්ධ නොවන බවද විමලජෝති හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බලයට නිමල් ලාලිත එකපයින්ම. ඒකෙන් වැඩක් නැහැ. ඔබවහන්සේ මීට කලිනුත් බොදු බලයේ ගමන්කරන දිශාව සහ වැඩ කටයුතු ගැන පැහැදීමකින් හිටියේ නැති බව අපි දන්නවා. ධර්මයේ චිරස්ථිතිය සඳහා තවදුරටත් එම සේවය අවශ්‍යයි. (නි)
බෞද්ධ කමත් රැක ගෙන , නිර්මල බුදු දහමත් රැක ගෙන , ජාති වාදී අන්තවාදය දුරලා , ඉදිරියට යන්න (ම)
ඔබවහන්සේට යහපතක්ම වේවා! (නි)
සමීර මහත්තය ඔව් මට පිස්සු, ඔබ පමණක් නෙවෙයි මගේම අයත් කියනවා. ආත්මාර්ථකාමී නැතිනම් නිකම්ම නිකම් මිනිසෙකු වසයෙන් හොඳින් ,මේ බල පෙරේත දේසපාලනය නිසා වැනසෙන සිංහල රට ගැන නොසිතා ජිවත් වෙන්න පුළුවන්.නමුත් මට එය කරන්න බැහැ. එ්ක මා ආත්ම ගණනක් ගෙනා කර්මය වෙන්න පුළුවන්. නමුත් මම එකක් කියනවා මම ලිං ගෙම්බෙක් වගේ කියන දේවල් නෙවෙයි ,රට වටේ ඇවිදලා කියන දේවල්. අසිංහල ජාතිවාදය මේ රට සිංහල අයිතිය ,බොදු අයිතිය දිනෙන් දින ගිල ගන්නවා. එ්ක දෙස නොබලා මේ සිංහල රටයි කියන්නට බැරි දේසපාලකයන්ට ගති කම් කරමින් ජිවත් වෙන එක ,නැති නම් නිකකම්ම නිකම් මිනිසෙක් වසයෙන් ජිවත් වෙන එක තමයි ඔබ වැනි අයට ලොකු. මෙවැනි අය එදත් සිටිය, අද එදාට වැඩියෙන් සිටිනවා. (ස)
ගරු ස්වාමින් වහන්ස .බොදු අයිතිය රැක ගැනීමට නම් සිංහල අපිට සටන් කරන්න වෙනවා, (අ)
ඔබ වහන්සේ ගත්තේ හොද තීරණයක් ....බොදුබලේ ...?(බ)
අනේ නිමල් ලලිත් සොයුර , බුද්ධාගම රැක ගැනීමට ඇති එකම මග බුදුදහම පිළිපැදීමයි. අතිදුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයත් මනුෂ්‍යත්වයත් පැවිදි භාවයත් නිර්මල බුද්ධ ධර්මයත් භාවනා කර්මස්ථාන ආචාර්යයන් වහන්සේලාත් නැවත කල්ප අසංඛ ගණනකින්වත් නොලැබෙනු ඇත. මේ අවස්ථාව මග නොහැර මෛත්‍රීය වඩා නිර්මල බුදු දහම ඉගෙන අනික් මිතුරන්ටත් කියාදෙන්න. ඔබට තෙරුවන් සරණයි. (බ)
අනේ හාමුදුරුවනේ ,මිට ප්‍රථම ඔබ උදව්කළ හිමියනුත් ඔබගේ සාසනික සේවාවට අවුල්මයි කරන්නේ. (බ)
දැන් අපේ ස්වාමින්වහන්සේට ඇත්ත අවබෝධ වෙලා තිබෙන එක හොඳයි. දේශපාලනයට එකතු නොවී රට රැකගැනීමට පුළුවන්. අපේ ඉතිහාසයේ රජුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළේ අපේ බෞද්ධ සඟරුවන බව කියා තිබෙනවා.(බ)
නිමල් ලලිත , මමත් තානාපති සේවයේ දැනට ව්දෙස් රටක සේවය කරන්නේ ,ඔබලා ඒ කරපු වැරදි අපි දැන් නිවැරදි කිරීමේ කාරියට බොහොම මහන්සි වෙනවා, (කේ)
දැන් ඒ අයටත් එපා වෙලාද?(හේ)
නිමල් ලලිත් සොයුර, බුද්ධ ධර්මය පිළිබඳව හොඳින් ඉගෙනගන්න. එය ඇත්තේ දෙව්ලොව යාමට නොව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. ඔබ කියන දේ බුදුන් වහන්සේ අනුමත කරයිද යන්න ඔබට බුදු දහමෙන්ම සොයාගත හැකියි. බුදුන් වහන්සේ සියල්ල ජයගත්තේ ධර්මයෙන් මිස පෙළපාලි ගොස් සටන් කිරීමෙන් නෙමෙයි. විකෘති වූ ධර්මයකින් ඇති ඵලය කුමක්ද? කෑම පිඟානක් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට එයට වස එකතු කළොත් එම කෑම පිඟානෙන් ප්‍රයෝජනයක් වෙයිද? තෙරුවන් බෙලෙන් ඔබට සත්‍යය වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමි. ධම්ම පදය කියවා බලන්න. ඔබගේ මා කෙරෙහි ඇති අමනාපය දුරුවේවා! හැකිතාක් ඉක්මනින් නිර්වාණ මාර්ගය ඔබට විවර වේවා! (නි)
ගොඩක් පින් ,මොකද බොදුබලේ හාමුදුරුවරු කළේ විදෙස් බලවේග වල කොන්ත්‍රාත්,දැන් එය අවසන් ,එ්ක තේරුම් ගියේ මහින්ද ගෙදර ගියාට පස්සේ , (බ)
ඔබ වහන්සේ අද ඉදලා විදේශ් බලවේගකාරයෙක් කියලා හංවඩු ගහයි (අ)
බොහොම හොඳ තීරණයක් . (හේ)
ප්‍රසන්ත මහත්මය.දුන් ඔවදනට සහ තෙරුවන් සරණ පැතීම ගැන ඔබට ඉතාමත් ස්තුති.මම පළාත් පාලන සේවයේ වග කිව යුතු රැකියාවක් කළ කෙනෙක්. ඒනිසා මම දන්නවා අසිංහල ජාතිවාදය සහ අන්‍ය ආගමික බලවේග සිංහල අයිතියට ,බොදු අයිතියට පහර ගසමින් විනාශ කිරීමට උත්සාහ කරන හැටි.හොඳ කල්පනාවෙන් ලංකාදීප පුවත් පත හෝ දිවයින පුවත් පත බලන්න. අනුරපුරය කියන්නේ සිංහල බෞද්ධයගේ පරම පුජනිය අයිතිය. එහිත් අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් සැදුව.මෛත්‍රී කරකර සිටියානම් අද එතන මුස්ලිම් පල්ලියක්.පොතුවිල් මුහුදු මහා විහාරයට කරන විනාසය බලන්න. දැන් උත්සාහ කරන්නේ මුහුදු වතුර ගලාවිත් වනසේන ලෙස වැලි ඉවත් කරනවා. අද කොළොඹ බෞද්ධ නම්වලින් හැදින්වෙන පාරවල් වල වැඩිම හරියක් අසිංහල.ඔබ ධර්මය ගැන ඉගෙන දෙව්ලොව යන්න. අද මට කනගාටු අපේ කණ්ඩායමේ වැඩිම දෙනෙකු ජිවතු අතර නැති එක. ඒ නිසා ඒ මිතුරන්ට ධර්මය කියා දෙන්න මට බැහැ.ඔබ ඔබේ දරුවාට ඔබේ වාසගම තිබ්බේ,තියන්නේ ඔබේ පරම්පරාවේ බව හැදිව්ව්මට නේ. ඒ වගේම මේ කතාකරන මට සිංහල කම්,බෞද්ධ අයිතිය වටිනවා. දැන් මම නාකියෙක්. මගේ නම් එකම පැතුම මරණින් මතු හෝ සිංහලයට,බොදු අයිතිය රැක ගැනීමට නොපෙනෙන අාත්මයක් ලැබේවා යන්නයි. මම මට හැකි කාලයේ සිංහල අයිතියට,බොදු අයිතියට පහර දුන් අයට මට හැකි පමණින් පහර දී රැකියාවත් නැති කරගත් කෙනෙක්.මට දුන් අවවාදයන්ටත් ස්තුති.ඔබ දෙව්ලොව යන්න.මම නම් මළත් මේ සිරි ලංකාව දාල යන්නේ නෑ. (බ)
නිමල් ලලිත මහත්තයාට නම් පිස්සුද කොහෙද? (නි)
උපතින් ටිබෙට් ජාතිකයෙකු වුවත් මෙහි පැමිණ ජාතික සටනට සහාය දුන් ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් කියලා තියෙනවනේ නාහන රුපුන් නහමින් යමි ඉදිරියට,මහන කමත් බුදු දහමත් එයි මට කියල. අනික උපාසක මහත් වරුනි මම පොඩි කලේ කියෙව්වෙත් ඒවා. ඔබ සැමට මාව හදන්න බැහැ. ඔබට ආයු බෝවන්,මගේ ආයුෂ කෙටිවන්නේ. (බ)
ඒ හිමියන් කළකිරිලාවද්ද? (නි)
සාධු සාධු!! (නි)
ජනතාවට යහමඟ පෙන්විමට සිටින සංඝයා වහන්සේලා අද දේශපාලනයට සම්බන්ධවෙලා. ලැජ්ජයි... (නි)