පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ්‍රෝම් ගෝකාට් ධාවන මුලස්ථානයේදී පැවැත්විණ. සම්මාන ප‍්‍රදානෝත්සවයේ සම්මන දෙකක් දිනා ගත් එකම ධාවකයා වුයේ 8 හැවිරිදි ජේඩන් ගුණවර්ධනයි. ජේඩන් යතුරුපැදි තරගාවලියේදී ඉන්දීය ධායකයන් අබිබවමින් 125 සී.සී. 4 ස්ට්‍රෝක් ඉසව්වේ ශූරතාව දිනා ගත්තේය. ඔහු එම කාණ්ඩයේ 16 න් පහළ ශූරයා ද විය. තරගමාලාවේ යතුරු පැදි ඉසව්වන්ගේ ශූරතාව දිනාගත් ජේඩන් ගුණවර්ධන, උදික මලවිගේ (සුපර් මෝටාර්ඞ් 250 සී.සී.), සජිත් කරුණාසේකර (125 සී.සී. 2 ස්ට්‍රෝක්) සහ සුරාජ් පෙරේරා (450 සී.සී. 4 ස්ට්‍රෝක්) සම්මාන අතැතිව සිටිති.  (ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)