ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට කිසිදු හිරිහැරයක් නොකර මෛත්‍රී පාලනය සෑබෑ ලෙසම ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවසීය.
රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්විණි.
රාජපක්ෂ මහතාට සහය පළ කරමින් කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානය අසලට රැස් වු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පුරා පැය හතරකට ආසන්න කාලයක් එහි රැස් වී සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබ සමඟයි (නි)
එක දිගටම වැඩකළ සෑම ජන නායකයෙකුටම විවේකයක් අවශ්‍යයි. ඒ නිසා නැවතත් දේශපාලන වැඩවලට කලබලකාරීව එන්න එපා. තමන්ගේ ශාරීරික මානසික සුවය ගැනත් ඔබතුමා හිතන්න. එහෙම හොඳයි නේද? (නි)
අපි සකල ලෝකවාසී සියළුම සත්ත්වයින්ට මෛත්‍රිය දක්වමු (නි)
වැරදුනාම මෛත්‍රීය ඉල්ලලා වැඩක් නැත .වරදට දෙන්න ඕන දඬුවම්. (ස)
අර කට පරිස්සම් කරගන්න බැරි කට්ටිය නම් කවදාක හෝ විශ්‍රාමගිය දවසකටවත් කිට්ටු කරගන්න එපා. අපි ඔවුන්ට කැමති නැහැ (නි)
අපි සැමදා ඔබ සමඟයි. ජනාධිපතිතුමනි, සුබ අනාගතයක්! තෙරුවන් සරණයි! (ස)
පසුගිය දෙවාරයේදීම මම මෙතුමාට ලබාදුන් ඡන්දය මෙවර වෙනස්වුණේ මෙතුමාගේ අනුගාමිකයෙක් දේශපාලනයට සම්බන්ධ කාන්තාවකට ප්‍රසිද්ධියේ කළ ඉතා නොහොබිනා අපහාසත්මක කියමන නිසා. මමත් කාන්තාවක් නිසයි. ගරුත්වයක් නැති ආණ්ඩුවකට අපි කැමති නැති බව මම නොබියව ප්‍රකාශ කරනවා, ඕනෑම තැනකදී (නි)
වටේට සිටිමින් ගසාකෑ කට්ටිය තමයි මෙතුමාව ගෙදර යැව්වේ. එහෙමයි අපි නම් විශ්වාස කරන්නේ (නි)
නිවහල් රටක අපි අද සිටින්නේ ඔබ නිසයි. හොරු ඉවත්කර නැවත රට හදමු (නි)
මැතිතුමනි, යන්තම් සා.පෙළ.වත් සමත්නැති, සභාවක ශීලාචාරව කතාකරන්න දන්නේ නැති, පාලනයට සුදුසු නැති අය නැවත කිට්ටු කර ගන්න නම් එපා (නි)
කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කරන අයට නම් අපි පුද්ගලිකව කැමති නැහැ. ඔවුන් ගැන තීරණයක් ගැනීම ඔබ සතුයි (නි)
ඇත්ත. අර එක්තරා කාන්තාවකට කෙනෙක් කළ නොමනා ප්‍රකාශයෙන් ඔබට කාන්තා ඡන්ද ලක්ෂ ගානක් අඩුවෙන්න ඇති. (නි)
රට බේරාගැනීමට දෙවියන් විසින් මේ පින්බිමට එවූ නායකයෙකු වූ ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා! (නි)
හිටපු ජනපතිතුමනි,ඔබ විසින්ම ඉහළට ඔසවා තබන ලද සමහරුන් ඔබට දැන් අපහාස කරනවා. මෙය අවස්ථාවාදීන් හඳුනාගන්න සුදුසුම වෙලාවයි (නි)
මැතිතුමනි, සැමදා ඔබයි අපේ නායකයා. ඒ මොකද කියනවනම් ඔබයි අපිට බියසැක නැතුව ජීවත්වීමේ නිදහස උදාකළේ (නි)
ඔබතුමාම නේද කිව්වේ තමන් මේ රටේ තාවකාලික භාර කාරයා විතරයි කියල. ඉතින් දැන් ඒ කතාව කොහොමද මෙහෙම වෙනස් වුනේ. ? මොනවද මේ අපිට ලැබෙන ආරංචි ? (අ)
පාක්ෂිකයින් ඔබතුමා සමඟයි (නි)
මෙතුමාට තවමත් අර පුටුවේ රස්නයෙන් මිදෙන්න බැහැ වගේ. ශක්‍රයාටත් හැමදාම පඬුපුල් අස්නේ ඉන්න ලැබෙන්නේ නැහැ. ආයු කාලය ඉවර වුනාම චුත වෙන්නම වෙනවා. (අ)
බොහෝ වැරදි අපිට අවබෝධ වෙන්නේ පසුවටය (නි)
අතිගරු රජතුමාණනේ අපිට ඔබ ඕනි ඔබ තමයි මේ රට එක්සේසත් කළ එකම රජ තුමා ඔබතුමාට මොකුත් කරන්න කාටවත් බෑ එය නිසැකයි (බ)
දැන් උපාසක වෙන්ඩ හදනවා. (ස)
ඔබතුමා විතරක් හොඳ වෙලා මදිනේ. වටේට ඉන්න අයත් හොඳ වෙන්න ඕනෑ. එහෙම නැතුව පාලනයක් ගෙනයන්නේ කොහොමද? (නි)
මැතිදුණි ඔබට ජය! සැමදා ඔබට අප හිතවත්ව සිටියෙමු. අපට නිවහල් රටක් ලබාදුන් ඔබට පින්. අවස්ථාවාදීන් ඉවත්කර සැබෑ අවංක මිනිසුන් සමග එක්ව රට ඉදිරියට ගෙන යමු. (ස)
අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා. බොහෝදේට හොඳම විසඳුම කාලයයි (නි)
මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත (නි)
සියළු දෙනාගේම පැතුම එයයි මැතිඳුනි. එය එලෙසින්ම ඉටුවේවා යන්න මගේ පැතුමයි (නි)
නිවහල් රටක් අපිට උරුමකළ ඔබතුමාට සැමදා පින්! සැමදා ඔබයි අපේ සිත් තුළ ජනපති. අපේ අවාසනාවට ඔබ අපිට අහිමිවුණා. මැතිඳුනි, ඔබට චිරං ජයතු! (නි)
මම ඉල්ලන්නේ කිසිම කෙනෙකුගෙන් පළිගන්න එපා කියලයි. හැබැයි නිරපරාදේ නාස්තිවූ මුදල් මේ රටේ දියුණුවට යොදවන්න කියලා මම නව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා (නි)
ජනාධිපතිතුමනි, ඔබ විශිෂ්ට නායකයෙක්. අපි ඔබට ගරු කරනවා,රට බේරාගැනීමට ආ දෙවියන් ඔබ.(අ)
පරාජය පිළිගන්න අකමැති සමහරු ගැන ඔබ ප්‍රවේශම්වන්න. (නි)
අපේ ජනපති නුඹයි. නැවත අපි නැගිටිමු. අවස්ථාවාදීන් පන්නමු (නි)
ජනාධිපතිතුමනි ! ඔබතුමා කලදෙවල් අපට අමතක නෑ. අපි කවදත් ඔබතුමාට ආදරේ කලා, සහ ආදරේ කරනවා. ඔබතුමාට ඔය ටික වුනේ, ඔබ තුමාගේ පුත්තු ටිකයි, සහෝදරයෝ ටිකයි, වටේ හිටි හොර රැලයි ගැන මීට වඩා උනන්දුවෙන් නොබැලු නිසා. දරුවෝ වුනත් වැරදි මග යනවනං දඬුවම් කරන්න පැකිලෙන්න එපා. ඔබ තුමාට ආයිත් ජනාධිපති වෙන්න වරම් ලැබේවා කියල අපි එකසිතින් පතනවා. (අ)
ජනාධිපතිතුමනි, ඔබ හැරදාගිය අය නැවත ගන්න එපා (නි)
ඉක්මනින් සියල්ල අමතක කරන දුෂ්ට සිංහලයන් අතලොස්සක් සමග දෙමල හා මුස්ලිම් ජනතාව ඔබ තුමාව පරාද කලද බහුතර සිංහල බෞද්ධ ජනතාව ඔබතුමා සමගයි. සිංහල රට රුදුරු ත්‍රස්තයන්ගෙන් මුදාගත් අභීත නායකයාණෙනි තවමත් ඔබ අපේ නායකයායි. (අ)
අපි ඉතාමත් ඕනෑකමින් බලාපොරොත්තු වෙනවා සියළු දෙනා කර තිබෙන වංචාවන් හෙළිකර දඬුවම් ලබාදෙන්න පියවර ගනී කියලා. (නි)
ඔබ තුමාගේ මෛත්‍රීය අපි නොදන්නවා ද (අ)
ඔබතුමාට දැන් තියෙන්නේ බලය නැවත ලබා ගැනීමේ කෑදර කමයි. (අ)
මම කලිනුත් කිව්වනේ මහින්දට කවදාවත් හිටපු ජනධිපනිය වගේ වැදගත් විදිහට ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියල.දැන්වත් දෙවියනේ කියල මැදමුලනට වෙන ඉන්න. (අ)
දැන් ඔබට වෙලාව තියෙනවා. පුළුවන් නම් ඔබගේ සම්පූර්ණ වත්කම ප්‍රසිද්ධ කරන්න. (අ)
මේ විදිහට තවත් අවරුදු දෙකක් ගියානම් ලංකාව ඉතියෝපියාවක්,සොමලියාවක්,බංගලිදෙසයක්,උගන්ඩාවක් වෙලා තමයි නතර වෙන්නේ. (අ)
නිිදහස් රටක් උරුම කළ ඹබ සැමදා අපට අමරණීයයි! (අ)
රාජපක්ෂවරුන්ට රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට කොස් ඇට" වගේ.එකමයි ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යැව්වේ. (අ)
අධික තන්හාවයි බල ලෝභයයි ඔබව නැති කලේ...තවත් තන්හා නොවි නිහඩව සිටියොත් ඔබට නිසි ගෞරවය ලැබේවී.. (අ)
මොහු බලයට ආවනම් මෛත්‍රීය නොවෙයි ලැබෙන්නේ ......මේ සටනට උර දුන්න ප්‍රබලයන්ගේ ජීවිත පවා අවදානමකට පත් කරවනවා. (ස)
ජනතාව කල ගුණ දන්නවා, නමුත් එය නොදන්නේ ,මෙතුමා ගේ පිරිස. ජනතාවට ඔවුන් අසහනය පතුරුවා. (අ)
සමහර පුද්ගලයින්ගේ වැරදි වැඩ වලට දඬුවම් නොදී මිතුදම් රකින්න ගිය නිසා ඔබතුමා පරාජයට පත්වුණා. නමුත් ඒ අය අද අනිත් පැත්තට එකතුවෙලා (අ).
රටට කරලා තිබෙන විනාශය අනුව රාජපක්ෂ නාමය ලංකා ඉතිහාසයෙන්ම අතුගාල දාන්න කාලය ඇවිත්.(අ)
නරියා සහ මිදී වැල (අ)
අනිවාර්යෙන්ම රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගස කාපු අයට නීතියෙන් කටයුතු කරන්න.කිසිම බුරුලක්දෙන්න එපා. (අ)
නිලන්ක, මේ රට කාටවත් ලියල දීලා නැහැ. ප්‍රජාතාන්ත්‍රිකව මහජන ඡන්දයෙන් පත් වෙන්නට ඕනැම කෙනෙකුට අයිතියක් තිබෙනවා. මේ ජනාධිපතිතුමාට කලින් වෙනත් කෙනෙක් මේ තනතුරේ බලයේ සිටියා . ඉන්පසු මෙතුමා ඡන්දයෙන් පත් වුනා.දැන් වෙනත් කෙනෙක්. නිකන් ආවේගශීලි වචන පාවිච්චි කරලා බජාර් එකේ චන්ඩි ඉන්න තැනක් බවට මේ සභාව පත් කරන්න එපා. (අ)
කේ්.පී. ව රටින් පැන්නුවේ කව්ද? (අ)
දනිතින් ලැම්බෝගිනි කාලේ ඉවරයි (අ)
තන්හාය ජායති ශෝකෝ දැන් ඉතින් විවේක ගන්න (අ)
දැන්වත් පව් නොදී ඉන්න. (අ)
ඔබයි සැමදා අපේ ශක්තිය! (නි)
ඔබ තුමා තරම් රටට ආදරය කරන මිනිසෙක් තවත් මේ රටේ නෑ. ඔබ තුමාට ජය ශ්‍රී . (දිල්)
තවමත් ඇත්ත තේරුම් නොගත් පිරිසක් ඉන්නවනේ! (නි)
මට නම් එපා වුණේ මාලිගාව ඉස්සරහ කාර් රේස් සංදර්ශන පවත්තපු දිනයේ. දරුවන්ගේ වුණත් සීමාව ඉක්මවූ ආශාවන් වලට අපි දෙමව්පියන් වශයෙන් ඉඩ දෙන්න හොඳ නැහැ. (අ)
අමිල රට නිදහස් කියල පෙන්නුම් කරන්න දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් පවත්තල බවලතුන් නටවන්න ඕන නැහැ නේද ? (අ)
රටට ඒකාධිපති ක්‍රමයක් අවශ්‍ය නැත. ඡන්ද සහ අනෙකුත් ව්‍යාපාර වලදී ,ඒකපාර්ශ්වික ලෙස කටයුකර අනිසි ලෙස මුදල් පරිහරණය කල අයට සුදුහුණු ගෑම පාපකර්මයක් . කරුණ, කේපී , ඇතුළු කොටින්ව සුරතල් කලේ කවූද ? තණ්හාව අපේ විනාශයි . (අ)
බලය කියන එක බොහොම තාවකාලිකයි. ඒක ලැබෙනවා වගේම ඊටත් වැඩ ඉක්මනින් ගිලිහෙනවා. යථාර්තය තේරුම් ගන්න හිටපු ජනාධිපතිතුමනි. ඔබේ උවමනාවටයි මැතිවරණය පැවැත්වුයේ. එහිදීත් බොහොම අසාධාරණ පිට්ටනියකයි මෛත්‍රී මහතාට තරග කිරීමට සිදුවුයේ. ලංකාදීප පුවත්පත පමණයි ඔබගේ බලපෑම් වලට යටනොවී සත්‍ය වෙනුවෙන් පෙනීසිටියේ. දැන් ඔබ පරාද වී හමාරයි. කුමන්ත්‍රණ මගින් බලය තබා ගැනීමේ වැඩ පිළිවෙලද පරාද වී ඇත්තේ. දැන් ඔබ පරාජය පිළිගන්න. ඔබ වටේ සිටි පිරිසත් ඔබව අතහැර යාමට පටන් ගෙන ඉවරයි. ෆොන්සේකා මහතාට 2010 දී සිදුවූ දේ ඔබට සිදු නොවීම ගැන සතුටු වන්න. නව ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔවුන්ගේ වැඩ පිළිවෙල සාර්ථක කරගැනීමට ඉඩ ලබා දී ඔබ විශ්‍රාම ජීවිතය යහපත්ව ගත කරන්න. (අ)
දරුවන් හරියට හික්මවා නොගැනීමත් ඔබතුමාට පුද්ගලික අවාසියක් වුන කියන එක මම විශ්වාස කරනවා. තරුණකම කෙළිලොල් කම සාමාන්‍ය දෙයක්. නමුත් පලවෙනි පුරවැසියාගේ දරුවන් අනෙක් දරුවන්ට ආදර්ශමත් විය යුතුයි. (අ)
සැමදා අපගේ ජනපති ඔබයි (නි)
ඔබත් ඔබේ අනුගාමිකයනුත් , තමන්ගේ තරුණ දු දරුවන් ආණ්ඩු මට්ටු කර නොගැනීම ඔබේ ප්‍රතිරූපයට බලවත් හානියක් වූ බව නම් නොකියාම බැහැ. ඒ ගැන හොඳින් සිතා බලනු මැනවි. (අ)
මහා පක්ෂ එපා. බලයේ ඇති සිංහල පක්ෂයක් හදාගෙන එන්න ජනාධිපතිතුමනි. චිරං ජයතු මහ රජාණෙනි! දිවි ඇතිතෙක් ඔබ සමඟයි (නි)
දේශපාලක නායකයෙක් කවදාවත් අනුගාමිකයන්ගේ වැරදි දැක දැක නිහඬව සිටියයුතු නැහැ. ජනතාව ඡන්දය දෙන්න පෙර ඇතැමුන්ගේ පවුලේ උදවියගේ ප්‍රසිද්ධ හැසිරීම් පවා නරකයි කියලා කිව්වා නේද? ඇයි ඒවාට අවධානය යොමු නොකළේ? මේවා අභිනවයෙන් පත්වූ පාලකයන්ටත් අදාළයි. (නි)
ඔබතුමා, පවුලේ අයගේ වටේ සිටිය අයගේ නොගැලපෙන වැඩ නොදැක්කා සේ සිටිය නිසා තමයි මේ පාඩුව සිද්ධ වුනේ. අනෙකුත් උදවිය කෙසේ වෙතත් අසීමිත වරප්‍රසාද නිසා කුල්මත් වී දුර දිග නොබලා වැඩ කරන පුතාලව වත් මේච්චල් කරගන්නා ලෙස ඉතා කරුණාවෙන් කියන්නේ. (නදී)
ඉතින් ආයුබෝවේවා මහ රජාණනේ! ඔබතුමාට වැරදුන තැන හදාගන්න ඉතින් (නි)
ඔබ අපේ සැමදා ජනපති. එබැවින් ඔබගෙන් කලින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන නැවත එන්න. ඔබේ ජනතාව ඔබ එනතුරු බලාසිටිනවා (නි)
පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ...... (නි)
අපි ඔබව පරාජය කළේ ඔබ සමඟ අමනාපයකින් නොවේ. ඔබ සදාකල් අපේ සිතේ සිටිනවා. අඟේ ඉඳන් කන කන අය හඳුනාගන්න. දේශය එක්සේසත් කළ සදානුස්මරණිය නායකයා ඔබයි (නි)
පාලිත හොරුන්ට හොරකම ගැන කියල දෙන්න යන්න එපා. සුනාමියෙන් අසරණ මිනිසුන්ට දෙන්න එවපු මුදල් වලින් කොටි 8.7ක් ගසා කෑවා නම් ඒවා හොයලා දඩුවම් දෙන්න. (නදී)
දැන් මෛත්‍රීට රට පාලනය කරන්න දීල පැත්තකට වෙලා හිටියා නම් නේද හොඳ. හිටපු රජතුමනි. මෛත්‍රී වේවා. (නදී)
ලේ සෙලවීමකින් තොරව ලබා ගත් ජයග්‍රහණය අපි සහ දරුවන් ලබපු ජයග්‍රහණයක් (නදී)
මේ රටේ අපි බියෙන් සැකයෙන් තොරව ජිවත් වෙන්නේ රටේ නිතිය කාටත් පොදු නිසයි. (ර)
රාජාණ්ඩු ක්‍රමය අවසන්. මේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන මෛත්‍රී යුගයයි. (දිල්)
මහින්ද දැන් වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. ගෙදරට වෙලා ඉන්න. මෛත්‍රී , රනිල්, ෆොන්සේකා ඉතුරු ටික කරයි .ඔබට අබ සරණයි! (බ)
ලංකා ඊනිව්ස් වාරණය ඉවත් කල පසු මේ අය රටට කරලා තිබෙන සංවර්ධනය ගැන ලංකාවේ තවමත් හොදයි කියල සමහරක්ට කියවල බලන්න පුළුවනි. (බ)
‘සෑබෑ මෛත්‍රීය මගේ පැතුමයි‘ඒක ඇත්ත (දිල්)
රවී.රටේ සිදු වුන මිනිමැරුම්,ස්ත්‍රී දුෂණ, ළමා අපචාර,හොරකම්,මැරකම්,ඉඩම් බලයෙන් අත්පත් කර ගැනීම් ,වලව් බලයෙන් අත්පත් කර ගැනීම් .......... ගැන හොයනකොට ඔය ප්‍රශ්නය නිකම්ම හොඳවෙලා යාවි. (බ)
තෙවරක් බුදුන් වහන්සේ වැඩිය රටකට හැම දාම අසාධාරණයෙන් ජීවත් වෙන්න හැදුවොත් වැඩි ආයුෂ නෑ (දිල්)
මෛත්‍රී රජයෙන් වුනත් වැරදි දේ වැරදියි කියල අපි අදහස් දානවා (දිල්)
හිටපු ජනාධිපතිතුමණනි, ඔබතුමා පසුගිය ජනාධිපති තරගයෙන් දිනුවාට පසු මෛත්‍රී කරපු හැටි ජෙනරාල් සරත් ෆොන්සේකාට කළ දේවලින් රටේ ජනතාව දැක්කා, දැන් බොරු බයිලා ගහන්න එපා. (බ)
සෑම මිනිසෙකුම රටේ පුරවැසියෙක්. මෛත්‍රී දිනුවේ රටේම තිබෙන ඡන්ද වලින්. මනුස්සකම සැම දෙයකටම වඩා උසස්. (නි)
යොවුන් පාර්ලිමේන්තුවේ උගත්,දක්ෂ නව පරපුරක් ගම් මට්ටමින් ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙළක් සාදා, නව දේශපාලන සංස්කෘතියක් මඟින් පනින අය ගෙදර යවමු. (නි)
නායකයාණෙනි, ඔබ ළඟින් සිටි දෙපත් නයින් ඔක්කොම ඔබ දාලා ගියානේ. දැන් ඉන්නේ නියම සිංහල නියෝජිතයින්. ඔබ නැවත අපේ රටේ නායකයා වෙන්න. (නි)
ඔබතුමාට සැමදා ජය! (නි)
ඔබ විශිෂ්ටයි! (නි)
කියන්න කෙනෙක් නැද්ද දන්නෙ නැහැ මේත් බස් දාලා ඇදපු සෙනඟ කියලා (නි)
මේ රටේ ජාතිවාදයට ඉඩක් නැති බව පැහැදිලියි. (නි)
අාසන සන්විධායකයෝ හරහා සෙනග ගෙනෙන එක තවම නවත්තල නැහැ වගේ .මුල සිටන්ම බොරු කල නිසයි පැරදුනේ. (ස)
අපේ සුබ පැතුම් ඔබතුමාට! ඔබයි අපේ ජනපති සැමදා (නි)
දකුණේ අපි සැමදාමත් ඔබ සමගින් ඉන්නවා දැන් ඔබ තුමා ටික කාලයක් විවේක ගන්න ඔබ තුමාව නැවතත් අපිට ඕනේ වෙනවා මේ වෙලාවේ මෙයාලා කරනදේ බලමු...දකුණේ අපි සැමදාමත් ඔබ සමගින් ඉන්නවා...(දිල්)
ජාතිය බේරාගත් අපේ පියා ඔබයි.අපි ඔබ සමඟයි.ඔබ අපි වෙනුවෙන් සිටිය යුතුයි. සුබ අනාගතයක්....! සුරක්ෂිත රටක් අත ළඟ ඇත. අපිට අප්පච්චි ඔබ පමණි (නි)
අදත් හෙටත් ඔබයි අපේ නායකයා ජය වේවා (දිල්)
ඔබ ආපසු එන්න (නි)
විශිෂ්ට නායකයෙක්. අපි ඔබට ගරු කරනවා. (ස)
ඔබට සදා ජය! (නි)
අපේ ප්‍රතිචාර බය නැතුව පලකරන්න කතෘ තුමාට අවශ්‍ය නිදහස ලැබී ඇති බව පෙනේ. ඔබතුමා පසුගිය කාලයේ සැහෙන පිඩනයකින් සිටියා විය යුතුය. (ස)
ඔබ අපට සැමදා රජකේ ඒත් ඔබතුමා ළඟ හිටිය අය විශ්වාස කරා වැඩියි. ඔබ මේ රටට අබිමානයක් නැවතත් රටේ රජු වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි (බ)
2010 ඡන්දෙන් පස්සේ ඔබතුමා ෆොන්සේකාට මෛත්‍රිය කල ආකාරය දන්නෝ දනිති , (ස)
ජනපතිතුමනි, අපි සැමදා ඔබ සමඟයි (නි)
අවංක වෙන එක තත්ත්වයට මදි කමක් නෙවෙයි. (ස)
ජයවේවා! (නි)
මට පේන හැටියට නිලන්ක අර ගමේ චන්ඩියෙක් වගේ. (ස)
මෙන්න නියම සිංහල බෞද්ධකම (නි)
මගේ සතුට මහේන්ද රාජ් වෙමි යලි. කව්ද හරි එනකන් අප ඔබ වෙනුවෙන් සිටි (අ)
උතුරු නැගෙනහිර ඡන්දදායකයන් ගැන කියපු දේට මට බොහොම කළකිරුණා. මෙහෙම ප්‍රකාශයක් නම් මම බලාපොරොත්තු වුණේ නැහැ. (නි)
අපි හැමදාමත් ඔබ සමගයි. (ස)
ෆොන්සේකා මහතාට හා විරුද්ධ මත දරන්න්ට දුන් දුක මේතුමාට අත් නොවේවා (අ)
ඔබතුමා 2010 දී මෛත්‍රී කරපු හැටි අපි දැක්කනේ. සතුටුවෙන්න ඔබතුමාට මෙසේ ඉන්න ලැබීම ගැන මෙතෙක් ලංකාවේ තිබූ දේශපාලන සංස්කෘතියත් එක්ක.(අ)
අපේ වීරයා. අප ඔබ සමග (අ)
රටට සාමය හා ජාතියට නිදහස ලබාදුන් නායකයාණෙනි ඔබ නැවත මේ රටේ නායකයා වීමේ බලාපොරොත්තුව අප සිටින්නෙමු . නෙවත ඔබව විනාශ කල අයව ලංකර නොගන්න ලෙස ඔබතුමාගෙන් ඉල්ලසිටින්නෙමු . ඔබට චිරන්ජයතු (අ)
අපි සිංහල අයිතිය විනාශ කරමින් බලයටම පමණක් දඟලන දේශපාලන පක්ෂ වල වහලුන් නොවෙමු. අපි සත්‍යය වටහාගෙන සිටිමු. (නි)
කවුරු කළත් යුද්ධයේ ජය ගත් නායකයා ලෙස මෙතුමාට ගෞරවය හිමි විය යුතුයි (දිල්)
අපේ ජනපති ඔබයි. අප ඔබ සමගයි.නැවත නැගිටිමු හිවලුන් සමග නොව නියම සිහලුන් සමඟ.(අ)
රටේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂමයි අප ඹහුට මැදමුලනට වී සිටීමට දෙන්නේ නැහැ. අප ඹහු වටා රොද බැද ගන්නා බව රටේ සියලු දෙනා වෙත කාරුණිකව දන්වමු. (අ)
ෆොන්සේකා මහත්තය ඡන්දෙ පැරදුන වෙලේ මහින්දලා ගොඨාභායල සැලකුවෙත් හරිම මෛත්‍රියෙන් තමයි. (අ)
ඔබ අද ඔතනට ඇවිත්, මේ විදිහට කට කරන්නේ යහ පාලනය නිසා, මෙය හොදට, සිතාගන්න, ඔබ වැරදිලාවත් ජනාදිපති වුණා නම් අද මෛත්‍රි ජනාදිපති තුමා, හිරගෙදර ජම්පර අදිනවා, නිහතමනි වෙන්න මහින්ද හිටපු නයකයානි, (අ)
පණ ඇති විපක්ෂයක් අපිට ඕනෑ.නැත්නම් ඕනෑම ආණ්ඩුවක් වැරදි මඟක යන්න පුළුවන් (නි)
රටටම මෛත්‍රිය පැතිරේවා! (නි)
අතිගරු ජනපතිඳුනි, ඔබතුමා හැමදාම අපගේ ජනපතිතුමා. රට වෙනුවෙන් ඔබගේ සේවය හෙට දිනටත් උවමනායි (නි)
පසු ගිය ඡන්දයේදී ඔබ ඔබගේ ප්‍රතිවාදියා ගැන කටයුතු කලේ කොහොමද ? විදේශයක ජීවත් වන අපි කම්පා උනා. ෆොන්සේකා, ඔහුගේ පවුල හා සහය දැක්වූ අනික් හමුදා නිලධාරීන්හට සිදු කල අතවර ගැන. මෛත්‍රී කෙසේ ක්‍රියා කලත් ඔබ කල හොඳ නරක ඔබ පසු පස එන එක දැන් වලකන්න බැහැ. (ස)
යුග පුරුෂයෙක් ඔබ. මහින්ද උතුමනි, තෙරුවන් සරණයි ඔබට! (නි)
කළගුණ දන්නා මිනිසුනේ,ඔබගේ ඉදිරි අනාගතය සුබ වේවා! (නි)
බාධක කම්කටොළු ඉවසා, නැවතත් ගමන මුලසිට අරඹන්න.ජනතාව එය අනුමතකරනු ඇත. දුර බලන්න. ළඟ නොබලන්න. ජය ශ්‍රී මැතිඳුනි! (නි)
මට හිතෙන්නේ මහින්ද මහතා හොඳ නායකයෙක් ඔහු වටා සිටි අය තමයි එතුමාට වූ ලොකුම ප්‍රශ්නය. ලංකාවට අවශ්‍යම හොඳ නායකයෙක් එතුමා. නැවතත් ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනවා අනිවාර්යයෙන් සමහරවිට තව වසර 2ක් තුළ එය වළක්වන්ඩ බැහැ.අපි බලමු මෛත්‍රී ජනපතිතුමා මොකද කරන්නේ කියලා (බ)
ඔබතුමායි සැමදා අපේ සිත්තුළ ජනපති. නැවත වරක් එන්නට වාසනාව ලැබේවා! "මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ..." දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි! (නි)
ඔබට අපි සැමදා ණයගැතියි (නි)
මහින්ද මහතාණෙනි, අපිට ඔබ අවශ්‍ය මොහොත මෙයයි (නි)
සැබෑ මෛත්‍රියෙන් කටයුතුකරන කිසිවෙකුටවත් කිසිදා වරදින්නේ නැත (නි)
සියළු රටවැසියන්ගේම පැතුම එයයි (නි)
හිටපු ජනපතිතුමනි, ඔබට වැරදුනේ ඇයි කියා වටහාගන්න.ඔබ වටා සිටි දූෂිතයන් ඈත්කරන්න.ඔබ නවක දක්ෂ උගත් පරම්පරාවක් සහ ඔබ වටා සිටි හොඳ වැදගත් දේශපාලකයින් සමඟ නව ගමනක් ආරම්භ කරන්න.ඔබේ රජය යටතේ සිදුවූ වැරදි නැවත සිදුනොවනවා යන සහතිකය දෙන්නේ නම් ඔබ ගැන මිනිසුන් නැවත වරක් සිතාවි. ඔබගේ නායකත්වයට සමාන අයෙක් අපිට නම් තවත් නැත (නි)
මෙතුමා දිනුවා නම් තත්ත්වය මෙසේම වෙයි කියලා අපි හිතනවා (නි)
විශාල ලේ වැගිරීමකින් තොරව මෙලෙස තීරණයක් ගැනීමට හැකිවීම ගැන රටක් වශයෙන් අපි සතුටු වෙන්න ඕනෑ. (නි)
දේශපාලනයට මුලික සුදුසුකම අවංකකමයි. (නි)
සමහරු තමන්ගේ නම කැතකරගත්තා වගේ ඔබතුමාත් නම නම් කැතකරගන්න එපා. දැන් ටිකක් විවේකගත්තා නම් නේද හොඳ? (නි)
අපිට ඔබ අවශ්‍යයි (නි)
මෙය අනෙක් කට්ටියටත් හොඳ පාඩමක්. (නි)
අපි සිංහල අයිතිය විනාශ කරමින් බලයටම පමණක් දඟලන දේශපාලන පක්ෂ වල වහලුන් නොවෙමු. අපි සත්‍යය වටහාගෙන සිටිමු (නි)
මේ රට නිදහස් කරගැනීමේ සටනේ දේශපාලනික නායකත්වය ඔබතුමා විසින් ලබා දුන්නා. 2005 දී ඔබ බලයට පත්වෙන්නේ මේ රටින් කොටියව පන්නනවා කියලා. එදා ඔබ කියපු දේ කළා. නමුත් 2010 න් පස්සේ ඔබතුමාට ලැබුන ඉහල ජනතා පිළිගැනීමත් එක්ක හොරු වංචාකාරයෝ ඔබතුමා වටේට එකතු උනා. ඔබතුමාට වැරදුනේ එතන. පේනවනේ බලයේ ඉන්නකම් හිටපු හිවල්ලු දැන් බලය තියන පැත්තට එකතුවෙනවා. මේක ඔබේ පරාජයක් ලෙස නොව නිවැරදි වෙන්න අවස්ථාවක් කියල හිතන්න. මැක්කෝ ටික කුඩැල්ලෝ ටික හලන්න අවස්ථාවක් කියල හිතන්න. මොනවා උනත් ඔබතුමා තරම් පෞර්ෂයක් තියන නායකයෙක් නැහැ. ඔබතුමාව රැවට්ටුවේ ලග හිටපු අය. උන් ටික පන්නල දාලා උගත් බුද්දිමත් ජවයක් තියන අය ටිකක් ලංකරගන්න. අලුත් උනාට කමක් නැහැ. හොද පෞර්ෂයක් තියන අයනම්. ප්‍රතිපත්ති ගරුක අය නම්. අන්න එදාට මේ රටේ බහුතරයක් අය ඔබ වටා එකතුවේවි. චිරං ජයතු ! (නදී)
පක්ෂය ඇතුළේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩතියන්න එපා. පොඩි විවේකයක් ගත්තොත් හොඳයි නේද? (නි)
දැන් ලංකාවේ තියෙන්නේ මෛත්‍රී යුගයක්. (නි)
ඔබේ මෛත්‍රිය ගැන දන්නෝ දනිති. ජනතාව දැන් ඔබව ඡන්දෙන් පරාජය කර ඇත. ගේම් ගහල ජනමතය වෙනස් කරන්න එනවා නම් ඔබටත් නීතිය ඉදිරියේ දඬුවම් ලබන්නත් වෙනවාමයි. කරුණ කරලා මේ රටට ඉදිරියට යන්න ඉඩ දෙන්න. ඔබ හා ඔබේ සුරතලුන් අතීතයේ කරලා තියෙන නීති විරෝධී හැම දෙයකටම දඬුවම් නීතියෙන් ලැබිය යුතුමයි. (ස)
අපේ පැතුමත් එයමයි (නි)
ඔබයි සැමදා අපගේ ගැළවුම්කරු. සුබ අනාගතයක් වේවා! (නි)
සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයින් ඔබතුමා සමඟයි. මෙය අවස්ථාවාදීන් හඳුනාගන්න සුදුසුම වෙලාවයි (නි)
බලනකොට සෑහෙන පිරිසක් එකතුවෙලානේ? (නි)
පසුගිය අවරුදු 4-5 තුල උදේ සිට රෑ වෙනකම් ලංකාවේ දුෂණයට ,වංචාවට,හොරකමටඅයුක්තියට අසාධාරණයට විරුද්ධව අදහස් ලියලම මගේ කී බෝඅර්ඩ් එකේ අකුරුත් මැකිලා. (අ)
ඒකාධිපතිය පන්නල දැම්මට තවමත් "මරා වියරුව" හොල්මන් කරනවා.(අ)
ඔබගේ නායකත්වය අගය කරනවා.රට බේරාගැනීමට දුන් දායකත්වයට ස්තුතියි.දැන් ජනවරමින් අලුත් පාලකයෙක් පත්වී තිබෙනවා.ජාතිවාදී ප්‍රකාශ වලින් ජනමනස අවුල් නොකර දැන් අලුත් පාලකයාට රට පාලනයට ඉඩ දෙන්න.බල තණ්හාවට වුව සීමාවක් තිබිය යුතුය. තණ්හාවෙන් ශෝකය ජනනය වන්නේය යන බුදුවදන මතක තබාගන්න. (අ)
අපේ ජනපති ඔබයි මැතිඳුනි (නි)
අපිට ඔබයි එකම ශක්තිය (නි)
අපි සැමදා ඔබ සමඟයි. ජනාධිපතිතුමනි, සුබ අනාගතයක්! තෙරුවන් සරණයි! (නි)
පුරවැසියන් යන කුලකයට උතුරු නැගෙනහිර ඇතුළු සියල්ලන්ම අයත්බව සියළුදෙනා තේරුම්ගත යුතුයි (නි)
පරාජය මැදහත් සිතින් විඳගත යුතුයි. කිසිම දේශපාලකයෙකුට ජනතාවගේ කැමැත්ත බලෙන් ලබාගන්නට බැහැ. (නි)