IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට

 

(චන්ද්‍රසේන ගමගේ,ක්‍රිෂාන් ජීවක ජයරුක්, පද්මසිරි ගාර්දියවසම්, සනත් ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ඇතුළු පස් දෙනකු මියගිය බව පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ අපේ ජනබල පකෂයේ ලේකම්   ගල්ගමුව රත්ගල්ගොඩ වත්ත සමන් ප්‍රසන්න පෙරේර, පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක යන පස් දෙනා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බෙලිඅත්ත කහවත්ත පිවිසුම ආසන්නයේදී අද 8.00 පමණ මෙම වෙඩි තැමීම සිදුව ඇතැයි පොලිසිය කියයි.

තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. තංගල්ල කුඩාවැල්ලේ පැවැති ත්‍රිපුද්ගල ඝාතනයකට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 

-----------------------------------------------------

10.02

(සනත්  ගමගේ , චන්ද්‍රසේන ගමගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට  මීට මොහොතකට පෙර  සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි.

කැබ්රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.

සිව් දෙනකු ඒම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඒක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

----------------------------්

පෙරවරු 9.32

දක්ෂිණ අධිවේගයේ වෙඩි තැබීමක්

(සනත් ගමගේ සහ රන්න චන්ද්‍රසේන ගමගේ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් සිදුවඇතැයි පොලිසිය කියයි

මෙම වෙඩි ප්‍රහාරයෙන් කීප දෙනකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි තහවුරු නොවූ පුවත් සඳහන් කරයි. 



අදහස් (23)

සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට

Perera Monday, 22 January 2024 09:56 AM

නීතියේ ආධිපත්‍ය පිරිහුණ රටවල් වලා සතියකට වෙඩි තැබීම් දුසිම් ගානින්

:       52       92

C.K.Lankaputhra Monday, 22 January 2024 10:35 AM

කොහොමත්, කවදත් ඔය පැත්ත ඔය පැන්නේ මිනීමැරුම් වලට ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. ඔය අර මහරජතුමාගේ ගම් පළාතනේ...!

:       145       116

Dayasena Tuesday, 23 January 2024 07:39 AM

ගම් පළාත පමණක් නොවෙයි .උන්දැ 1970 සිට රජකම කරපු ආසනය තමයි ඉතින් ලොකු කක්කුට්ටො (කකුලුවො) ඇදේට යනවා දකින ඡන්ද දායකයින් කියන කකුලු පැටට් ඇදේට යන්නෙ නිතරම දකින හැටියට තමයි ලොකු ලොකු මල්වට්ටි පුදමින් හැම වෙලාවෙම අපේ හාන්දුරුවනේ කියමින් අපි හොද බුදුනුවන් කියමින් කරන්නෙ උඩින් මිතුරු යටින් කතුරු වැඩ තමයි. කවදාවත්ම තමන්ගෙ කොට්ඨාසයේ මිනිසුන්ගේ ගුණ ධර්ම හදා රට හදන්න උන්දැලා උනන්දු වුනේ නැහැ. බුදුනුවන් හැටියට ගිරා පැටව් දෙන්නගෙ කතාව සිහියට ගන්න

:       0       0

සෙනෙවිරත්න Monday, 22 January 2024 10:45 AM

ඩිපෙන්ඩර් නම් ඉතින් සාමාන්‍ය මිනිහෙකුගේ වෙන්න බැහැ... අපට තියෙන්නේ බලාගෙන ඉඳලා සිතින් ආශ්වාදයක් ලබාගැනීම පමණයි. කවුරුත් තරහා වෙන්න එපා... මොකද ඔය ඩිපෙන්ඩර් කාරයින්ට අපේ ප්‍රශ්න අදාල නැහැ. ඒක වෙනම ෆැන්ටසියක්...!

:       137       112

Sachith Monday, 22 January 2024 10:46 AM

යුක්තිය කියලා දේශබන්දු නාඩගමක් නටනවා. හාල්මැස්සෝ අල්ල අල්ලා... තෝරු මෝරු ඉතුරු කරලා නැටුවට වැඩක් නෑ. කියලා ඉතින් පේනවනේ...

:       22       122

සෙනෙවිරත්න Monday, 22 January 2024 10:47 AM

වඩු බාස්ගේ ඔලුවට වෙඩි තියන පොලීසිය මේ වගේ ඩිපෙන්ඩර් කාරයෝ ඉස්සරහ දෙකට නැවෙන හැටි මතක්වෙනවා. ඒකනිසා මේවාට අපි නම් අනේ අපොයි කියන්නේ නැහැ...!

:       148       119

charith Monday, 22 January 2024 11:13 AM

ඩිෆෙන්ඩර් නම් එක්කො හොරෙක්, එක්කෝ රට ව්කුණලා කන හොරෙක්, එක්කෝ කුඩු බිස්නස් කාරයෙක්, පාතාලයෙක් තමයි... අමුතු උණක්...

:       110       122

LalithMonday, 22 January 2024 12:40 PM

එහෙම කියන්න එපා... එතකොට කොරියාවේ, ඩුබායිවල ඉඳලා ආව අපේ මල්ලිලා...!

:       8       124

රට වැසියා Monday, 22 January 2024 01:23 PM

යුක්තිය අධීවේගයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත! ප්‍රතිඵල වේගයෙන් ලැබෙමින් තිබෙන බව පෙනේ - - අරාජික රටක මීට වැඩි දෙයක් බලා පොරොත්තු විය හැකිද?

:       33       50

නිහාල් Monday, 22 January 2024 01:41 PM

ඥාණසාර , රතන ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ ලොක්කගෙ වාහනේ.

:       6       55

P.d goonawardena Monday, 22 January 2024 01:41 PM

හොද ප්‍රවෘත්තියක්......ඔහොම හරි ඕකුන් වද වෙලා යනවානම් රටට සෙතක් අම්මප....

:       123       46

Hafeel Monday, 22 January 2024 01:47 PM

කල දේ පල දේ. තම තමන් වපුරපුව තමයි නලන්නෙත්.

:       15       49

dupul Monday, 22 January 2024 02:00 PM

බලාගෙන ගියාම හැම එකාගේම කිල්ලෝටවල හුණු...!

:       13       29

Pradeep Monday, 22 January 2024 02:48 PM

ඔය කියනවා වගේ වරුසාවක් නෑ.. එක එක්කෙනාට ඉලක්කය අරගෙන උණ්ඩ අපතේ නොයවා ගානටම වැඩේ කරලා ගිහින්... අහිංසක මිනිස්සුන්ගේ සාක්කු වල බීඩි සුරුට්ටු කොට තියෙනවාද බලලා හිරගෙවල් වලට යවන දේශබන්ධුගේ යුක්තියට මහ දවාලේ වෙඩි තියලා යන මැර කල්ලි පේන්නේ නම් නෑ. හොඳම නම නම් ඉතින් කයිබන්ධු තමයි...!

:       25       44

හරක් මුඛ Monday, 22 January 2024 03:17 PM

සුභ පැතුම්

:       31       15

අරවින්ද මොනරවිල Monday, 22 January 2024 03:59 PM

රනිල් රාජපක්ෂ දන්න එකම දේශපාලනය දූෂණ, භීෂණ හා ඝාතනයයි... ඒක 1977 සිට 1994 වෙනතුරු ක්‍රියාත්මක වුණා. දැන් නැවතත් 2022 මැයි මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එදා උඩුගම්පළ වෙනුවට දේශබන්දුත්, රංජන් විජේරත්න වෙනුවට ටිරානුත් ඒ රනිල් රාජපක්ෂ මැර පාලනයට හවුල්වෙලා ඉන්නවා...!

:       119       31

ajithMonday, 22 January 2024 05:01 PM

ඔය කාලයේ භීෂණ හා ඝාතන සිදුකළ අනිත් කණ්ඩායම් ගැනත් කතා කරන්නේ නැත්තේ...?

:       16       88

amila Monday, 22 January 2024 06:21 PM

අතීත එජාප පාලන සමය නැවත මතක් කරලා දෙනවා නේද? අපිට ගැලවීමක් ඇත්තේම නැද්ද?

:       0       0

බද්රානි Monday, 22 January 2024 08:21 PM

රටේ ජනතාවට සතුටු වියහැකි ප්‍රවෘත්තියක්... මේ වගේ සංවිධානාත්මක පාතාල කල්ලිවල අයව කවුරුන් විසින් හෝ මරා දැමිය යුතුයි. මේ වගේ මධාවියන් මෙවැනි වාහන පාවිච්චි කරන්නේ කොහෙන් එන සල්ලි වලින්ද කියලා හොයාගන්න මේ රටේ බුද්ධි අංශයට බුද්ධියක් නැද්ද..? රජයෙන් වැටුප් ලබා බුද්ධි අංශය සිදුකරන සේවය මොකක්ද..?

:       0       1

Don perea Monday, 22 January 2024 10:46 PM

නීතිය බල්ලට ගිය රටක්

:       0       1

ලලිත් පුෂ්පකුමාර Tuesday, 23 January 2024 09:10 AM

අපරාධකරුවන් නීතියේ දැලට අහුවුනේ නැත්තං මේකත් දේශපාලන ඝාතනයක්

:       0       0

janabala api Tuesday, 23 January 2024 09:22 AM

මේ පුවත් එදිනම පල උනේ නැහැ .ඝාතනය සිදු උනේ පාන්දර 8 පමණ .කල්තියා ඝාතනය සිදු උනා නම් පත්තරේ තිබුන සැලැස්මේ වරදක් තිබෙනවා

:       0       0

සෙනෙවිරත්න Tuesday, 23 January 2024 10:52 AM

සමහර ඒවට දාපු අකමැති ප්‍රතිචාර බැලුවම බහුතරයක් වහලුන් බව පේනව. මේක හදන්න උත්සාහ කිරීමත් නිශ්පල වැඩක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 146 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 1591 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 653 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 383 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2015 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මිනුවන්ගොඩ සාපෙළ විභාග මධ්‍යස්ථානයක අවුලක්
2024 මැයි මස 16 449 0

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1949 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site