IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සබරගමු මහ ඇමති පවුල පිටින් රට යන්න ඇවිල්ලා

සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා මින් සුලු   මොහොතකට පෙර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයට පැමිණියහ.

ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 225 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත් වන බව වාර්ථා වෙයි.

 



අදහස් (32)

සබරගමු මහ ඇමති පවුල පිටින් රට යන්න ඇවිල්ලා

ජෙරඩ් Thursday, 15 January 2015 03:46 AM

මේක මහා විහිළුවක් වගෙයි දැන්. පසුගිය රජයේ දේශපාලකයෙක් රට යන්න ගුවන්තොටුපළට ආවොත් ලොකු දෙයක් වෙනවා ඒක. මෙපමණ කලක් හිටියේ ලංකාවේ නේද? වැරදි කළ අය සිටී නම් නීතියෙන් දඩුවම් දෙන්න. එයට ජනතාව සියලු දෙනා එකඟයි. මොවුන් රටින් පිටව යන්නේ බොරු පාස්පෝට් හදා හෝ වෙනත් හොර මාර්ග වලින් නොවේ, නිත්‍යානුකූල ක්‍රමයටයි. එනිසා එයට විරුද්ධවීම නිෂ්ඵල වැඩකි (නි)

:       0       0

දිසානායක Thursday, 15 January 2015 03:48 AM

රටේ නීතිය අනුව බන්දුල කියනවා වගේ දෙයක් තමා වියයුත්තේ (නි)

:       0       0

අසෝක Thursday, 15 January 2015 04:31 AM

එහෙනම් අයි මහින්දගේ කාලේ කිසිම චෝදනාවක් නැතිව පැමිණිල්ලක් නැතිව ගොඩක් අයව ගුවන්තොටුපොළේදී නැවැත්තුවේ? මට මතකයි ලසන්ත වික්‍රමතුංග පවා මෙලෙස බුද්ධි අංශයෙන් නවත්වා අපහු ගෙදර යැවුවා. (හේ)

:       0       0

සමන්ති Thursday, 15 January 2015 03:04 PM

රුවන්පුරේ පිය පුතු "රන්" පාලනය ,අඹු සැමි පාලන ඉවර වෙයිද ? (අ)

:       0       0

අතුල Thursday, 15 January 2015 05:00 AM

මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල සහ මහජන මුදල් කොල්ලකාපු අය තමයි තකහනියක් රටින් පිටවෙන්නේ. එ්ත් ඉතින් ඩුබායි සිංගප්පුරුව වැනි රටවල සල්ලි තියෙනකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි හොයන්න එහෙ දේශපාලනය කොරන්නැයි ආපහු එනවා ඇරෙන්න. (නදී)

:       0       0

මහින්ද Thursday, 15 January 2015 05:09 AM

පොඩ්ඩක් ඉවසන්න. ඔහුට කවුරු හරි පැමිණිල්ලක් දාල නැතිනම් අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු කොහේ ගියත් ආයේ පොලිසිය ගෙන්වනවා. (නදී)

:       0       0

අතුල Thursday, 15 January 2015 05:14 AM

සබරගමුවේ අයට දැන් අවස්ථාව උදාවෙලා තියනවා ඔලුව අතගාල බලන්න අං තියෙනවද කියලා. (නදී)

:       0       0

ශ්‍යාම් Thursday, 15 January 2015 05:32 AM

වැරැදිකරුවන්ට දඩුවම් කරන එක පළි ගැනීමක් නෙවෙයි (දිල්)

:       0       0

අනුරංග සෙනෙවිරත්න Thursday, 15 January 2015 06:03 AM

මහින්දගේ ආණ්ඩුවට හොද කියපු අය දැන් මොකද කියන්නේ.ඒත් ලැජ්ජා නෑ.මේ අයගේ හොදමනේ කියන්නේ.ලංකාවේ ඉන්නේ ගිය ආත්ම වල ණය කාරයෝ.අනුන්ගේ පව් ගෙවන්න ඉපදිලා.(හේ)

:       0       0

අනුරංග සෙනෙවිරත්න Thursday, 15 January 2015 06:05 AM

ලංකාවේ ඉන්න මිනිස්සු ගිය ආත්මේ ණය කාරයෝ.අනුන්ගේ පවු ගෙවනවා.(හේ)

:       0       0

උදිත බස්නායක Thursday, 15 January 2015 06:08 AM

ඒ අය ගිහින් තියෙන්නේ නීතියට අනුකුලව. චෝදනා තියෙනවනම් ලිඛිතව ඉදිරිපත් කරන්න ඕන .වරදක් කරලා තියෙනවනම් මොන රටේ හිටියත් දඩුවම් දෙන්න පුළුවන්. මේ අය රටෙන් පැනල ගිහින් නොවේ. නැවත මේ රටට එන්න බලාගෙන යන සංචාර. (බ)

:       0       0

තරංග Thursday, 15 January 2015 11:51 AM

සබරගමුවටත් හොද කාලයක් එයි වගේ. (නදී)

:       0       0

කලීල් බණ්ඩාරවෙල Thursday, 15 January 2015 06:34 AM

හොරෙන් ගත්ත සල්ලි වියදම් කරන්නද ඔය යන්නේ ? (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Thursday, 15 January 2015 07:33 AM

මේ අයට රටින් පිට වීමට කිසි තහංචියක් දමල නෙහැ , එනිසා ඔවුන් කෙමති විදියට සංචාරය කරන්න පුළුවන් , සල්ලිත් තියෙන නිසා (බ)

:       0       0

චන්දිම Thursday, 15 January 2015 02:16 AM

ඉක්මනට ක්‍රියාත්මක වෙන්න. (නි)

:       0       0

අසංක Thursday, 15 January 2015 02:37 AM

හැමෝම පැනලා යනතුරුද ඉන්නේ? (නි)

:       0       0

සමන් Thursday, 15 January 2015 02:43 AM

ඇයි මෙහෙ හිටියොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

සමන් Thursday, 15 January 2015 02:45 AM

දැන් ඉතින් රට තමයි (නි)

:       0       0

සෑම් Thursday, 15 January 2015 02:52 AM

කිසිවෙකුට තවම නීත්‍යානුකුලව චෝදනා ගොනුකර නැහැ. ඒක නිසා කැමති තැනකට යාමේ නිදහස තිබෙනවා. කවදා හෝ චෝදනා ගොනුකළ විට ඉන්ටපෝල් මඟින් ඔවුන් ආපසු ගෙන්වා, එහෙම නැත්නම් සිය කැමැත්තෙන් ආපසු ආ විට චෝදනා වලට පිළිතුරු දීමට ඉඩදීම තමා යහපාලනය කියන්නේ. එහෙම නැතුව ඡන්දෙන් දිනූවිට පරාජය වූ අපේක්ෂකයා හිරේ දැමීමවත් අධිකරණ වරෙන්තු ලැබුවන් සමඟ ප්‍රසිද්ධියේ පෙනීසිටීමවත් නොවේ. අපේ රටේ නීතිය කොතරම් බාල්දු වී තිබේදයත්, නීතියට අනුවම කටයුතු කිරීම, හොරුන් වංචාකරුවන් නිදැල්ලේ හැරීමක් ලෙසටයි සමාජයට වැටහෙන්නේ. (නි)

:       0       0

කුරුවිට Thursday, 15 January 2015 02:52 AM

ඉස්සර නම් මේවා අපිට සුරංගනා කතා වගෙයි (නි)

:       0       0

අයේෂා Thursday, 15 January 2015 02:54 AM

ඔක්කොම එකට අල්ලලා විශේෂ කූඩුවක දාන්න (නි)

:       0       0

සසී Thursday, 15 January 2015 09:03 AM

සෑම්ගේ, කතාව අනුමත කරමි. (ර)

:       0       0

අමල් Thursday, 15 January 2015 02:55 AM

ලැජ්ජාවෙන් වුණත් මට නම් කියන්න වෙනවා අපි රැවටුණා කියලා (නි)

:       0       0

ටි‍රෝන් Thursday, 15 January 2015 02:56 AM

මේවා ඔක්කොම සිනමා සිත්තම් වගෙයි. කට්ටියම කරන්නේ එකම රස්සාවනේ. පව්! ඉතින් මිනිස්සු බලාගෙන ඉන්නවා මොනවාද වෙන්නේ කියලා. නමුත් මහජන දේපළ කොල්ලකන එක තරම් පාපකර්මයක් තවත් නැහැ (නි)

:       0       0

දිනේෂ් Thursday, 15 January 2015 03:18 AM

අනේ දෙවියනේ! හැමෝම රට පනිනවා. මට නම් පිස්සු වගෙයි (නි)

:       0       0

නීල් Thursday, 15 January 2015 03:22 AM

මෙච්චරටම බයවෙන්නේ ඇයි? (නි)

:       0       0

දිනෙල්ක‍ Thursday, 15 January 2015 03:23 AM

නිවාඩුවක් ගතකරන්න වෙන්න ඇති අනේ! (නි)

:       0       0

බන්දුල රත්නසේකර Thursday, 15 January 2015 03:26 AM

බයවෙන්න එපා. කොහේ ගියත්, වංචා දුෂණ කොමිසමේ නඩුවක් පැවරුවාම අන්තර්ජාතික පොලිසිය, ජාත්‍යන්තර බුද්ධි අංශයේ ආධාරයෙන් අල්ලාගන්න පුළුවන්. කොහේ ගිහිල්ලා හැංගෙන්නද? පළමුව වංචා දුෂණ කොමිසමේ නඩුවක් පැවරී තිබිය යුතුයි. පසුව අධිකරණයෙන් වංචා දුෂණ කොමිසමේ නඩුවක් පවරලා, වරෙන්තුවක් ලබාගත යුතුයි, පිටරට යන එක වළක්වන්න. වංචා දුෂණ නඩුවක් තිබුනොත්, අවශ්‍ය නම් ආගමන විගමන බලපත්‍රය අධිකරණ බාරයට ගතහැකියි. (නි)

:       0       0

මේනක විජේසුරිය Thursday, 15 January 2015 03:30 AM

සෑම්ගේ කතාව අනුමත කරමි (නි)

:       0       0

අධිකාරි Thursday, 15 January 2015 03:32 AM

කවුරු කළත් පව පවමයි! ඒත් එයාලා අපාගත වෙනකොට අපිට රටක් තිබේද? එසේ වුවහොත් අපි කොහේ යන්නද? (නි)

:       0       0

උමේෂ් Thursday, 15 January 2015 03:43 AM

අපිට නොයෙකුත් ආරංචි ලැබෙනවා. වැරදිකරුවන් කිසිවෙක් චෝදනා වලින් නිදහස් කරන්න එපා. ඒ වගේ දේවල් සිද්ධ වුණොත් ජනතාවගේ විශ්වාසය නැතුව යාවි. (නි)

:       0       0

සබරගමු ජනහඬ Friday, 20 August 2021 10:21 PM

1993 සමුපකාරේ බඩු කිරපු මහී... දැන් කෝටිපතියා. කොහොම ගැහිල්ලක් ගහලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site