බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටේරෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද චිත්‍රපටයක්. කාටත් රසවිදිය හැකි චිත්‍රපටියකි.
ටිං ටිං කියන්නේ ළමයෙක් නෙමෙයි. නමුත් නිර්මාණය කර තිබෙන්නේ ළමයකුගේ පෙනුමටයි
ඒක ඉතා හොද චිත්‍රපටයක්. ලොකු පොඩි කාටත් එක සේ රස විදිය හැකියි
මෙය සැබවින්ම 3D චිත්‍රපටයකි. මෙය නැරබීම සදහා විශේෂ උපැස් යුවලක් ලැබේ. දැනට නිපදවෙන බොහෝ ඉංග්‍රීසී චිත්‍රපට 3D ඒවාය. එහෙත් අවාසනාවකට ලාංකාවාසීනට මෙම චිත්‍රපට බැලීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ඒවා ලෙසය.