
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇති කාලය හෙට (30) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්වේ.
මේ අනුව හෙට මධ්‍යම රාත්‍රීය තෙක් ලැබෙන සභික ලැයිස්තු ගැසට් පත්‍රයකින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ඊට පසුව ලැබෙන ලැයිස්තු ඊට පසුව ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය.
සභික ලැයිස්තු බාරදීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කොමිසමේ සභාපතිවරයා පැවසුවේ එම ලැයිස්තු සැලකිය යුතු ලෙස ලැබෙමින් පවතින බවයි.
මේ අතර සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මතුවී ඇති අර්බුද හේතුවෙන් ඇතැම් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල සභික ලැයිස්තු පිළියෙල කිරීම මෙසේ ප්‍රමාද වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආනන්ද රත්නායක මහතා මෙසේද පැවසීය.
ලැබෙන සභික ලැයිස්තු අපි ගැසට් කරනවා. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය. අපි ඒක කරනවා. සභා පිහිටුවන එක ඒ අයට අයිති වැඩක්. ඒක කොමිසමේ වැඩක් නොවේයි.
2025 දෙසැම්බර් මස 18
395
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සභික ලැයිස්තු බාරදීම හෙටින් අවසන්