තංගල්ල බන්ධනාගාරය වෙනුවට  නවීන පහසුකම් යටතේ ඉදි කරන ලද ලංකාවේ  ප්‍රථම ‘සුපිරි බන්ධනාගාරය’ ලබන මස 16 වැනි දින අගුණකොළපැලැස්සේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  අතින්  විවෘත කිරිමට  නියමිතය.

අක්කර  40 ක භූමිභාගයක ඉදිකර  ඇති  මෙම බන්ධනාගාරය සඳහා වැයකර  ඇති මුදල රුපියල් මිලියන 4500 ක්  වන අතර  මෙහි  රැඳවිය හැකි  සිරකරුවන්  සංඛ්‍යාව 1500 කට  ආසන්න වේ.