සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා මින් සුලු මොහොතකට පෙර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයට පැමිණියහ.
ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 225 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත් වන බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා විහිළුවක් වගෙයි දැන්. පසුගිය රජයේ දේශපාලකයෙක් රට යන්න ගුවන්තොටුපළට ආවොත් ලොකු දෙයක් වෙනවා ඒක. මෙපමණ කලක් හිටියේ ලංකාවේ නේද? වැරදි කළ අය සිටී නම් නීතියෙන් දඩුවම් දෙන්න. එයට ජනතාව සියලු දෙනා එකඟයි. මොවුන් රටින් පිටව යන්නේ බොරු පාස්පෝට් හදා හෝ වෙනත් හොර මාර්ග වලින් නොවේ, නිත්‍යානුකූල ක්‍රමයටයි. එනිසා එයට විරුද්ධවීම නිෂ්ඵල වැඩකි (නි)
රටේ නීතිය අනුව බන්දුල කියනවා වගේ දෙයක් තමා වියයුත්තේ (නි)
එහෙනම් අයි මහින්දගේ කාලේ කිසිම චෝදනාවක් නැතිව පැමිණිල්ලක් නැතිව ගොඩක් අයව ගුවන්තොටුපොළේදී නැවැත්තුවේ? මට මතකයි ලසන්ත වික්‍රමතුංග පවා මෙලෙස බුද්ධි අංශයෙන් නවත්වා අපහු ගෙදර යැවුවා. (හේ)
රුවන්පුරේ පිය පුතු "රන්" පාලනය ,අඹු සැමි පාලන ඉවර වෙයිද ? (අ)
මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල සහ මහජන මුදල් කොල්ලකාපු අය තමයි තකහනියක් රටින් පිටවෙන්නේ. එ්ත් ඉතින් ඩුබායි සිංගප්පුරුව වැනි රටවල සල්ලි තියෙනකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි හොයන්න එහෙ දේශපාලනය කොරන්නැයි ආපහු එනවා ඇරෙන්න. (නදී)
පොඩ්ඩක් ඉවසන්න. ඔහුට කවුරු හරි පැමිණිල්ලක් දාල නැතිනම් අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු කොහේ ගියත් ආයේ පොලිසිය ගෙන්වනවා. (නදී)
සබරගමුවේ අයට දැන් අවස්ථාව උදාවෙලා තියනවා ඔලුව අතගාල බලන්න අං තියෙනවද කියලා. (නදී)
වැරැදිකරුවන්ට දඩුවම් කරන එක පළි ගැනීමක් නෙවෙයි (දිල්)
මහින්දගේ ආණ්ඩුවට හොද කියපු අය දැන් මොකද කියන්නේ.ඒත් ලැජ්ජා නෑ.මේ අයගේ හොදමනේ කියන්නේ.ලංකාවේ ඉන්නේ ගිය ආත්ම වල ණය කාරයෝ.අනුන්ගේ පව් ගෙවන්න ඉපදිලා.(හේ)
ලංකාවේ ඉන්න මිනිස්සු ගිය ආත්මේ ණය කාරයෝ.අනුන්ගේ පවු ගෙවනවා.(හේ)
ඒ අය ගිහින් තියෙන්නේ නීතියට අනුකුලව. චෝදනා තියෙනවනම් ලිඛිතව ඉදිරිපත් කරන්න ඕන .වරදක් කරලා තියෙනවනම් මොන රටේ හිටියත් දඩුවම් දෙන්න පුළුවන්. මේ අය රටෙන් පැනල ගිහින් නොවේ. නැවත මේ රටට එන්න බලාගෙන යන සංචාර. (බ)
සබරගමුවටත් හොද කාලයක් එයි වගේ. (නදී)
හොරෙන් ගත්ත සල්ලි වියදම් කරන්නද ඔය යන්නේ ? (බ)
මේ අයට රටින් පිට වීමට කිසි තහංචියක් දමල නෙහැ , එනිසා ඔවුන් කෙමති විදියට සංචාරය කරන්න පුළුවන් , සල්ලිත් තියෙන නිසා (බ)
ඉක්මනට ක්‍රියාත්මක වෙන්න. (නි)
හැමෝම පැනලා යනතුරුද ඉන්නේ? (නි)
ඇයි මෙහෙ හිටියොත් මොකද වෙන්නේ? (නි)
දැන් ඉතින් රට තමයි (නි)
කිසිවෙකුට තවම නීත්‍යානුකුලව චෝදනා ගොනුකර නැහැ. ඒක නිසා කැමති තැනකට යාමේ නිදහස තිබෙනවා. කවදා හෝ චෝදනා ගොනුකළ විට ඉන්ටපෝල් මඟින් ඔවුන් ආපසු ගෙන්වා, එහෙම නැත්නම් සිය කැමැත්තෙන් ආපසු ආ විට චෝදනා වලට පිළිතුරු දීමට ඉඩදීම තමා යහපාලනය කියන්නේ. එහෙම නැතුව ඡන්දෙන් දිනූවිට පරාජය වූ අපේක්ෂකයා හිරේ දැමීමවත් අධිකරණ වරෙන්තු ලැබුවන් සමඟ ප්‍රසිද්ධියේ පෙනීසිටීමවත් නොවේ. අපේ රටේ නීතිය කොතරම් බාල්දු වී තිබේදයත්, නීතියට අනුවම කටයුතු කිරීම, හොරුන් වංචාකරුවන් නිදැල්ලේ හැරීමක් ලෙසටයි සමාජයට වැටහෙන්නේ. (නි)
ඉස්සර නම් මේවා අපිට සුරංගනා කතා වගෙයි (නි)
ඔක්කොම එකට අල්ලලා විශේෂ කූඩුවක දාන්න (නි)
සෑම්ගේ, කතාව අනුමත කරමි. (ර)
ලැජ්ජාවෙන් වුණත් මට නම් කියන්න වෙනවා අපි රැවටුණා කියලා (නි)
මේවා ඔක්කොම සිනමා සිත්තම් වගෙයි. කට්ටියම කරන්නේ එකම රස්සාවනේ. පව්! ඉතින් මිනිස්සු බලාගෙන ඉන්නවා මොනවාද වෙන්නේ කියලා. නමුත් මහජන දේපළ කොල්ලකන එක තරම් පාපකර්මයක් තවත් නැහැ (නි)
අනේ දෙවියනේ! හැමෝම රට පනිනවා. මට නම් පිස්සු වගෙයි (නි)
මෙච්චරටම බයවෙන්නේ ඇයි? (නි)
නිවාඩුවක් ගතකරන්න වෙන්න ඇති අනේ! (නි)
බයවෙන්න එපා. කොහේ ගියත්, වංචා දුෂණ කොමිසමේ නඩුවක් පැවරුවාම අන්තර්ජාතික පොලිසිය, ජාත්‍යන්තර බුද්ධි අංශයේ ආධාරයෙන් අල්ලාගන්න පුළුවන්. කොහේ ගිහිල්ලා හැංගෙන්නද? පළමුව වංචා දුෂණ කොමිසමේ නඩුවක් පැවරී තිබිය යුතුයි. පසුව අධිකරණයෙන් වංචා දුෂණ කොමිසමේ නඩුවක් පවරලා, වරෙන්තුවක් ලබාගත යුතුයි, පිටරට යන එක වළක්වන්න. වංචා දුෂණ නඩුවක් තිබුනොත්, අවශ්‍ය නම් ආගමන විගමන බලපත්‍රය අධිකරණ බාරයට ගතහැකියි. (නි)
සෑම්ගේ කතාව අනුමත කරමි (නි)
කවුරු කළත් පව පවමයි! ඒත් එයාලා අපාගත වෙනකොට අපිට රටක් තිබේද? එසේ වුවහොත් අපි කොහේ යන්නද? (නි)
අපිට නොයෙකුත් ආරංචි ලැබෙනවා. වැරදිකරුවන් කිසිවෙක් චෝදනා වලින් නිදහස් කරන්න එපා. ඒ වගේ දේවල් සිද්ධ වුණොත් ජනතාවගේ විශ්වාසය නැතුව යාවි. (නි)
1993 සමුපකාරේ බඩු කිරපු මහී... දැන් කෝටිපතියා. කොහොම ගැහිල්ලක් ගහලද?