වර්තමානයේදී නිදහස් නිවහල් ඒකීය ජාතියක් ලෙස ජීවත් වන්නේ උතුම් රණවිරුවන් දිවි පුදා ත්‍රස්තවාදය පරාජය කළ නිසා බැවින් ඔවුන් පිදිය යුත්තන් ලෙස සලකා ගෞරව කළ යුතු යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී පැවැති ජාතික රණවිරු දින සැමරුම් උළෙල අමතමින් පැවසීය.
‘රට වෙනුවෙන් දිවි පිදූ රත්තරන් ලංකා පුත්‍රයින් නිවන් දකින්නට පෙර යළිත් එක්වරක් මේ මාතෘ භූමියේ උපදිනු මැන‘ යැයි ජනපති ප්‍රාර්ථනා කළේය.
ත්‍රිවිධ හමුදා ගෞරව, රණ බෙර වාදන හා සංදර්ශන මධ්‍යයේ උළෙල අභිමානවත් ලෙස පැවැත්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීහු ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක අංශ සාමාජිකයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ පිරිසක්ද සැමරුම් උළෙලට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න බැරි යුද්ධයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ කුමකට ද කියා නිවට බස් දෙඩූ උදවියට නියම පිළිතුරු දෙන්නේ කයින් මිය ගියත් සිතින් මිය නොගිය පස් යට මිහිදන් වුවත් අප හදවත් වල සදා ජීවත්වන ඒ අභීත දු පුතුන්. දැය වෙනුවෙන් ඔවුන් ලේ හෙලන විට ජාතියම ඔවුන් වෙනුවෙන් කඳුළු සැලුවා. ඒ රඛ්ත රුධිරයත් ඔවුන් වෙනුවෙන් හෙලු කඳුලුත් එකට මුසුව දැය සුවඳවත් කරන පුෂ්පයන් සේම පිපේවා! (නදී)
හරිම සංවේදී ඡායාරූප පෙළක් (නි)
ඔබ සදා අමරණීයයි සෙබළ සොයුරනි! (නි)
යුද්ධය අවසන් කාලයේදී හමුදාවන්ට අපහාස කළ උදවිය පුෂ්පෝහාර දක්වනකොටනම් මට එක එක ඒවා හිතෙනවා. (බ)