පසුගිය සති අන්තයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් නගරයේදී පැවති "ඉන්දීය ෆිල්ම් ෆෙස්ටිවල්" උළෙලට සහභාගී වු සෝනම්කපූර්ට ඉහළ රසික ප්‍රතිචාර හිමිවු බව සඳහන් වේ. ඒ ඇය රංගනයෙන් දායක වූ "නිර්ජා" චිත්‍රපටයට මෙම උලෙළට එක් කර තිබීම හේතුවෙනි.
සෝනම් "සන්ටා බන්ටා" වෙබ් අඩවියට පවසා ඇත්තේ තමාවට විදේශයකදී ලැබුණ ඉහළ රසික ප්‍රතිචාරය මෙය බවය. මේ ලැබුණ රසික ප්‍රතිචාර මත තමාට සම්මානයක සිහිනයක්ද පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත. සෝනම්ගේ "නිර්ජා" චිත්‍රපටය මේ වසරේ තිරගත වූ සුපර් හිට් චිත්‍රපටයක්ද වේ.
"නිර්ජා" චිත්‍රපටයෙන් පසුව තවමත් කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකන්නට නොලැබුණ සෝනම් නැවතත් ලබන වසරේදී බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් සිය රසික පිරිස් හමුවීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd