කහවත්තේ කොටකෙතන පොලිස් මුරපොළ අසල හුදකලා නොවූ නිවෙසක සිදු වූ ද්විත්ව ඝාතනයේ වැදගත් තොරතුරු සියල්ලම අකාමකා දමන අයුරින් අපරාධය කැර ඇති බව පෙනේ යැයි පොලිස් ආරංචි කියයි.
රහස් පොලිසිය ඇතුළු කණ්ඩායම් පහක් පරීක්ෂණ සඳහා කැඳවා ඇත. මවගේත් දියණියගේත් ඇඟුරු වී ගිය සිරුරු දෙක පිළිබඳ පශ්චාත් මරණ පිරීක්ෂණ රත්නපුර රෝහලේ පැවැත්වේ. රජයේ රස පරීක්ෂක සිද්ධිය වූ ස්ථානය පිරික්සීය. ගිය වර අපරාධකරුවන් අල්ලා ගැනීමට උදව් කළ ‘සීබා‘ ට මෙවර හෝඩුවාවක් ගත නොහැකි විය. මවගේත් දියණියගේත් මරණයට පෙර වත්තේ තිබූ කොස් ගසක් හා තවත් ගස් දෙකක් කපා දැමුවේ කවුද යන්නත්, මීටර් 40ක් දුරින් වතතේ තේ ගස් අතර අරක්කු බී ‘බයිට්‘ කෑ පුද්ගලයන් සොයා ගැනීමටත් පොලිසිය වෙහෙසෙයි. මියගිය දෙදෙනාගෙන් කෙනකුට අයත් බව කියන කරාබුවක බෝලයක් ද සොයාගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීබටත් පගාව දීලද ???? මේවා බය නතුව කරන්නේ මිනිස්සු දන්නවා දඩුවම් ලැබෙන්නේ නැහැ කියල , එක්කෙනෙක් දෙන්නෙක් අල්ලුවානම් මේවා නවත්තන්න පුළුවන් (දී )
කප්රුක මහත්තයා වගේ කැමරාවක් හයි කරල තිබ්බ නම් හොයාගන්න තිබුනා.... (දී)
පොලිස් මුරපොළේ ඒ වෙලාවේ කිසිවෙකුත් ඉදලා නැද්ද? (නි)
වැරදි කරුවෝ අල්ලා දීමෙන් වැඩක් නෑ කියල සීබා හිතනවා ඇති. (අ)
සීබාට විතරක් නොවෙයි, දැන් සමහර අපරාධකරුවන් හොයන්න සක්කරයාගේ පුතාටවත් බෑ. මක්කෑයි අප්පා දොඩන්නේ....... මේ දෑස මක්කටැයි කියලා අපේ ඈයින්ට බලන් ඉන්නයි තියෙන්නේ... (නි)
අපරාධයක් කරන කෙනාට හොදට සැළසුම් කරලා කරන්න පුලුවන් විදියට A-Z ඔක්කොම මාධ්‍ය වල පළවෙද්දි මේ ගැන ආයි අමුතුවෙන් දෙයක් කියන්න ඉතුරු වෙන්නේ නැහැ. (නි)
පොලිස් මුර පොලේ අය ??
සීබාව ඉව නැති වෙන විදියට වැඩේ කරන්න ඇති. ඒත් මේකත් කොහොම හරි අල්ලන බව නම් ස්ථිරයි. නැවතත් මෙවැනි සිදුවීම් වීමට ඉඩ නොතබා අපි සියල්ලන්ම හොද සෙවිල්ලෙන් පසුවෙමු. (නි)
එහෙම කියලා බෑ සීබෝ .හොඳ සීබනේ තව පාරක් උත්සාහ කරමු
සීබා නිසා කලින් මිනීමරුවෝ අල්ලගත්ත එකෙන් පොලිසියත් ජාමේ බේරාගත්තා මේ පර මොකද වෙන්නේ (දී)
ඕක තමයි අපි කියන්නේ මෙච්චර. අපරාධයක් වුණාම ඒක වෙච්ච තැනේ ඉදලා හෙළි කර ගත්තු තැනට එනකල් ඕන එකයි, එපා එකයි හැම එකම පළ කරනවා ප්‍රසිද්ධ මාධ්‍ය වල.මේවා බැලුවම පොඩි එකෙකුට වුණත් පුලුවන් සාක්ෂි ඉතුරු නොවෙන්න අපරාධයක් කරන්න. (නි)
මේ අපරාදේ කළ අය මේ පාර මල ගෙදර යන්නෙත් නැහැ.අඩන්නෙත් නැහැ.ඒක ෂුවර්.මොකද ඒ අය දන්නවා ගිය පාර අපරාදේ කළ අය අසුවුණේ ඒ මොහොතේදී ඇතිවූ සැකයකින් බව. (නි)
පොලිසිය දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා.මේකට වග කියන්න ඕනේ ඇත්තේ ඒ ගෙදර අවටම කෙනකු තමයි. (නි)
බයවෙන්න දෙයක් නෑ. අපි දන්නවනෙ ලංකාවෙ පොලිස්සියෙ හැටි, කොහොම හරි සාක්කි එලියට ගනියි. (නු)
මේ සිද්දියෙ මිනීමරුවව කවද හරි ඇල්ලයි, නමුත් ප්‍රශ්නෙ වෙන්නෙ මේක මෙතනින් ඉවර උනේ නැත්තන් තමයි. කොහොමද කියන්නෙ තව දවසක තව කෙනෙක් ආයෙ ඕකම නොකරයි කියලා?(නු)
පව් අහිංසක තිරිසනා පලි (අ)
අපරාධ විද්‍යාත්මක නිර්ණායක වලට අනුව අපේ රටේ අපරාධ පවතින්නෙ ප්‍රාථමික අවදියක. ඒ කියන්නෙ අපරාද බොහෝ විට පෞද්ගලික ආරවුල්වල ප්‍රතිඵලයක ස්වරූපයක් (අයිසොලටෙ ඉන්සිඩන්ට්ස්) ගන්නා බවයි. මේ අවදියේ අපරාධ බොහෝ විට ක්ෂණික ආවේග හේතුවෙන් සිදු වන ඒවාය. නමුත් වඩා භයානක වන්නේ ද්විතීය අවදියේ අපරාධය. මේවා පෞද්ගලික ස්වරූපයක් නොගන්නා අතර සමාජය කෙරෙහි ඇති ගුප්ත පලිගැනීමේ චේතනාවක් හෝ වීරයෙකු වීමේ චේතනාවෙන් කරන සමූහ ගාතන (සීරියල් කිලින්ස්) වැනි ඒවා වේ. පසුගිය දිනෙක ඇමරිකාවේ සිදුවූ සමූහ ගාතන මේ ගනයේ ඒවාය. මෙලෙස ඉවක් බවක් නැතිව දිනපතා අපරාධ පිලිබඳ වාර්තා පල වීමෙන් (අපරාධ සාමාන්‍යකරණයෙන්) අපරාධයක් කිරීමට ඇති විශාල මානසිකමය බාධාව ඉවත් වේ. මේ පිලිබඳව වග කිව යුත්තන් ගේ අවදානය යොමු වේවා යැයි පතමි.(නු)
පොලිස් මුර පොළක් ළඟයි කිවුවා නේද? (නි)
මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනා තමයි ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා. (නි)
මෙවැනි දෙයක් සතුරකුටවත් නොවේවො. (අ)
පව් අහිංසක තිරිසනා පලිද මේකට (ස.වි)
දෙවියනේ, මෙම අපරාද කරුවන් ඉක්මනින්ම නිතියේ දැළට හසු වේවා! (නි)
අහෝ බුදුන් තුන්වරක් වැඩි දේශයට මොකද මේ වෙන්න යන්නේ... (ස.වි)
අහෝ බුදුන් තෙවරක් වැඩි දේශයට මොකද මේ වෙන්නේ...පව් ජීවිත දෙකක්..... (ස.වි)
මෙවන් දුකක් ලොව කිසිවෙකුට නොවේවා! ඔබ දෙපළට නිවන් සුව! (නි)
දැන් රටේ අපරාධ වැඩි වෙලා...කහවත්තෙම කීදෙනෙක්නම් මැරුනද? ඇයි මිනිස්සු මේ තරම් දරුණු....(ස)
ඔබ දෙපළට නිවන් සුව! (ස.වි)
අද කාලේ මිනිස්සුන්ට වැඩිය තිරිසන්නු විශ්වාසයි... (ස.වි)
කහවත්තේ මෙච්චර ඝාතන වෙද්දිත් බලධාරීන් ,පොලීසිය , ගම්වැසියන් මොනවද කරන්නේ......(සවි)
කොහොමද බල්ලට ගිය කල (දී)
මිනීමරුවන් අල්ලා ගත් විදිහ පල කලාම ඊලග පාර මිනීමරුවන් හට හොද අවස්ථාවක් වෙනවා ඒ වැරදි හදාගන්න. පාඨක අපට මිනිමරුවා ගැන දැනගත්තාම හොදටම ඇති. අල්ලාගත් විදිහ කියන්න එපා.....(සවි)
මෙතන මොකක් නමුත් ලොකු අදිසි බලවේගයක් යටින් ක්‍රියාත්මක වෙනවා. මේක ලොකු කුමන්ත්‍රණකාරී වෑඩ පිළිවෙලක ප්‍රතිඵලයක්. මේකට වගකිවයුත්තන් කහවත්ත ප්‍රදේශයේ අයනම් වෙන්න බෑ. හොඳට සෑලසුම් කරලයි වෑඩේ කරලත් තියෙන්නේ. මම නම් කියන්නේ මෙයාලට අවසාන වශයෙන් කරන්න ඕන වෙලා තියෙන්නේ මේ රටේ මහා ලොකු කාන්තා හිංසනයක් තියෙනවා කියලා බටහිර විකෘති කාන්තාවාදයට පක්ශපාතී විදිහට මේ සිද්ධි වලට විකෘති අර්ථකථන දෙන එක. (නි)
කහවත්තේ ඉව සීබාට නැත්තේ මීට කලින් වුණ මරණ වලදී මාධ්‍ය වලින් සීබා ඉව ඔස්සේ ගිය බව කියපු නිසා. ඉතින් හොරු සලකුණු තියන්නේ නෑ. (නි)
මෙවැනි අපරාධ වලට හේතුව පාලක පක්ෂයේම වැරදිය. (නි)
මේ පැත්තේ ගෙවල් වල ඉන්න බල්ලන්ට වස දෙනවලු. (නි)
කහවත්තෙ ගෑනු අය පුච්‍චනවා , තංගල්ලේ ගෑනු ළමයි දූෂනය කරනවා මෙක මහ පුදුම වැඩක්නේ අම්‍මපා..........(ස.වි)
ඔබ දෙපළට නිවන් සුව! (නි)
බල්ලෙක් දෙන දේ සිඹීම සහ ඒ පසුපස යාම හැර නොදෙන දේ හා අනවශ්‍ය දේ කිරීමන් වලකියි. අනෙක් කරුණ නම් බල්ලෙක් වූ සීබා රාජකාරි කරන්නේ පොලිසියේය. සීබාව බලු කිරීමට පාඨකයාට බැරිය. බල්ලෙක් වූවද සීබා රජයේ සේවකයෙකි. අදහස් දුන් සැමට තුති. (නි)
මේකෙ තිබුණ ඔක්කොම සාක්ෂි ටික එගොල්ල මකලා දැම්මෙ ගියපාර සිදුවීමේදී හොයාගත්ත ආකාරය ඔක්කොම පොලිසිය කිව්වා.. එහෙම කිව්ව නිසා මේපාර එගොල්ල ටික අර වැරදි ටික වහගන ඔක්කොම කළා.. පොලිස්නිලධාරීන් එම සාක්ෂි සොයාගත් ආකාරය රහසක් ලෙස තබාගන්න. ඒවා හෙලිකිරීමෙන් අපරාධකරැවන් නැවත එම අවස්ථා සොයා ගැනිමට නොහැකි ලෙස සාක්ෂි විනාශ කරනවා.. (නු)
ඔයාගේ කථාව හරි දිලීප, මිනීමරුවට නුවන තියෙනවා. ඒ නුවන හොද දේකට යොමු කරානම් කොච්චර හොඳද ? (සවි)
ඔන්න පිලීපීනෝගේ මෝඩ මොළේ තරම.... (නි)
සීබටත් දැන් මේවා හොයලම එපා වෙලා වෙන්න ඇති..... (සවි )
අපරාධයක සුලමුල හොයා ගත් ආකාරය සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය මඟින් හෙලිකිරීම එතරම් සුභදායක නොවන බව මෙයින් තහවුරු වෙනවා.ඒකෙන් සිද්ධ වෙන්නේ අපරාධකරුවන් බුද්ධියෙන් සන්නද්ධව කිසිඳු සාක්කියක් ඉතුරු නොකර අපරාධ සිදුකිරීමට වගබලා ගැනීමයි.කෙසේ වුනත් දෙවියන්ගේ බැල්මලැබී මෙම අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකිවේවා. (සවි)
කිසිම දවසක මෙවා දකින්න ලැබෙන්න එපා....(ස)
2600 සැමරුවට අපි තවමත් අශිෂ්ඨ ගෝත්‍රිකයෝ...ඒත් පිලිගන්නෙ නෑ..... (සවි )
කොච්චර මැරුවත් මේ වැරදි කරුවන්ට නිසි දඩුවමක් නැති එකයි පුදුමේ... (සවි )
මේවා කරන්නේ නීති හරියටම නැති නිසයි...... (ස.වි)
මෙවැනි අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයි... (සවි )
ගිය පාර සීබ නිසා පොලිසිය ජාමේ බෙර ගත්තා. මේ පාර......(දී)
අජිත්, ගෙදර බල්ලෙක් ද ? (සවි)
මේකට පොලීසියේ කාගේ හරි සම්බන්ධයක් තියනවද කියලත් හිතෙනවා..(සවි)
මේවා නතර කරන්න පුලුවන් එකම එක්කෙනාටයි..... (ස.වි)
මීට කලින් සිදුකල අපරාධ අල්ලන්න පොලිසිය යෙදූ උපායන්, සැකකරුවන් ගැන පොලිස් ඇස යොමුවුන හේතු, සැකකරුට අතපසුවීමකින් ඉතිරිකර ගිය සාක්ෂි.... වැනි හැම දෙයක්ම අගේට පලකරලා හැමෝම දැනුවත් වෙලානේ ඉන්නේ... මාධ්‍ය වලට ස්තුති වෙන්න දැන් ඉතින් පොඩි ළමයෙකුට වුනත් පොලිස් ඇස නොමග යන විදියට අපරාධයක් සැලසුම් කරන එක ඉස්සරට වඩා පහසුයි, (සවි)
පොලීසියට පුළුවන්නේ අළුත් තාක්ෂණය යොදාගන්න. කෙස් ගහක ඩී.එන්.ඒ. වලින් හොරු අල්ලන්න පුළුවන් යුගයක් නේ මේ. (ස)
අනිවාර්‍යයෙන්ම එල්ලුම් ගස අවශ්‍යයි...(සවි)
ඉහතින් වාර්තා වන තොරතුරැ අනුව පෙනී යන්නේ දේපල හේතුකරගෙන කරන ලද අපරාධයක් බවයි. කොස් ගස කැපීමට බලපත්‍රයක් ගත්තේ කවුද කියලා සොයා බැලිය යුතුයි.. ගස් කපනවා නම් තව අය දකින්නත් ඇතිනේ..(නු)
හොද පළපුරුදු සංවිධානත්මක ක්‍රියාවක් බවයි පෙනී යන්නෙ..(නු)
අපරාධකරුවන්ට සාක්කි විනාශ කිරීමට උගන්වන්න දෙයක් නැහැ. ඒ අය ඔක්කොම විදි දන්නවා.. අපරාධය හදිසි කෝපයකින් කළාම වෙලාව නැති කමත්, කල්පනාව මදි කමත් නිසා සාක්කි විනාශ කරන්න බැරි වෙනවා.. හොදට සැළසුම් කරල කරන අපරාධවලදි සාක්කි විනාශ කරන්න බලනවා තමා දන්න තරමින්.. නමුත් ඔයසියල්ලම නැති කරන්න අමාරුවන අවස්ථාවනුත් තියෙනවා.. (නු)
මටනම් ලොකු සැකයක් තියනවා පොලීසියේ සම්බන්ධයක් මේකට ඇති කියලා...... (ස.වි)
අදහස් ගොඩක් හිතට ආවට මොකද ලියන්න හිතෙන්නේ නෑ....(සවි)
ශීබා කියනව ඇති අපිට වඩා බල්ලොනේ මුන් කියලා......(නු)
අපරාධකරුවන් නීතිවට හසුවේවා !! (ස.වි)
වැරදි වැඩවලට උදව් කරන්නෙත් නරක අයමයි. (අ)
ආසියාවේ අස්චාර්ය (දී)
බල්ලටත් බැරිනම් අපි කොහේ කරන්නද. නේද ?........ (දී)
රාවණා කියන දේ ඇත්ත. අනෙක් ඒවා වගේම මේකත් අල්ලන බව මට විශ්වාශයි. නිකන් බොරුවට පොලිසියටයි, රජයටයි බැණලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
ලඟපාත පොලිස් මුර පොළක් නෙමෙයි දහයක් තිබ්බත් වැඩක් නෑ අනතුරක් වෙනකොට එතනට දැනුම් දෙන්න විදියක් නැත්තං. හොරා සද්ද බද්ද නොකර වැඩේ කළොත් කොහොමද කවුරුත් දැනගන්නෙ? මම යෝජනා කරනවා හැම නිවසකම බල්ලෙක් ඇති කල යුතුයි කියලා. එතකොට කවුරුහරි හොරෙන් ගෙට ඇතුල් වෙන කොටම තොරතුරක් ලැබෙනවානෙ. කෑ ගහලා උදව් ඉල්ලන්නත් වෙලාවක් ලැබෙනවා. (අ)
මේ වෙන අපරාධ නවත්වන්න බරි ද? (අ)
මේ වගේ වැඩ කරන අයට හොදක් නම් සිදුවන්නේ නැහැ...(නු)
අපේ රටේ මිනිස්සුන්ට දැන් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ.... මෙය තවත් බිලි පූජාවක් විය හැකියි....(සවි)
අපේ පොලිසිය ගොඩක් දක්ෂයි . මේ අපරාදය ඔවුන්ට හොයා ගන්න පලුවන් .(දී)
දක්ෂ අන්දමින් අපරාද අල්ලනවා , පස්සේ ජනමාධ්‍ය ඔස්සේ මාස ගානක් කියවනවා. මේව අපරාද කරන මිනිසුන් ප්‍රයෝජනයට ගන්නවා. මොනවා උනත් මේ අපරාදය අල්ලන්නම ඕනේ .(නු)
ඉවක් බවක් නැතුව මෙහෙම මරන ඒවා හොයන්න සීබට ඉව තියෙනවද ??(සවි)
ඔබ දෙපලට නිවන් සැප !!!!!!!!!!!!!!!!! (දී)
කෝ අර කාන්තා විමුක්තිය, කාන්තා හිංසනය ගැන කෑ ගහන කට්ටිය? මේවට සීබා පළි නැහැ බොලවු... (නි)
වරද කරුවන්ට නිසි දඩුවම් දෙන්න.
නිවන් සුව ලැබේවා (දී)
අලිබබා ඔයා එහෙම කියන්න එපා මිනිසුන්ට වැඩිය අද කලේ තිරිසනුන්ව විශ්වාස කරන්න පුළුවන් ......ඔයත් අලිබබෙක් නේ .... (දී)