ස්නායු පද්ධතිය රෝගී වීම භාවනාවෙන් වළක්වා ගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැති භාවනා වැඩසටහනකදී ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පැවසීය. රටේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
මෙම පුණ්‍ය කර්තව්‍යය රට හමුවේ දැනුම් දුන්නේ ලංකාදීප වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත බවද මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පැවසීය. වෙබ් අඩවිය සහ පුවත්පත සිදු කළ උතුම් පුණ්‍ය කර්තව්‍යයට පුණ්‍යාණුමෝදනා සිදුකරන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනට අමෙරිකාවේ සිට පැමිණි ඇමෙරිකන් ජාතික ඛේමා මෙහෙණිය සමථ විදර්ශනා භාවනාව වටහා දුන්නේය. ජිනීවා විශ්ව විද්‍යාලයේ ස්නායු වෛද්‍ය පීඨයේ ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැනඩා ජාතික ඈන් කැටෝ මහත්මිය වටහා දුන්නේ ස්නායු පද්ධතිය ඔස්සේ භාවනාවෙන් මනස පුරවාලීම පිළිබඳවයි.
මෙම දේශනා සහ ඊට අදාළ වීඩියෝ පට ලබාදෙන ලෙසට ඉහළ ඉල්ලුමක් දිනපතාම විශ්ව විද්‍යාලයට ලැබෙමින් පවතී. එම නිසා www.sjp.ac.lk/wcup/m_workshop.php වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බවත් මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සඳහන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩසටහන් තවත් පැවැත්විය යුතුයි.ඒ වගේම එය ප්‍රායෝගිකව කළ යුතුය.අප භාවනා කළ යුත්තේ සසරි්න් එතෙර වීම සදහාය.(දිල්)
මේ වගේ වැඩසටහන් තවත් පැවැත්විය යුතුයි.....ඒ වගේම එය ප්‍රෙයා්ගිකව කළ යුතුය.අප භාවනා කළ යුත්තේ සසරි්න් එතර වීම සදහාය.(හේ)
සුද්දෝ භාවන කරනකොට අපේ රටේ මැට්ටෝ නොපෙනෙන දේව ආගම් පසුපස යනවා. (ස)