කිලිනොච්චිය කොකාවිල් හන්දියේ දී සුඛෝපභෝගී බසයක් පෙරැළී කාන්තාවක මියගොස් 34 දෙනකු තුවාල ලබා 20 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. පොලිසිය පවසන්නේ අද උදෑසන හතරට පමණ කොළඹ සිට යාපනයට ධාවනය වෙමින් තිබූ බසය පාරේ නවතා තිබූ ටිපරයක වැදී පෙරැළී ඇති බවයි.
කිලිනොච්චිය කොකාවිල් හන්දියේ දී සුඛෝපභෝගී බසයක් පෙරැළී කාන්තාවක මියගොස් 34 දෙනකු තුවාල ලබා 20 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. පොලිසිය පවසන්නේ අද උදෑසන හතරට පමණ කොළඹ සිට යාපනයට ධාවනය වෙමින් තිබූ බසය පාරේ නවතා තිබූ ටිපරයක වැදී පෙරැළී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය දුර සේවා දුවන ලේලන්ඩ්/ටාටා බස් වල යන්න තියෙන අමාරුව ගිය ඕනෑම කෙනෙකුට අත්විඳින්න පුළුවන්. 2-3 සීට් වල ඉඩ කොහෙත්ම ප්‍රමාණවත් නැත. අයිනේ වාඩිවෙන කෙනාගේ බාගයක් විතරයි සීට් එකේ තියාගන්න වෙන්නේ. ඒ මදිවට හිටගෙන යන්නත් බැහැ. සෙනඟ පටවාගෙන අධික වේගයෙන් තමා ගමන.පැය 3ක් 4ක් යනකොට හොඳ ගණන්.හදිස්සියේ අනතුරක් වුණොත් එළියට එන්න බැරුව හිරවෙලාම මැරෙනවා.මේ ඉන්දියන් බස් වල තියෙන වාසිය මිල අඩුවීම හා අමතර කොටස් ලාභවීම පමණි. මඟියාගේ පැත්තෙන් කිසිම පහසුවක් හෝ ආරක්ෂාවක් නොසළකා මේවා අනුමත කරන බලධාරීන් මේ මරණ වලට වගකිවයුතුයි (නි)
මෙය බස් රථයේ වරදක් නොව බසය පදවපු රියදුරාගේ වරද යැයි සිතමි. කෙසේවෙතත් දැන් සුඛෝපභෝගී බස් රථවල ශක්තිමත් පිටත ආවරණයක් නැහැනේ. (නි)
මේවා චීන බස් නේ. (නදී)
මේක ලේලන්ඩ් එකක් ලුම්බිණි. ඉන්දියාවේ. මේ මිනිස්සු මැරිලා ඉපදිලද මන්ද (නදී)
ඔය බස් පාරේ යන්නේ ප්ලේන් එකක් අහසේ යනවට වඩා වේගයෙන්ද කියලා සමහර වෙලාවට හිතෙනවා (නි)
එරංග, ඉන්දියාවේ හදනවා නම් මොකද "ලංකා අශෝක් ලේලන්ඩ්" කියල ගහල තියෙන්නේ? (ර)
යහපාලනයේ ඉන්නෙත් මේ වගේ මිනිස්සු කිසිම දෙයක් අඳුරන්නේ නැහැ. (නදී)
ලංකා උනාට හදන්න ඉන්දියාවේ (නදී)
නොසැළකිල්ල තමයි මේවට මුල (නි)
ටිපර් එක නවතා තිබුනේ ෆොටෝ එකේ ඇති විදියටනම් ටිපර් කරු මුල්ම වැරදි කරු. (බ)
මේක හදල තියෙන්නේ ලංකාවේ. නමුත් නියමිත ප්‍රමිතිය නැති බවනම් පැහැදිලියි. පේන විදියට බොඩිය හදල තියෙන්නේ ෆයිබර් වලින්. ඒක ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටළුවක්!! (බ)
මමනම් දන්නා විදියට ලේලන්ඩ් බස් ඔක්කොම හදන්නේ ඉන්දියාවේ. ලංකා කියල නම ගහන්නේ වරායෙන් එලියට දෙද්දී. මේ ඒ සී බස් දැන් ගොඩක් අධිවේගී මාර්ගයේත් දුවනවා. කෝමත් ලංකාවේ මගී බස් වලින් 80% ක්ම ලේලන්ඩ් තමා . මේවගේ ප්‍රමිතිය මගී ආරක්ෂාව සහ පහසුව නම් අන්තිමයි. අඩුම තරමේ දුර ගමන් සඳහාවත් ප්‍රමිතියෙන් යුතු ජපන් බස් යෙදවීමට රජයේ අවධානය යොමු විය යුතුය. (ර)
තුනී ලෑලි වලින්ද බස් එක හදලා තියෙන්නේ (බ)