ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ සුපිරි ක්‍රීඩකයින් පිටුපස පවා පුහුණුකරුවන් සිටි බවත්, තමනට පුහුණුකරුවන් නොසිටීම දැඩි මානසික බලපෑමකට හේතුවූ බවත් ලන්ඩන් ඔලිම්පික් ගොස් හිස් අතින් ගෙදර ආ ශ්‍රී ලංකික ක්‍රීඩකයෝ කටුනායකදී පැවසූහ. ක්‍රීඩකයන් හතෙන් දෙකක් ඔවුන් සමග නොආහ.
අඩුපාඩු මගහරවාගෙන හොඳ පුහුණුවක් ලැබ මීළඟ තරඟවලදී ලංකාවට පදක්කම් දිනාදීම තම උත්සාහය බවද ඔවුන් කීහ.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟවලින් ජය නොලැබුණත් ඔවුන්ගේ සිනහව ඔලිම්පික් ගම්මානයේ බොහෝ දෙනාගේ සිත්ගත් බව අපේ ලන්ඩන් වාර්තාකරු තිස්ස මඩවල කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුණු කරුවෝ ගියෙත් හිනාවෙවී අවෙත් හිනාවෙවී. ක්‍රීඩකයෝ තමයි අඩන්නේ (දී)
සිනහවනම් ඕන කෙනෙක්ට තියෙනවා. වෑඩ නෑත්නම් මොකෙන්වත් වෑඩක් නෑ...(ස)
ඊළග පාර ඔලිම්පික් එකට විහිලුකාරයන් යැවුවා නම් හොදයි නේද? (නි)
ඉන්ද්‍රජිත් හරි . අපේ ලංකාවේ අයට තියෙන්නේ බොරු දේශප්‍රේමය (ස)
මොවුන්ට විදේශ පුහුණුව ලබා දී එම පුහුණු වන රටවලම පුරවැසිභාවය ලබා දීමෙන් ලංකාවට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. (නි)
මේකත් ඔලිම්පික් වාර්තාවක් වේවිද ??
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇර අනිත් ඇත්තන් අම්බලන්ගොඩින් වෙස්මුහුනු ටිකක් දාගෙනම ගියානම් හිනාව ඔයිට වඩා පෙන්නන්න තිබුනා වගේම වටිනවා. (ස)
පව්,, අපේ කොල්ලෝ කෙල්ලෝ ටික (දී)
ලංකාවේ කළගුණ දන්නා මිනිස්සුනේ දැන් ඉන්නේ. යුද්දේ දින්නල දුන්නට දුන්න තෑග්ගනේ මේ. කොහොමද අපි දුන්න තෑග්ගේ පල විපාක (දී)
අනේ පවු. නටන්න බැරි මිනිහට පොළව ඇදයි කිවුවා වගේ. (නි)
කවුරු නැතත් අපි ඉන්නවා (දී)
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා !!! .(ස)
කමක් නෑ .ඊලඟ වතාවේ ජය ගමු...(ස)
මානසික ලෙඩ්ඩුත් මෙතන ඉන්නවද ?? .(ස)
කෝ අර ගිය අනිත් අය...(ස)
ලංකාවේ ක්‍රීඩාව ගැනනම් කතා කරන එපා. (දී)
අපේ පාලකයෝ චන්දෙ දවස් වලදී නම් කියන්නේ අපිට කරන්න ඒගොල්ලන්ව පාර්ලිමේන්තු යවන්න කියල. ගියාට පස්සේ අපිනේ ඒ ගොල්ලන්ට කරන්නත් ඕනේ. (දී)
ඔබලාට ජය වේවා. ඇහුවොත් නම් උපරිමය කරනවා කියනවා. ක්‍රීඩකයින්ට පුහුණු කරුවෙක් නැහැ. ක්‍රීඩාව පිළිබද අපේ ගමේ සිරිපාල මාමාට ඕන කම තියෙනවා මීට වඩා. අපිටයි ගහන්න ඕනේ මෙහෙම අයව දියවන්නාවට යැව්වට. (දී)
මොනවා? තිහකට වැඩිය හිටියනේ එතන.. එක පුහුණුකරුවෙක් වත් යවල නැද්ද? එතකොට අනිත් අය ගියේ...?
ඒ කියන්නේ දැන් අඬන්න වෙන්නේ අපිට. (නි)
ලබන වතාවේ ජයග්‍රහණය උදෙසා කැපවන්න. (නි)
ඊළග වාරයේ ඔබට පුලුවන් ජය ගන්න. (නි)
අනේ පුතේ, මෙන්න මෙහාට වෙලා කුඹුරක් කොටාගෙන හිටපන්. ඔය පුහුණුකරුවන් ගියත් ඉතිං වියදම් වෙන්නේ අපේ සල්ලිමනේ. (නි)
ලබන සැරේ අපි දෙනවා බැටේ. (නි)
හොද පුහුනුවක් ලබාගත යුතුයි.ඒ සදහා අන්තර් ජාතික සහය අවශයයි. (ත)
ඇහුවොත් පන දෙන්න. කරන්න ගියාම කව්රුත් නැහැ (දී)
හැමදාම යන්නේ අත්දැකීම් ගන්නනේ...හැබැයි මේපාර යන අය ඊළඟ පාර නෑ.. මේ යන හැටියට මම හිතන්නේ ක්‍රීඩකයො පැත්තක තියල නිළධාරීන් විතරක් ඊළඟ ඔලිම්පික් එකට යවන්න..දැන්ම ඒගොල්ලොනම් ලෑස්තිවෙලා ඇති ඊළඟ සැරේ යන්නත් (දී)
ඔන්න ඔහොමලු උනේ(දී)
ඇමතිතුමාලා ගිහින් නැද්ද? (නි)
ඔලිම්පික් නම් මොනවද...? ඊළග ඔලිම්පික් එකට සිනාසීමේ තරගයත් ඇතුල්කරන්න බලාපොරොත්තු වෙනවා ලු..... එතකොට ලංකාවට පදක්කමක් හම්බවෙනවා අනිවාර්ය යෙන්ම. ඒත් 2016 වෙද්දි අපේ අය අඩයි ද දන්නෙ නැහැ..(ස)
යද්දී 31 යි එද්දී 5 යි මොකෝ අනිත් අයට උනේ. කොටියෝ කාලද ?.(ස)
අපරාදේ වියදම් කරපු සල්ලි. ඒවාත් හරියට ලංකාවේ කොටස් වෙළද පොළේ දැම්මා වගේ තමයි. (නි)
ඔලිම්පික් තරගයකට සහභාගි වීමට ලැබීමම ලොකු වාසනාවක්. (නි)
තරගයකදි ජය පැරදුම දෙකම භාරගන්න ක්‍රිඩකයක්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් පුළුවන් වෙන්න ඕනෑ. පැරදුනා කියලා මේ වගේ දේවල් කියන්න නරකයි. (නි)
දිනුවානම් බලන්න තිබුණා මෙතන ඉන්න කට්ටිය. (නි)
ක්‍රීඩ කරන්න නොගිය පිරිසක් ගියානේ ඒ අය කෝ??.(ස)
හිනාවවත් ඉතිං ඔලිම්පික් වාර්තාවක් විදියට පිළිගනිමු නේද? (නි)
ජයවේවා
හිනාවෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ...(ස)
පදක්කමක් ගන්න උත්සාහ කරන්න..දේශපාලකයෝ වගේ හැසිරෙන්නේ නැතුව.....(ස)
ලැජ්ජයි නේද
අයියෝ සල්ලි
රට පෙරට! සුභ අනාගතයක්! (නි)
සුභ පැතුම් (දී)
දැන් ලංකාවේ දේශප්‍රේමියන් නැහැ. (නි)
ඇමතිතුමා කෝ? (නි)
සන්තෝසයි
මගේ ඇස් පෙනෙන්නේ නැතුවද මන්දා. මෙතන එක් කෙනෙක් අඩුයි නේද? (නි)
නියමයි නේ
දේශප්‍රේමය ඉහවහාගිය අපේ කමෙන්ට් කරුවන්ට හිමිවන ඔලිම්පික් පදක්කම් ගණන තුන දක්වා ඉහල යයි. 1. අපේ හාමුදුරු නමක් ඔලිම්පික් කමිටුවක සාමාජිකත්වය ලැබීම. 2. අපේ ලක් පුතෙක් ඔලිම්පික් පිටියේ කාර්මික රැකියාවක් සඳහා තේරීම. 3. අපේ අයගේ සිනහව කාගේත් සිත් ගැනීම. ඉතින් ලෝකෙන්ම හපනුන් අප මැ නොවේද..? (ස)
අර කලින් කියපු 'සිංහ කතා' එක්කවත් දැන් කියන්නේ නැහැනේ. (නි)
කෝ අනේ 35 ක් ගියානේ..ඒ අය කෝ....(ස)
පුහුණුකරුවන් නොසිටීයත් ලාංකිකයන් හැටියට අපි ඔබට සුභ පතනවා..!!! බලධාරීන්නේ ඔබලා මෙ දරුවන් වෙනුවෙන් වග කිව යුතුයි...?(ස)
කල කැපවීමට ස්තූතියි..(ස)
නරියගේ කතාවෙත් අන්තිමට කිව්වේ ඕකමද මන්දා ??.(ස)
මෙකනම් පුදුම රටක්. අශ්චර්යයක මහත.මාරයි (ත)
පුහුණු කරුවෝ නැතුවට හොඳ නිලධාරී මණ්ඩලයක් දුන්නේ...ඒ මදැයි...(ස)