අයි. පී. එල්. තරගාවලියේ 21 වැනි තරගය ලෙස බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. ඉන්පසුව පැවති සුපිරි ඕවරයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 4 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
විනේ කුමාර් විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනිද්දී දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන ලබා සිටියේ ලකුණු 28 ක් පමණි. ඒ සඳහා ඔහුට පන්දු 31 ක් වැයවිය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ විරාට් කොලි (65) සහ ඒ. බී. ඩිවිලියර්ස් (39) ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 කට 152
(විරේන්ද්‍ර ශෙවාග් 25, ඬේවිඞ් වෝනර් 15, මන්ප‍්‍රීත් ජුනේජා 17, මහේල ජයවර්ධන 28, බෙන් රෝරර් 14, කේදාර් ජාදව් නොදැවී 29, ඉර්ෆාන් පතන් නොදැවී 19, ජයදේව් උන්කඞ් 24/2)
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 කට 152
(කි‍්‍රස් ගේල් 13, ලෝකේෂ් රාහුල් 12, විරාට් කොලි 65, ඒ. බී. ඩිවිලියර්ස් 39, රවී රාම්පාල් නොදැවී 12, උමේෂ් යාදව් 22/2)
සුපිරි ඕවරය
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී 15
(ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 2 ක් දැවී 11
(ඉර්ෆාන් පතන් නොදැවී 11, රවී රාම්පාල් 11/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරඟය චන්නි වල තිබුණා නම් දිල්ලි පිල අනිවාර්යෙන්ම දිනනවා (නි)
කොහොමද එහෙම වෙන්නේ? (නි)
අපේ කෙනා ගහන්නේ නැහැනේ.(නදී)
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කඩුලූ 2 ක් දැවී 11 (ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13) දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කිසිවෙකු නොදැවී 15 (ඉර්ෆාන් පතන් නොදැවී 10, රවී රාම්පාල් 11/2) මේ ලකුණු හරි.(නදී)
ශේරිෆ්ට පිස්සුද ? (නි)