සබරගමු විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් තහනම හා සිසු නායකයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුහු අඟහරුවාදා සවස සිට දේශන වර්ජන කරති. තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ පන්ති අඟහරුවාදා තහනම් කැරිණි. මේ ගැන විමසීමට උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය. උපකුලපතිගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල බලධරයන්ගේ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් කරන්න ඕන. නමුත් මේ වගේ මහ පාර හරස් කරගෙන පොදු ජනතාවට බාද වෙන අයුරින් නොවේ. (ස)
ශිෂ්‍යයො කරන්න තියෙන්නේ ඉගෙන ගන්න එක. මෙයාලා විශ්ව විද්‍යාල හදන්න යන්වා. කුලපතිලා මාරුකරන්න යනවා. තමන්ට අදාල දේවල් වලට ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඉගෙනීමට සම්බන්ධ කිසිදෙයකට ස්ට්‍රයික් කරල තියෙනවාද බලන්න. අපිට හරියට දේශන පවත්වන්නේ නැත. විභාගය කල්නොදමා පවත්වනු වැනි දේ සදහා මේ අය උද්ගෝෂන කරන්නේ නැහැ. අනවශ්‍ය දේ සදහා කාලෙ කනවා. (නදී)
මේ ගොල්ලෝ මේ විදිහට පාර වහන්නේ පොලීසියෙන් ගුටිකන්න. ඊට පස්සේ අපිට ගැහැවා කියලා කෑ ගහනවා. දැන් තියෙන්නේ අර බස්වල හිරවෙලා ඇවිත් ඔතන නවත්වගෙන ඉන්න අයට කියලා මෙයාලට ගහන්න (නි)
මේ සිසු නායකයන්ගේ පන්ති තහනම් කරේ තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න කතා කරන්න ගිහින් නෙමේ. තමන් නොදුටු පරපුරක් වෙනුවෙන් හඩ අවදි කරල. මේ වසරට බදවා ගන්න හැකි නවක සිසුන් 500 ක් බදවා නොගැනීම, බදවා ගැනීමේ ගාස්තු දරාගත නොහැකි ලෙස ඉහල දැමීම ආදී ප්‍රශ්න ගැන කතා කරන්න ගිහින්. මේ අයට කොහොමත් උපාධිය ලැබෙන්න තිබුන තව අවුරුද්දකින්. ඒක නැති උනේ ඇත්ත කතා කරන කොට බලධාරීන්ට ඉවසගන්න බැරි උන නිසයි. මේ දේවල් මහජන මුදල් නාස්තියක් විදියට දකින එක අමන කමක්. අධ්‍යපනය ලැබිය හැකි පිරිසකට ඒ වරම ලබා දෙන්න හඩ නැගීම මුදල් නාස්තියක් වෙන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.(නදී)
අසාධාරණයට එරෙහිව නැගී සිටීම අත්‍යාවශ්‍යයි (නි)
සමහරක් මිනිස්සු කියන කතා දිහා බැලුවහම තේරෙනවා ඔවුන් කෙතරම් සමාජය සමග ගෑටෙනවද? කෙතරම් නිදහස් අධ්‍යාපනය ගැන අවබෝධයක් තියෙනවද කියලා. අද සබරමු විශ්ව මාතාවට වුණ දේ හෙට තවත් සරසවියක් තුළ සිදුවිය හැකියි. බුද්ධිමත් මිනිසුනේ, සැබෑව කුමක්ද කියන එක තෙවනැසින් බලන්න කාලය එලඹ ඇත. (නි)
දැන් රස්සාවල් දෙන්නේ තරුණයින්ට, උපාධි ධාරීන්ට කොහොමද රස්සා දෙන්නේ, නාකි වෙනකල් විශ්ව විද්‍යාලේ දේශපාලනය කරලා රස්සා නැහැ කියලා කෑ ගහනවා (දී)
අහිංසක දෙමව්පියෝ සල්ලි වියදම් කරලා ඉගෙන්න්නුවේ ශිෂ්‍ය සංගම් දාන්නද , එහෙම නැත්නම් ඩිග්රී එක අරගෙන වැදගත් විදියට ජීවත් වෙන්නද ? අපරාදේ අර අහිංසක දෙමව්පියෝ මේ දරුවන්ට උගන්නන්න වියදම් කලේ, අනිත් එක මේ අය ඉගෙන ගන්නේ මහජන මුදල් වලින්. ඒ මුදල් රජය වියදම් කරන්නේ මේ වගේ වර්ජන කරන්න උගන්නන්න නෙමෙයි, රටට වැදගත් සේවයක් කරන්න පුළුවන් යහපත් වැදගත් තරුණ පරපුරක් හදල රට බාර දෙන්න. අනේ අපරාදේ මහජනයාගේ සල්ලි.(ස)
ශිෂ්‍යයෝ තමන්ගේ පාඩුවේ වැඩ කරද්දී ඒවාට නිකන් බොරුවට මැද්දට පැනලා පරිපලානේ මහත්ත්වරු දැන් අමාරුවේ වැටිලා ඉන්නේ. තාමත් එයෙලා පරක්කු වැඩි නේ ළමයින් වැරද්දක් කලා නම් එකට මුලින්ම අවවාද කරන්න ඕනේ. නැතුව එක පාරටම මරණ දණ්ඩනය දෙනවා වගේ පන්ති තහනම් කරලා තේරුමක් කැහැ. එකෙන් වෙන්නේ ළමයින්ගේ අනාගතය අදුරු වෙන එකයි. නිදහස් අධ්‍යාපනය ගැන මිනිසුන්ට තියන ආකල්පය නැති වෙන එකයි.(නදී)
නුසුදුසු තත්වයෙන් ඉදිකිරීම් කරනවා කිව්වට නේද ළමයින්ගේ පන්ති තහනම් කළා කියන්නේ (ස)
මේ ළමයින්ට අධ්‍යාපනය වැඩක් නැහැ වගේ (දී)
හැමදාම මොකාක් හරි තියෙනවා විශ්ව විද්‍යාල වල (දී)
ගොඩක් වර්ජන වලට හේතුව නොදන්නාකම සහ උද්දච්චකම එක දෙපෙත්තටම පොදු දෙයක් පරිපාලනය මීට වඩා නම්‍යශීලී විය යුතු වෙනවා.(නදී)
අනේ පුතේ දුවේ, පාර ඔහොම හරස් කරලා ඉන්දගත්තාම හදිස්සි ගමනක් යන මිනිස්සු, ලෙඩෙක් ඉස්පිරිතාලෙකට අරගෙන යන කෙනෙක් කොහොමද යන්නේ. ඒ ලෙඩා මැරෙන්නත් පුළුවන් නේද? ටිකක් හිතලා බලන්න. ඔබගේ ප්‍රශ්ණ අපිට නොතේරෙනවා නෙමෙයි. එහෙත් අසරණ මිනිස්සුත් ගැන හිතලා ප්‍රශ්ණ විසඳ ගත්තොත් නේද හොඳ? (නි)
මිනිස්සු ගොඩක් කැම්පස් වල තියන ඇත්ත තත්වය නොදැන කතා කරන්නේ එය තේරෙන්නේ විශ්ව විද්‍යාල වලට යන කෙනෙක්ට පමණි. රජය මාද්‍ය මගින් මිනිස්සුන්ගේ විශ්ව විද්‍යාල පිළිබඳව පවතින ආකල්පය ඉතාමත් පහල තැනට වැටෙන සේ කටයුතු කරගෙන යනවා. විශ්ව විද්‍යාලයේ පවතින උග්‍ර අද්‍යාපන හා සුබශාධන ගැටළු වෙනුවෙන් පෙනී සිටි එම සහෝදරයින් 6 දෙනාගේ අත්තනෝමතික පන්ති තහනම වෙනුවෙන් සිසුන් අකණ්ඩ පන්ති වර්ජනයක් සදහා යොමුව ඇත්තේ. සබරගමුව විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය තුල පවතින්නේ කිසිදු දේශපාලන හෝ වෙනත් කිදිදු බලපෑමකින් තොර වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයක්. විශ්ව විද්‍යාලයේ පවතින ගැටළු වෙනුවෙන් පෙනීසිටි ඔවුන් කිසි දිනක වරද කරුවන් නොවේ.(නදී)
අරගල නොකර දිනාගත් යහපත් කිසිවක් නොමැත ලොවේ. (ස)
ගොඩක් අයගේ අදහස් දැක්කම ඇත්තටම දුකය්. අපිටත් ඩිග්‍රී 1 අරන් පාඩුවේ එලියට යන්න බැරි කමක් නෑ. නමුත් අපි තවත් අපි වගේ දුප්පත් එකෙකුට ඉගෙනගන්න විශ්වවිද්‍යාල කියල දෙයක් ඉතුරු කරලා තමයි අපි එලියට යන්නේ. ඒ අපිත් ඉගෙන ගත්තේ මේ ලංකාවේ ඉන්න දුප්පත් මිනිහගේ බදු මුදලින් බව දන්නා නිසා. ඒ දුප්පත් අම්මගේ තාත්තගේ දරුවට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගෙවන්න ලක්ෂ 70, 80 නැති බව අපි දන්නා නිසා. නිදහස් අධ්‍යාපනය දවසක නැති උනොත් ඒ මහාශාපයට වන්දි ගෙවන්න මේ කාටවත් බැරි වෙයි. (ස)
වෙලා තියෙන දේ ගැන මුකුත් දන්නෙ නැතුව අදහස් දාලා බොරුවට උපදෙස් දෙන අය මීට වඩා මේ ප්‍රශ්නෙ ගැන හෙට දවසේ ඉගෙනගන්න ඉන්න දරුවන්ගෙ අනාගතේ ගැන හිතලා බලන්න. හෙට මේ අසාධාරනේ වෙන්නෙ තමන්ගෙ දරුවට, නංගිට, මල්ලිට වෙන්න පුලුවන්. (නි)
අපිට අපේ සුළු ඉල්ලීම් ටික නොදී කරන අසාධාරණකම් ඉවසන්න බැරුව තම පාරට බැස්සේ. (නි)
ලංකාවෙ විශ්වවිද්‍යාල ගැන කිසිම අවබෝධයක් නැතුව අදහස් දක්වන අයගැන බොහොම කණගාටුයි..නමුත් මේ ශිෂ්‍යයො අරගල කරන්නෙ වෙන කරන්න දෙයක් නැතුවවත්, මහජන මුදල් නාස්ති කරන්නවත් නෙමෙයි...ලංකාවෙ අහිංසක අම්මා තාත්තා කෙනෙක්ගෙ දුප්පත් දරුවෙකුට ඉගෙනගන්න තියෙන නිදහස් අධ්‍යාපනය රැකගන්න... (ස)
නිකන් දෙන කිසිම දෙයක කිසිම වටිනාකමක් නැත. වටිනාකමක් ඇත්තේ නිකන් ලැබෙන දෙයක් හරියට ප්‍රයෝජනයට ගත්තොත් පමණි. (නි)
පිටින් ප්‍රශ්නේ දිහා බලනකොට පෙනෙන්නේ එහෙම තමා. ඒ ගැන හරියට නොදන්නා අය තමා මේවා මෝඩ වැඩ කියලා කියන්නේ. හරි (නි).
හරක් රැලක් පාරට බැහැල වගෙයි. (නි)
මිනිස්සු ඇත්ත දන්නේ නැත්තේ මාධ්‍යයෙන් ඒ ඇත්ත විස්තර නොදෙන නිසානේ. අපිත් ඉගන ගන්නයි දුක් විඳලා ආවේ. කොහොමද අපි ඉගන ගන්නේ? කෝ අපිට පහසුකම්? පුස්තකාලේ පොත් කෝ? ඒවාට එන මුදල් කවුද ගසා කන්නේ??? දැනගෙන කතා කරන්න. ඔයලෙගේ දරුවන්ටත් මේ ටිකම තමයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තමන් ගෙන විතරක් හිතන කෙනෙක් නොවන වග තරයේ මතක තියගෙන්න. අද රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපිට නැගිටින්න බැරිත් ඔයාලගේ ඔය වගේ ආත්මාර්ථකාමී අදහස් නිසා තමායි. හරිදේ දැනගෙන කතා කරන්න. (නදී)
දුලිප් බලන්න මෙතන දාල තියෙන ප්‍රතිචාර වල මොන තරම් මූසයෝද ලංකාවේ එන්නේ කියල.වුන්ගේ දරුවන් වෙනුවෙන් හද නැගීමත් වරදක් විදිහට දකින අවුන්ට නූගත්කම කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද? (අ)
ඇත්තටම මේ ඉන්නේ රටේ අනාගතය බාර ගන්න එන්න වුගත්,බුද්දිමත් දරුවන් කියල රට කරවන අයට නොතෙරීම මොන තරම් අවාසනාවන්තද? (අ)
පස් පුරවලා,තාර දාන අධිවේගී මාර්ගයක් නම්, හැමදාම කැඩෙන විදුලි බලාගාරයක් නම්, නැවු නොඑන වරායක් නම්,ප්ලේන් නොඑන ගුවන් තොටුපලක් නම් මට කරලා දෙන්න පුළුවන්. ඒත් ඔය ඉල්ලන ඉල්ලීම් නම් දෙන්න අමාරුයි. (නි)
වැස්සකට හරි කැම්පස් එකකට ගිය මිනිස්සු විතරයි දන්නේ ඒවගේ තියන ප්‍රශ්න. නිකන් බොරුවට විවේචනය කරන්න කලින් කැම්පස් එකක් පැත්තේ ගිහින් බලන්න ඒවගේ තියන ප්‍රශ්න මොනාද කියලා.(නදී)
මේ එක එක මහත්තුරු තමන්ගෙ බුද්ධියෙ තරම පෙන්වමින් කියපු විදියට සර්ව සම්පූර්ණ අඩු පාඩු රහිත, හැම පහසුකමක්ම හරියට සලසන විශ්ව විද්‍යාල පද්ධතියක් තිබුනා නම්, ශිෂ්‍යයන්ට මෙහෙම පාරට බහින්න උවමනාවක් නැහැ. නැතුව මෙහෙම පාරට එන්නෙ දේශපාලනයක් කරන්න නෙමෙයි. (අ)
රුවන් , මමත් කියන්නේ ඒ ටිකම තමා..පිට ඉදන් බැලුවට ඒක තේරෙන්නේ නෑ ... (ස)
ඉල්ලීම් දිනාගැනීමට නම් පාවනොදී එකා මෙන් පෙළ ගැසී සටන් කල යුතුයි. (ස)
කිසිම ළමයෙක් සරසවි එන්නේ ශිෂ්‍ය සංගම් වලට යන්න හිතාගෙන නෙමෙයි. අරගල කරන්න හිතාගෙනත් නෙමෙයි. සබරගමුවට මෙහෙම වුණේ අසාධාරණයට එරෙහිව කතාකරන්න ගිහින්. ශිෂ්‍ය සංගම් තිබෙන නිසා තමයි නිදහස් අධ්‍යාපනය මේ තරම්වත් රැකිලා තියෙන්නේ. (නි)
එක්කෝ ඉල්ලීම් ඉෂ්ට කරන්න, නැතිනම් දෙන දෙයක් තියාගෙන ඉගෙන ගන්න (දී)