(අකිල බද්දෙවිතාන)
මෙරටෙහි පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, “මාර්තු 12 ව්‍යාපාරය“ සංවිධානය කරන “සුපිරිසිදු දේශපාලනයක් සදහා පුරවැසි මෙහෙයුම“ ජාතික වැඩසටහන් මාලාව හෙට(13) උදෑසන 9.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹේ.
මාර්තු12 ව්‍යාපාරය නියෝජනය කරන විද්වත් වෘත්තිකයන් , සිවිල් සමාජ නියෝජිතයන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන්, වෘත්තිය සමිති නායකයන්, රජයේ නිලධාරීන්, ආගමික නායකයන්, කලාකරුවන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු පුරවැසියන් සමග එක්ව මෝටර් රථ හා පාගමනින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලට ගමන් කර දිස්ත්‍රික් සමුළු පවත්වන අතර අවසානයේ අප්‍රේල් 07 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී මහ සමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇත.
සබුද්ධික ඡන්ද දායකයෙකු නිර්මාණය කිරීම හා මෙරට පුරවැසි භූමිකාව සවිබල ගැනවීමේ අරමුණින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන් මාලාව තුළින් දක්ෂ, අවංක හා පිරිසිදු අපේක්ෂකයන් මැතිවරණ සදහා ඉදිරිපත් කළ යුතු යැයි පක්ෂ නායකයන්ට බලකෙරෙන අතරම පිරිසිදු අපේක්ෂයන්ට ඡන්දය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමද සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අපේ රට ඉදිරියට ගන්න ඕන විදිය. දූෂණ වංචා වැඩියි. හොඳම පිරිසිදු අය අපේක්ෂයන් ලෙස ඒ ඒ පක්ෂ නාමයෝජනා දිය යුතුයි
ඔවු ඔවු අපේ උගත් ඡන්දදයෝකයන්හරිටම තොරයි . පබා,සනත්,ජීවන්,රන්ජන්,ගීතා,අන්ර්කලි,හිරුනිකා....(අ)
අයෙත් නාඩගමක්
චේතනාව හොදයි.ගැටලුවකට තියෙන්නේ ඕව කොළඹට පමණක් සීමා වෙයිද? (ම)
මෙහෙම කීවරක් කීවද ගිය ජනාධිපති හා මහමැතිවරනයෙදිත් කිව්වනෙ. ජනතාවට ඇතිවුන හාමතය හා පීඩාවනිසාම බයට අලුත් වෙස්මූනක් දාගෙන එන්නයි කල්පනාව. පේනවනේද වාහනවලට වෙන්කරපු මුදල්. හේනෙ පැලේ ගොවියට ඉරිඟු කරලවත් ගෙට ගන්නට බෑ. නායකයින් මාරුවෙන් මාරුවට සමූපකාරයෙ බලධාරීන් මාරුවෙනව වගේ අපිට රටින් ගෙන්වල අපට අපේ එදිනෙදා අව්ශ්ය දේ මුදලට දුන්නා මිසක් වැදගත් දෙයක් කලේ නෑ. හැමදාමත් සිදුවුනේ ඔයටිකමයි. කාටවත් දෙකට නොනැමී රට බේරගත් ඉතිහාසයේ දුටුගැමුනු හා දැන්කාලයේ සමූපකාරයේ හිටපු මහින්ද අපට අමතක කරන්න බෑ. මැත කාලයේ නායකයින් අතරින් මහින්ද නම් වැඩක් කරා රටට.
නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගැනීම සදහා සංවිදානය වෙන සිංහල තරුණ පැවිදි, ගිහි බලවේග මෙල්ල කිරීමේ අර මුනෙන් ඇරඹු සන්විදානයක්ද මේ.? සිංහලයනට, බඩෙන් ජාතිය බෝ කිරීමෙන් සහ මුදලින් කරන අසිංහල පහරදීම් නවතා ,සියලුම ආගමික නීති තහනම් කර , සියලුම දෙනාට එකම නීතියක් යටතේ ජිවත් වීමේ ක්‍රමයක් සකස් කල හැකි මහත්ම දෙසපාලනයක්, සිංහල බෞද්ද ඓතිය රැකෙන පාලන ක්‍රමයක් ගැනත් මේ පුරවැසියන් සලකා බැලුවහොත් යෙහෙකි.
හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු එස්බී වගේ අයව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවපු කෙනා මුලික කරගෙන කරන්නේ
හොර කම් නවත්තන්න කියල හොරුන්ට කියල වැඩක් තියෙනවද?
තවත් එක පෙරමුණක්, ඊළඟට?
මෙය තවත් ජාතික හෙළ කරුමයක් නොවේව. අඩුම වශයෙන් මේකට වත් දේශපාලුවන් ගාව නොගන්නවා නම් හොඳයි. ජනාධිපතුමා ගෙන්නන්නේ මොකටද?
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු එස්බී වගේ අයව ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවපු කෙනා මුලික කරගෙන කරන්නේ