වැල්ලවත්තේ සුපිරි වෙළඳසලක් වැටලූ පාර්භෝගික සේවා අධිකාරිය නිශ්පාදන දිනය, කල්ඉකුත් වූ දිනය හා නිශ්පාදක සඳහන් නොකළ කෑම ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව කියයි.
කිරිපිටි, රසකැවිලි, ටොෆි හා ආහාර වර්ග අත්අඩංගුවට ගත් බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක පමණ බවත් අධිකරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දානවා නම් හොඳයි. ඒක හරිම පහසුවක් පාරිභෝගිකයාට කරන. මිනිස්සු කීයක්හරි වැඩියෙන් දීලා 'සුපිරි' කියන ඒවායින් බඩු ගන්නේ දරුවන්ට හොඳ දෙයක් දෙන්න. ඒවායෙත් කරන්නේ මෙහෙම වැඩ නම් අපි කන්නේ කොහෙන්ද? මේ සම්බන්ධ නීතිරිති හැකිතාක් තද කරන්න. පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න කියලා ඇමතිවරුන්ගෙන් ඉල්ලනවා. (නි)
කඩේ සුපිරි වුණාට කඩ අයිතිකරුවන් සුපිරි වෙන්නේ නැහැනේ.ඒක තමයි ඔය වාගේ හොර වැඩ කරන්නේ. (නි)
[සල්ගාදු ප්‍රන්සය 2015-05-26 18:16:23 ප්‍රන්සයේ පැරිස් නුවර ලා චෙපල් කියනා ඉසව්වේ තිබෙන දමිල කඩ බොහොමයක තවමත් විකුනන්නේ කල් ඉකුත්වූ , නිෂ්පාදන දින නොමෙති , අවසාන කාලය නොමෙති ටින් කෑම සහ බෝතල් නිෂ්පාදන එක නම් ඇත්ත.... එහෙනම්, අපේ ශ්‍රී ලංකාවේ අලෙවි කරගන්න බැරි දේවල් මෙහාට ආනයනය කරනවා වගෙයි. (බ)
ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතන වල නම් ප්‍රසිද්ධ කළයුතුයි. එවිට ජනතාව එවැනි ආයතන වලින් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැළකිළිමත් වෙනවා. (නි)
නමත් කිවුවා නම් තමයි වටින්නේ (නි)
මේ වගේ තව තැන් ඇති තරම් තියෙනවා.(හේ)
ඕස්ට්‍රේලියාවෙත් තිබුනා ලංකාවේ කඩයක් මේ විදියටම දින ලේබල් වෙනස් කරලා කල්ඉකුත් වුණ ආහාර වර්ග පාර්භෝගිකයාට කවපු. වාසනාවට ඒක වැහුනා. අපේ වෙළෙන්ඳන් ලෝකේ කොහේ හිටියත් කප්ගහනවා. (නි)
නම නොදන්නේ මාධ්‍ය නිදහස මුදලාලි සීමා කරලද (බ)
නම් ප්‍රසිද්ධ කරන්න වෙන්නේ නෑ එක්කෝ එම වෙළදසළෙන් පත්තරේට දැන්වීම් දෙන්නේ නෑ කියන්න ඇති. නැත්තන් යහපාලන ඇමතියෙක්ගෙ වෙන්න ඇති (බ)
ප්‍රංසේ එහෙම වුණත් මෙහෙ එහෙම වෙන්නේ නැහැ . පරණ ලේබලේ අලුත් කරනවා . (අ)
කරුණා කරලා වෙළඳ සැලේ නම ප්‍රසිද්ද කරන්න එකෙන් නේ මිනිස්සු දැනුවත් වෙන්නේ. එහෙම දැනුවත් කලාම තමයි හැදෙන්නේ. මාධ්‍ය වගකීමත් එකනේ.(කේ)
ප්‍රන්සයේ පැරිස් නුවර ලා චෙපල් කියනා ඉසව්වේ තිබෙන දමිල කඩ බොහොමයක තවමත් විකුනන්නේ කල් ඉකුත්වූ , නිෂ්පාදන දින නොමෙති , අවසාන කාලය නොමෙති ටින් කෑම සහ බෝතල් නිෂ්පාදන (නදී)
ඔව් ගල්කිස්සේ සුපරි එකෙත් එහෙමයි. පරණ බිස්කට් වගේ දේවල් දෙන්නේ. මටත් උනා එහෙම දේවල් (නදී)
අයිතිකරු දේශපාලුවෙක්වද්ද? (නි)