බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටේරෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.





2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ
අනිල් Thursday, 05 January 2012 08:10 PM
මෙය සැබවින්ම 3D චිත්‍රපටයකි. මෙය නැරබීම සදහා විශේෂ උපැස් යුවලක් ලැබේ. දැනට නිපදවෙන බොහෝ ඉංග්‍රීසී චිත්‍රපට 3D ඒවාය. එහෙත් අවාසනාවකට ලාංකාවාසීනට මෙම චිත්‍රපට බැලීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ඒවා ලෙසය.
කිත්මා දේශානි Tuesday, 03 January 2012 09:31 AM
ටිං ටිං කියන්නේ ළමයෙක් නෙමෙයි. නමුත් නිර්මාණය කර තිබෙන්නේ ළමයකුගේ පෙනුමටයි
ඉදුනිල් මධුසංක Tuesday, 03 January 2012 12:10 PM
ඒක ඉතා හොද චිත්‍රපටයක්. ලොකු පොඩි කාටත් එක සේ රස විදිය හැකියි
නුවන් ගුණවර්ධන Friday, 16 December 2011 06:49 PM
ඉතා හොද චිත්‍රපටයක්. කාටත් රසවිදිය හැකි චිත්‍රපටියකි.