අධ්‍යාපන පොදු සහතිත පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් පන්ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිහක් ඉල්ලුම් කර අති බව විභාග කොමසාරිස් ඩබ්ලිව් . එන්. එම් . ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන හාර දහස් තුන්සීයක් ක් ඇති අතර මෙම ස්ථානවලදී පාසල් දරුවෝ තුන් ලක්ෂ අසූ හතර දහස් පනස් හයදෙනෙක් ද පෞද්ගලික අපේක්ෂකයෝ එක් ලක්ෂ අනූ හතර දහස් අසූ හතරදෙනෙක් ද අද විභාගය සඳහා සහභාගී වෙති
විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම අදියර දෙකකට සිදු කිරීමට නියමිත අතර දෙසැම්බර් 30 වන දින සිට ජනවාරි 7 දක්වා පළමු අදියරත් නැවතත් ජනවාරී 14 සිට ජනවාරි 22 දක්වා දෙවන ඇගීමත් සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනින් භාගයක් උසස් පෙලට යයි. එයින් 24000ක් විශ්ව විද්‍යාලට. එයින් 4000ක් විවිධ රැකියාවලට. එහෙම බලන කොට සාර්ථකත්වයේ සම්භාවිතාවය 0.007. "ඇල්මෙන් අකුරු ඉගෙනිව් ඉදිරි වැඩ තකා" (ස)
ප්‍රශ්න පත්තරේ සමග උත්තරත් ලැබෙන එක තමයි ප්‍රශ්නේ. (නි)
පාර්ලිමේන්තුවේ, පළාත් සභා වල, ප්‍රාදේශීය සභා වල ඉන්න කී දෙනෙක් සා.පෙ. ට වාඩි වෙන්න ඕනෑද? ඒ අයට සා.පෙ. සමත් වීම අවම සුදුසු කමක් කළොත් නරකද? නැත්නම් රටටයි අපිටයි තමා සාපෙ. (නි)
ප්‍රතිපල හිතාගන්න පුළුවන් (නි)
මෙන්ඩිස් මහත්මයා, යෝජනාව නම් හොඳයි. (නි)
මෙන්ඩිස් මහත්මයා පවා මා හිතනවා මා සමග එකඟ වේවි කියා. දේශපාලනයට මෑත එක් වූ නඩය මේ තරම් දුෂිත වුයේ අධ්‍යාපනයේ අවම සුදුසුකම්වත් නොතිබුන නිසා නොව සාරධර්ම වලින් පොහොසත් පවුල් අධ්‍යාපනයක් ඔවුන්ට නොලැබීම නිසා කියලයි මම හිතන්නේ. දැන් බලය අතට ගත් මිනිසුන් හැසිරෙන ආකාරය මුළු රටටම නින්දාවක්. (නි)
ළමයි ඉතින් කොච්චර බලාපොරොත්තු සහගතවද සා.පෙ. ට වාඩි වෙන්නේ.අපිත් ඒ ළමයින්ගේ බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕන. (ස)
ඔබට සුභ පැතුම්, අද අධ්‍යාපනය අමුතුම දිසාවකට යොමු වෙමින් පවති මේ රටේ ජනප්‍රිය පාසල් වල තත්වය ක්‍රමයෙන් නැති වී යන ලකුණු පෙනේ. එයට හේතුව පහ වසරේ ශිෂ්‍යවත්ව විභාගයෙන් සමතුන්ට ජනප්‍රිය පාසල් අහිමි වීමෙන් දක්ෂ දරුවන් එම පාසල් වලට නොමැති වීම, තුලින් එම පාසල් වල තත්වය පල්ලම් බැසිම, දේශපාලකයන් එම පාසල් වල පුරප්පාඩු පිරවීම, හා ඉදිරියේදි ශිෂ්‍යත්ව විභාගයට කණ නොකා හැඩීම, මෙම ක්‍රමය ඉදිරියට පැවැතුනොත් රටේ ජනප්‍රිය පාසල් ක්‍රමයෙන් නැති වී, පුද්ගලික පාසල් ක්‍රමයෙන් ඉදිරියට ඒම වැලැක්විය නොහැක, දුප්පතා ඉවරයි(දිල්)
මගේ අදහස දුප්පත් අයගේ ළමයි ගොවිතැනට දැම්මොත් රටට හොඳයි. (ස)
සරත් මහත්තයෝ, දුප්පත් ළමයි ගොවිතැනට නම් පොහොසත් ළමයි පාතාලයට ද? (ස)
දුප්පත් පොහොසත් කම මැනෙන මිනුම් දණ්ඩ කුමක්ද ? (ස)
මෙම සා.පෙ.විභාගයට මුහුණදෙන මගේ පුතා ඇතුළු සියළු දූපුතුන් අති සාර්ථකව තම විභාග විෂයන් ලිවීමට සුබ පැතුම් එක් කරන අතර අපගේ දෙපාර්තමේන්තුවත් නාගන්නා නැතිනම් අනාගන්නා ඛේදවාචකවලට භාජනය නොවේවා යැයිද පතමි. (ස)
සත්‍යා - ඒ ගැනත් එකඟයි. අනිත් අතින් අධ්‍යාපනයක් නැති අයට බලය ලැබුනම වෙන්නේ ඔවුන්ගේ හීනමානය නිසාම ඔවුන්ට උගතුන් බුද්ධිමතුන් පෙන්නේ සතුරන් වගේ. ඔවුන්ට ඕන තමන් සියලු දෙනාට වඩා ඉහලින් ඉන්න බව පෙන්නන්න. හරියට ඡන්දෙ දෙන අය ඡන්දයත් එක්ක මොළයත් ඡන්ද පෙට්ටියට දානවා කියල හිතාගෙන. රටක නායකයින්ගේ හෝ මහජන නියෝජිතයින්ගේ අධ්‍යාපන මට්ටම කියන්නේ ඒ රටේ සහ ජනතාවගේ තත්වය ලෝකයට පෙන්නන මිම්මක්. අපේ රටේ පාර්ලිමේන්තු විවාද සහ වෙන රටක පාර්ලිමේන්තු විවාද වෙන විදිය බැලුවම අපිටම ලැජ්ජයි. සුදුස්සන් සුදුසු තැන්වල නොසිටීමත් ලොකු ගැටළුවක්.අපේ ඡන්ද දායකයෝ ඔක්කොටම වඩා හොඳයි. අපි දැන්වත් තේරුම් ගන්න ඕන පක්ෂ පාට කතාවල් ඇත ඇරලා නිසි අධ්‍යාපනයක් තියන වැදගත් පුද්ගලයින් පමණක් අපේ නියෝජිතයින් විදියට පත් කරගන්න. ඒ වගේ මිනිස්සු වැඩක් නොකලත් අඩුම තරමේ රටට හානියක් කරන එකක් නෑ. (ස)
සරත් මහත්මයාට, කිව්වා කියලා හිතාගන්න. (ස)
ගණිතය ඉංග්‍රීසි ක්‍රෙඩිට් ගැනීමට සියල්ලන්ටම හැකිවේවා!!! (ස)
උත්තරය අද තියෙන දේශපාලනයයි.(නදී)
හැමෝම විභාග සමත් උනොත් අනාගතේ දී ගෙවල් හදන්න මිනිස්සු නැති වෙයි. එහෙම උනොත් බංගලි දේශයෙන්වත් ගේමු මිනිස්සු වැඩ කරන්න.(නදී)