කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරිමේ හයවැනි වසර සැමරුම බැලීමට මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ හත්වැනි කලාප පිවිසීමේ දොරටුවෙන් ඇතුළුවූ හමුදා සෙබලකු ළඟ තිබී මිලිමීටර 7.6ක සරඹ ජීව උණ්ඩයක් සොයාගත් බව පොලිසිය කියයි.
සාමාන්‍ය ඇඳුමින් සැරසී එහි ඇතුළු වූ මෙම සෙබළා මන්නාරම 25වැනි ගැමුණු හේවා බලකායේ සේවය කරන බවත් නිවාඩුවට ගමේ පැමිණි බවත් කියයි. ඔහු දෙයියන්දර පහළ මැදගම පදිංචි පුද්ගලයෙකි.
නාරම්මල පොලිසියෙන් විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වතුර බින්දුවක්නේ. (ර)
එයා නිකමට අරගෙන එන්න ඇති (නි)
පිටබැද්දර ජයාලට කඩේ යන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුලුවන්. මේ ලගදී වතුර බෝතලයක් ගෙනාපු සෙබලෙක් හිරේ. ඊළගට යුද්දයෙන් මියගිය (එල්.ටී.ටී. ඇතුළු ) සියලු දෙනා සමරන උත්සවයකට ආපු සෙබළුන්ගේ සාක්කුවේ ගල් තිබුනා කියා අත් අඩංගුවේ. දැන් සරඹ උණ්ඩයක් තිබුනලු කියල තව සෙබලෙක් අත් අඩංගුවේ. අන්තිමට මේ රටේ පසුගිය මාස 5 තුල හිරේ ගියේ හෝ යන්නට ගියේ රටේ ආරක්ෂක ලේකම් සහ රණවිරුවෝ විතරයි ද ? (නදී)
සත්‍යපාල, බන්දුල පෙරේරා, පිවිතුරු යහපාලට ජයවේවා. මෙයා පාවිච්චි කරන නම් ටික ඕනේ නම් ලියතහැකි. හැබැයි පේලි හතරක් පහක් විතර දික් වේවි. හැබැයි දැන් අඩු (ලේඩි බෝයි) නමක් විතරයි. අනිත් හැම ජාතියකම නම් වලින්ම මෙයා පෙනී ඉන්නවා.(නදී)
හොරු රකින අයද? යහපලානේ නසන අයද ?(නදී)
නිවාඩුවට ගමේ ඇවිත් නිකං ඉන්න ගමන් සරඹ කරන්න අරන් එන්න ඇත්තේ. (ම)
සරඹ උණ්ඩයක තියෙන්නේ සද්දේ විතරයි.. ඒකෙන් කෙනෙක්ට අනතුරක් කරන්න බැහැ..අනෙක තුවක්කුවක් නැතුව ජීව උණ්ඩයකින්වත් මොනවා කරන්නද? කට්ටිය තිර නාටක ලියනවා..ලග එන මැතිවරනේදී ටෙලිය පෙන්නන්න..(නදී)
ආ! සෙල්ලම් උණ්ඩයක් වෙන්න ඇති (නි)
මේ ගොල්ලන්ට දෙන්න ඕනෑ මතක හිටින දඬුවමක් (නි)
පිවිතුරු යහපාල, මේ ටික අහගන්න. උණ්ඩය මොහු ළඟ නම් තුවක්කුව තවත් කෙනෙක් ළඟ වෙන්න පුළුවන් බව මතක තියාගන්න. හැඟීමට නොව බුද්ධියට මුල් තැන දී අදහස් දාන්න. (නි)
ඉතින් යහපාල සද්දේ තියන එකක් හරි එලිය තියන එකක් හරි ඒවා ගෙදර ගේන්නවත් තියා ගන්නවත් ජනාධිපති ඉන්න රැස්වීමට ගේන්න ඕනිවත් නෑ නේද.. එතනයි ප්‍රශ්නේ (නදී)
කට්ටිය 8 වෙනිදායින් පස්සේ ටෙලි නාට්‍ය බලන්න ගත්තාට අපි ඕවා 70 දශකයේ ඉඳලා, දැකලා බලලා අහලා පදම්වෙලා ඉන්නේ.මෝහන්ලා හරින්ද්‍රලා ගැන දුකයි.ආයේ මොන්ටිසෝරියේ ඉඳලා පාසල් ගිහින් එන්න.එතකොට මේ රටේ දේශපාලනය ගැන ටිකක් හෝ වැටහේවි (නි)
70 දශකයේ ඉඳලා පදම්වුණ යහපාල තවම කඩේ යන එක තමයි දුක. (නි)
සරඹ උණ්ඩයකින් කාටවත් හානියක් කරන්න බැහැ. හමුදාවේ සමහර අය මෙම උණ්ඩයේ වෙඩි බෙහෙත් අයින්කරලා පොලිෂ් කරලා කරේ එල්ලාගෙන ඉන්නවා ලස්සනට.ඒත් උණ්ඩයේ පිටුපස කොටසේ කැප් එකේ වෙඩිබෙහෙත් අයින් කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. එම කොටසෙන් ඉතා සියුම් පිපිරවීමක් වෙනවා. (නි)
සරඹ උණ්ඩයක්? එහෙනම් ෂුවර් සෙල්ලම් එකක් (නි)
යහපාල උන්නැහේ , කවදාවත් හරි දේ හරි විදියට දකින්න කැමති නැති මනුස්සයෙක් (නි)
ඕකනේ මම එදා ඉදන් කියන්නේ පිවිතුරු යහපාලට 60 පැනලා කියලා. නැත්නම් කොහොමද 70 දශකයේ ටෙලි නාට්‍ය බලලා තියෙන්නේ. යහපාල මුත්තේ, පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා නිවී හැනහිල්ලේ ඉන්න ඕන කාලයක් නේද මේක. (නදී)