සබරගමු පළාත් සභාවේ බලයද ඉදිරි දින කිහිපය තුළ වෙනස්වීමේ අවදානමක් ඇති අතර මීළඟ රැස්වීම ලබන මස දෙවෙනි දින දක්වා කල් තබා ඇති අතර සභා රීති අනුව දෙසතියකට වරක් රැස්විය යුතු පළාත් සභාව මෙසේ මසක කාලයකට කල් තැබුවේ බල පෙරළියක සේයාවක් දිස්වු නිසා දැයි සැකයක් පවතින බව පළාත් සභා ආරංචි මාර්ග කියයි.
මේ අතර මහ ඇමැති මහීපාල හේරත් සියපුත් කෑගල්ල දිස්ත‍්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා ද පවුලේ තවත් හතර දෙනෙකුද ඇතුළුව කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගතව ඇත.
සබරගමු පළාත් සභාවේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සංධානයට එහි මන්ත‍්‍රී ධුර හතළිස් හතරෙන් තිහක් හිමිය. විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයට හිමිව ඇත්තේ මන්ත‍්‍රී ධූර දාහතරකි. ආණ්ඩුපක්‍ෂයේ සභා නායක ජයතිස්ස රණවීර මහතා මැතිවරණයට පෙර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වු නිසා විපක්‍ෂයට මන්ත‍්‍රීවරුන් 15කගේ සහාය හිමිව ඇත. නමුත් බලය වෙනස් කිරිමට තවත් මන්ත‍්‍රීවරු අට දෙනෙකුගේ සහාය අවශ්‍යය.
මේවනවිට එම අවශ්‍ය අටදෙනා රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකෙන් කැමැත්ත පළකර ඇති බවත්, ඔවුන්ගෙන් කැමැත්ත පළකර දිව්රුම් ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු සබරගමුවේ නව මහ ඇමැතිධූරය පිළිබඳ එකඟත්වයකට පැමිණ බලය වෙනස් කිරිමට කටයුතු ඉදිරි සතිය තුළ සිදුකෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ අතර හිටපු රජයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇමතිවරයෙක් ඔහුගේ ඥාතියෙකුවූ සබරගමු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුවන ඥාතියෙකුගේ නිවසේදී පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දුන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද, ශාඛා, වෘත්තීය, සහ වෙනත් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයට සම්බන්‍ධ සංවිධාන ප‍්‍රබලයන් සමග සාකච්ඡාවක් පවත්වා කොන්දේසි කිහිපයක් මත මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ඉස්සල්ලයි කොන්දේසි මත සහාය දෙන්න තිබුනේ.දැන් මොන කොන්දේසිද වැලයන අතට මැස්ස ගහනවා ඇරෙන්න.(හේ)
කෑගල්ල නගරයේ හෝටලයක කැෂියර් ලෙස සේවය කල පුද්ගලයෙක් කෝටිපතියෙක් වුයේ කෙසේදැයි සොයන්න කාලය ඇවිත්. (නදී)
ඔහොම ඔහොම ගිහින් යාපනය වෙනස්වුණ දාටයි හැමෝටම ආපසු හැරිලා බලන්න වෙන්නේ (නි)
වික්‍රම,පළාත් සබාවල පත්වීම් දෙන්නේ, රැස්වීම් තියන්නේ හෝටල්වල. (නදී)
එම කාලය තුල හමුදාපතිවරයෙක් හිටියේ නැහැ. සේනා විදායක වරයෙක් වශයෙන් මහින්ද මහත්තය තමයි හිටියේ. එතුමා තමයි යුද්දෙට නායකත්වය දුන්නෙත් (නදී)
එහෙනම් ඒකත් එහෙමයි.... (නි)
අතුළ පළාත් සභාවයි හෝටලයයි අතර ඇති වෙනස මොකක්ද ? (නදී)
පළාත් සභාවයි හෝටලයයි අතර ඇති වෙනස මොකක්ද ?]දෙකටම ඇතුල් උනාම හොඳට කන්න පුළුවන් නේ !!!! එක තැනකදී හොඳට බඩ පුරෝගන්න පුළුවන්. අනිත් තැනදී සාක්කු පුරෝගන්න පුළුවන් හොඳට. හොඳට පුරෝගන්න තමා දෙපොළටම යන්නේ ......(අ)