නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අවුරුදු නිවාඩුව සති දෙකකින් දීර්ඝ කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස්. රූබසිංහ පවසයි.
මෙම 17දා විශ්වවිද්‍යාලය පටන් ගැනීමට නියමිතව තිබුනද මැයි 6දා තෙක් නිවාඩුව දීර්ඝ කළ බව උපකුලපතිවරයා කීය.
සබරගමුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම මේ 22 වනදා සිට ඇරඹේ. එම කාලය තුළදී ජ්‍යෙෂ්ඨ සිසුන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම තහනම් කර තිබේ.
විශ්වවි්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීම සහ එහි සිසුන් හය දෙනකුට පන්ති තහනම් කිරීම නිසා පසුගිය දිනවල විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් මාර විදියකටනේ හිතන්නේ. ලකාවේ නෙමේද ජීවත් වෙන්නේ. (නි)
මම හිතුවේ ලංකාවේ විශ්ව විද්‍යාල වහලමයි තියෙන්නේ කියලා. ඒවත් අරිනවා එහෙනම්.(නදී)
ඉතාම අවාසනාවන්ත තත්ත්වය තමයි ශිෂ්‍යයින්වත් පාලකයෝවත් අධ්‍යාපන බලධාරීන්වත් මේ ශිෂ්‍යයන්ගේ වර්ජන ආදිය නිසා ඔවුන්ට අහිමිවෙන කාලය කොයි තරම් වටිනවද කියලා තේරුම් නොගන්න එක. අවුරුදු තුනේ උපාධියට අවුරුදු හතරක් පහක් වැයකරලා එළියට එනකොට වෙනත් උගතුන් රැකියා අවස්ථා පුරවලා ඉවරයි. විශේෂයෙන් කලා උපාධිධාරීන් මේ තරගකාරී රැකියා වෙළඳ පොලේ තව තවත් පස්සට තල්ලු වෙනවා. ඔවුන්ට ලොකු ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉංග්‍රීසි සහ කාලීන දැනුම නැතිකම. ශිෂ්‍ය සංගම් එකක්වත් මේ දෙක ඉල්ලලා සටන් කරලා තියෙනවද, ඒවාට විරුද්ධව මිසක්? (නි)
අනේ මන්දා කොහේ ජීවත් උනත් මට හිතෙන හැටි වැරදි නැහැ. (නදී)
සිසු ගැටළු වලට පිළිතුර මෙයද? (නි)
පරිපාලනමය ගැටළු තිබෙනවා ඇති (නි)
සබරගමුවේ ගැටලු වලට වග කිවයුත්තේ කවුද? (නි)
සබරගමුව සිසුන් වගකීමෙන් වැඩ නොකරන නිසා මේ අර්බුදය හට ගෙන තිබෙනවා (නි)