අතුරුගිරිය පොලිසිය අද (24) අලුයම සොයාගත් මළ සිරුර හිමි පුද්ගලයා යුද හමුදාවෙන් පැන ගිය අයෙකියි පොලිසිය පවසයි.
පිළියන්දල මඩපාත නිවසකදී ඔහු පැහැරගෙන අතපය බැඳ පොලිසියට බාරදීමට යැයි කියා රැගෙන ගොස් අතරමගදී මරා පුළුස්සා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරයෙක් ඇතුළු සිව්දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ගාල්ලේ පදිංචි මියගිය පුද්ගලයා මීට මාසයකට පමණ පෙර අතුරුගිරියේ නිවසකට අනවසරයෙන් ඇතුළුවෙද්දී පොලු පහරක් වැදී ඇතැයිද ඉන්පසු ඒ නිවසට වෙඩි තබා ඇතැයිද පොලිසියට තොරතුරු ලැබී ඇත.
විදුලි ඉංජිනේරුවා මාලදිවයිනේ සේවය කළ බවද අත් අඩංගුවේ සිටින දෙදෙනෙක් ඔහුගේ මස්සිනාලා බවද පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd