ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජ හතරක් එක්ව සංවිධානය කළ ‘ස්පීඞ් 2012’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ තෙවැනි හා අවසන් අදියරේ තරගාවලියේදී මෝටර් රථ ධාවන ශූර අශාන් සිල්වා ඉසව් තුනකම පළමු ස්ථානය ලැබීය.
පන්නල ස්ප‍්‍රීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේදී අශාන්, මෝටර් රථ ඉසව් අතරින් වැඩි අවධානයක් යොමු වු එස්. එල්. ජී. ටී. 3500 සී.සී. ඉසව්වේදී දිනේෂ් දෙහෙරගොඩ පරදවා ජය ගත්තේය. දිනේෂ් අදියර දෙක අවසානයේදී ප‍්‍රසාද ලකුණු අතරින් ඉදිරියෙන් සිටි ධාවකයා වන අතර ඔහු අවසන් අදියරේ දෙවැනි ස්ථානය ලැබීම නිසා එහි ශූරයාවීමට ඔහුට අපහසුතාවක් නොවනු ඇත.
කටුකුරුන්ද තරගාවලියේ මෙම ඉසව්වේ ශූරයා වු අභීත් දංගල්ල තෙවැනි ස්ථානය ලැබීය. අශාන්, ෆෝමියුලා ෆෝර්ඞ් ඉසව්ව මෙන්ම එස්. එල්. එච්. 1600 සී.සී. ඉසව්ව ද ජය ගනිමින් පන්නල ධාවන පථයේ වීරයා විය.
ෆෝර්ඞ් ලේසර් මැස්ඩා 1300 සී.සී. ඉසව්වේ මෝටර් රථ දෙකක් අනතුරට ලක්වීමෙන් එහි තරග ප‍්‍රතිඵල අත්හිටුවන ලදි. එමෙන්ම එස්. එල්. කාර් 1050 සී.සී. ඉසව්ව සහ එස්. එල්. ඒ. මිනි 7 ඉසව්වේද තරග ප‍්‍රතිඵල අත්හිටුවීමට සංවිධායකවරුන්ට සිදුවිය.
ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. 4 ස්ට්‍රෝක් තනි සිලින්ඩර යතුරු පැදි ඉසව්වේදී 9 හැවිරිදි ජේඩන් ගුණවර්ධන සහ 8 හැවිරිදි ඒරන් ගුණවර්ධන සොහොයුරෝ පළමු සහ දෙවැනි ස්ථාන ලබමින් පැමිණි ලොකු කුඩා කාගේත් අවධානයට යොමු වු ඉසව්වක් බවට පත්කළහ.
අවසන් තරග ප‍්‍රතිඵල:
ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (, ඉසව්ව)
1.චන්දිම ගුණරත්න,
2.සබ්රි අබ්දුල් සලාම්,
3. තරිඳු ගමගේ
එස්. එල්. එන්. 1000 සී.සී.
1.රොහාන් ද සිල්වා,
2.උෂාන් පෙරේරා,
3.එස්.ඒ.දුමින්ද
මැක්ලරන්ස් ඇල්ටෝ කේ10 ඉසව්ව
1.ප‍්‍රවීන් මඩුගල්ල,
2.උෂාන් පෙරේරා,
3.අමීර් ගපූර්
එස්.එල්.එච් 1600 සී.සී.
1.අශාන් සිල්වා,
2.මොහාන් පෙරේරා,
3.දිනේෂ් ජයවර්ධන
ෆෝර්ඞ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී.
1.ඉර්ෆාන් ෆුවාර්ඞ්,
2.ශාන්ත ප‍්‍රියංකර,
3.චමින්ද වීරසුරිය
එස්.එල්.එච්. 1500 සී.සී.
1.සජාඞ් සුහයිර්,
2.එස්.මාන්නප්පෙරුම,
3.දිනේෂ් සේනානායක
ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (IIඉසව්ව)
1.තරිඳු ගමගේ,
2.චන්දිම ගුණරත්න,
3.සබ්රි අබ්දුල් සලාම්
එස්.එල්.ජී.ටී. 3500 සී.සී.
1.අශාන් සිල්වා,
2.දිනේෂ් දෙහෙරගොඩ,
3.අභීත් දංගල්ල
ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු)
1.අශාන් සිල්වා,
2.දිනේෂ් ජයවර්ධන,
3.එස්.ලෝරන්ස්
ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පෙර)
1.කෞෂල්‍ය සමරසිංහ,
2.විරාන් බොතේජු
යතුරුපැදි තරගාවලිය
යමහා 153 සී.සී. - 6
1.සමීර සම්පත්,
2.ප‍්‍රසාද් එරංග,
3.මයිකල් ස්ටීව
බාජාජ් 150 සී.සී.
1.ශාන්ත රණසිංහ,
2.අමල් එරංග,
3.ධනංජය රාමනායක
125 සී.සී. 2 ස්ට්‍රොක්
1.චතුර මධුෂංක,
2.තුවාන් ප‍්‍රින්ස්,
3.මොහොමඞ් සෂීන්
125 සී.සී. 4 ස්ට්‍රොක්
1.ජේඞ්න් ගුණවර්ධන,
2.ඒරන් ගුණවර්ධන,
3.මාලන් මංචනායක
250 සී.සී. එස්.එම්. සුපර් මෝර්ටාඞ් 4 ස්ට්‍රොක්
1.කේ.ඞී.සුදසිංහ,
2.උදික ශ්‍රීමාල් මලවිගේ,
3.සුදීප් විදර්ශික
250 සී.සී. ඕ. ස්ටෑන්ඩර්ඞ් 4 ස්ට්‍රොක්
1.නෙඞ් ඩැනියල්,
2.ශිරෝන් ප‍්‍රනාන්දු,
3.නරයෙන්සමි ප‍්‍රදීපන්
125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී.
1.ප‍්‍රභාත් පීරිස්,
2.ජේඞ්න් ගුණවර්ධන,
3.එස්.කේ.ටිරෝන්
450 සී.සී. එස්. එම්. සුපර් මෝටාර්ඞ්
1.සුරාජ් පෙරේරා,
2.ආනන්ද වෙඩිසිංහ,
3.ඉන්දික ජයසුරිය
600 සී.සී.රේසිං නවීකරණය කරන ලද යතුරු පැදි
1.ප‍්‍රසන්න ආර්.සුබසිංහ,
2.මධුරංග කල්දේරා,
3.රඛිත අබේවික‍්‍රම
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර තරගයක් දිනුවොත් වඩාත් හොදයි. (නි)