සිය සහෝදරියගේ මගුල් දවසේදී මගුල් ගෙදරට ආ පුද්ගලයකුගේ අයි පෑඩය සොරකම් කළ බවට වරද පිළිගත් විද්‍යා ගුරුවරිය හා ඇගේ සැමියා වන සූපවේදියා ලබන  11 තෙක් රිමාන්ඩ් කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතානගේ මහතා ඔවුන් වරද පිළිගෙන අයිපෑඩයේ වටිනාකම ගෙවීමට එකඟවූ හෙයින් එදිනට ඇප දීම සලකා බලන බව ප්‍රකාශ කළේය.

සොරාගත් අයිපෑඩය සොයාගත්තේ පැමිණිලිකරුගේ ජංගම දුරකථනයේ ජී.පී.එස්. තාක්ෂණයෙනි.

විද්‍යා ගුරුවරියක වන මහේෂි තරංගනී ඇමතූ මහේස්ත්‍රාත් පැවසුයේ ගරු වෘත්තියක් කරන කෙනකු රටට දෙන ආදර්ශය මෙයද යන්නයි.

ඇගේ සැමියා පිළියන්දල මඩපාත පදිංචිකරුවෝය.