(වයි.ඵ්.ඵස් වීරවංශ)
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසුන් දහ තුන් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට බලංගොඩ මහේස්ත්‍රාත් බි.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය අද (15) දින බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දි නියෝග කලාය.
අදාළ සිසුන් දහ තුන් දෙනා අතරින් නව දෙනෙකු කුරුවිට බන්ධනාගාරයේ රදවා ඇති අතර සුමි තාක්ෂණය ඔස්සේ මෙම නඩු විභාගය පැවැත්විණි.
ඉතිරි සිසුන් සිවි දෙනා බන්ධනාගාර නිලධාරීන් බාරයේ අද (15) දින සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියහ.
ඵ් අනුව අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත් වරිය නියෝග කලාය.
ඉකුත් 12 දින සැකපිට සිසුන් හත් දෙනෙකු සමනළ වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර ඊට පසුව ඉකුත් 14 දින තවත් සිසුන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලහ.
ඉකුත් 09 දින රාත්‍රි සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සහ සිසුන් දෙදෙනෙකු පිටතින් ආහාර රැගෙන එම පීඨයේ ආපන ශාලාවෙ ආහාර ගනිමින් සිටියදි ඡෙෂ්ඨ සිසුන් යැයි කියා ගන්නා පිරිසක් විසින් විදුලිය විසන්ධි කර සිසුවියකට සහ සිසුන් දෙදෙනෙකුට පොලු මුගුරු වලින් පහර දී ඇතැයි පොලිසිය සදහන් කලේය.
තමන්ට විදුලිය විසන්ධි කර පොලු මුගුරු වලින් පහර දුන් බව පහර කැමට ලක් වු සිසුවිය සහ සිසුන් දෙදෙනා සමනළ වැව පොලිසිය වෙත ලබා දුන් කට උත්තයේ සදහන් වෙ..
පහර කැමට ලක් වු බව කියන සිසුවිය සහ සිසුන් දෙදෙනා 09 දින රාත්‍රියේම පබහින්න සහ බලංගොඩ මූලික රෝහල්වලට ඇතුලත් කර තිබිණි.
සැකකාර සිසුන් දහ තුන් දෙනා වෙනුවෙන් නීතිඥ වරුණ දිසානායක, උදාරි දයාරත්න යන මහත්ම ,මහත්මීන් පෙනි සිටියහ.
පහර කැමට ලක් වු සිසුන් වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් මහේන්ද්‍ර මහතා පෙනි සිටියේය.
බලංගොඩ සමනළ වැව පොලීසියේ ස්ථානාධිපති උපුල් ජයතිස්ස මහතාගේ උපදෙස් මත ( 42918) පොලිස් සැරයන් සේනාරත්න පැමිණිල්ල මෙහෙය විය.
නඩු විභාගය නැවත අද 16 දින කැදවීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නරි ගෙදර ඇරපල්ලා... ඔවුන්ට ඉගැන්නුවට කිසි ඵලක් නෑ. අසහනකාරයින්...