බණ්ඩාරගම මගුල් ගෙදරකට ආ ආරාධිතයකුගේ අයි පෑඩය හොරකම් කළ බව කියන කතක හා ඇගේ සැමියා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය කිහිපයක් ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.බිරිය ගුරුවරියකි.සැමියා සුපවේදියෙකි.
පැමිණිලිකරු තම අයි පෑඩයේ ජී.පී.එස්. ඇති බව පැමිණිල්ලේ සඳහන් කැර ඇත. ඒ අනුව පොලිසිය පිළියන්දල නිවකසකට යද්දී ගෙදර සිටි කතක කිසියම් දෙයක් එළියට විසි කරනු පොලිසිය දැක ඇත. එය අයි පෑඩයක් බව පොලිසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගෙන අැත්තේ මනාලියගේ අක්කා කෙනකු හා ඇගේ සැමියාය.
අයිපෑඩයේ අඟුළු දා තිබූ නිසා ජී.පී.එස්. තාක්ෂණය වෙනස් කිරීමට සොරකම් කළ අයට නොහැකිවන්නට ඇතැයි හිමිකරු කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොන දේ කරත් වැඩක් නෑ. දැන් මුළු රටම දන්නවා කරපු දේ ගැන.(හේ)
මගුල් ගෙදර ගිහින් කාල , බීල, විනෝදවෙලා එන්නේ නැතුව මොන මගුලකටද හොරකමේ ගියේ ? හොඳ වැඩේ, සූප වේදියා හොද්ද බොරකර ගන්න ගියාට. අරයා මොකොටද අයි පෑඩය සාක්කුවේ දමානොගෙන කේක්ගෙඩිය වගේ මගුල් මේසේ උඩ තිබ්බේ ? (කේ)
ඔන්න බබෝ හොරු එනවෝ, දැන් හොරු වැදගත් අයයි, යහ පාලනය කාලයේ ලංකාවේ හරියට හොරු. එකට මොකද කොරන්නේ . (ම)
මගේ අම්මෝ !! දැන් මුළු රටම හොර ගුහාවක් වෙලා. (හේ)