(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බවට කටකතා පැතිරීම හේතුවෙන් අද(21) උදෑසන මුලතිව් නගරය පාළුවට ගොස් තිබිණි.
මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙන අතර ඊයේ (20) සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවදානමක් ඇති බවට ජනතාව බිය ගන්වනු ලැබීම නිසාවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
මුලතිව් පොලීසිය පැවසුවේ කිසිදු සුනාමි අවදානමක් නැති බවත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති බවත් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරන ලෙසට ජනතාව දැනුවත් කළ බවත් ය.
පසුගිය දිනවල ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාමනිසා මුලතිව් ධීවරයින් හා ජනතාව යම් බියකින් පසුවන බවට වාර්තා වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසියේ තියන නොදැනුවත්කම පැහැදිලි වෙන තවත් අවස්තාවක් . ඊයේ නිව් කැලිඩෝනියා ව (ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 1500 පමණ නැගෙනහිර) රික්ටර් මාපක 7 කට වැඩි භූමිකම්පාවක් ඇති වී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළා . නමුත් පසුව ඒ අනතුරු ඇඟවීම ඉවත් කළා . කටකතාවක් හේතුවෙන් මිනිසුන් රැවටුනා කියා කීම පොලිසියේ නොදැනුවත්කම නිසායි .
ලංකාවේ තරම් මෝඩ මිනිස්සු කොට්ටාශයක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති......
වැස්සම කොහොමද මුහුදේ වතුර වැඩිවෙන්නේ?