සන්ධානයේ හිටපු කැබිනට් ඇමැතිවරුන් හත් දෙනෙකු ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා ඉල්ලුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.
එම පිරිසෙන් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නාම යෝජනා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ද දැන ගන්නට ඇත.
නාමයෝජනා ඉල්ලුම් කර ඇති පිරිස මාතර, මහනුවර, දිගාමඩුල්ල, මාතලේ, කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික් නියෝජනය කරන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තෝ ජටා බහිජටා , පක්ෂ මාරු කරන අයට නාම යෝජනා නොදෙන්න අගමැති/ජනපති එකඟතාවයකට අවා කිව්වා නේද ? (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාය යාම පටන් ගන්න වගේ ජනාධිපතිතුමා චන්ද්‍රිකා තනිකරම වගකිව යුතුයි. නිදහස් පක්ෂය විනාශ කළාට කමක් නෑ. රට පාවාදීමට හෝ විනාශ කිරීමට නම් ඉඩ දෙන්න බැහැ (බ)
සෑම් බය වුනා නේද? මේ පාර එක්සත් ජාතික පක්ෂය දිනන බව මේ හැම දෙනාම දන්නවා. ඒ වුනාට ඔයගොල්ලෝ වගේ වහල්ලු තාම ඒක පිළිගන්න කැමති නැහැ. ඔයාලගේ මහින්දට සොරි ඩොට් කොම් තමයි මේ පාර (බ)
දැන් ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ කොහොමහරි තව අවුරුදු පහකට රැකියාවක් හොයාගන්න එක විතරයිනේ.ඒකට තමා වලිකන්නේ (නි)
මෛත්‍රීත් ලබන පාර ඉල්ලන්නේ එජාපෙන් තමයි,එජාපෙට අති විශිෂ්ට ජයක් නියතයි (බ)
බන්දුල කියනව සෑම් මානසික වහලෙක්ලු එතකොට එයා එජාපෙට කඩේ යෑමට මොකක්ද කියන්නෙ මානසික නිදහස් බවද. (බ)
පිනා චාන්ස් මෙදාපාරවත් චාන්ස් එකක් ලැබේයිද (බ)
තොප්පිය හැරෙන පැත්තට හැරෙන අය, දැන් ඉතින් අලියා පිට නගීවි. (ත)
කමල් , ලොකු දෙයක් මෛත්‍රී එජාපෙන් ඉල්ලනවා නම්, ලබන පාර නොවේ මේ පාරම හොදයි , පැරදිලා හරි ශ්‍රීලනිපේ ආරක්ෂා කර ගන්න පුළුවන් . ජය පරාජය පොදුයි . කොහොම නමුත් එජාපෙ දිනනවා කියන්නේ ඩයස්පෝරාව දිනනවා කියන එකයි , මෙය හෙට අනිද්දම තේරේවි . මේ එජාපය නිදි මර මර නොමිලේ ස්වේච්ඡා වෙන අදහස් දාන උදවිය දන්නවද ඩයස්පෝරාව දැනටමත්, ලංකාවෙන් පිට ටැමිල් ඊළාම් රාජ්‍ය පටන් අරන් කියලා , නම තමා ට්‍රාන්ස්නැෂනල් ගවන්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් , කරුණා කර අර මෛත්‍රී මහතා ව දිනවපු අනෙක් ලක්ෂ 10 හමාරේ අනෙක් රටේ විස්තර දැන ගන්න . ඉන්ටනෙට් එකේ චෙක් කර බලා ඔයා ලට උදවු කරපු අයට සුබ පතන්න . ඔයාලා මෛත්‍රී ට ලබා දුන්නේ වැඩිම ලක්ෂ 50 යි , ඉතිරිය ඉතින් ඩයස්පෝරාවේ සහ කන්ද උඩරටින් තමා , කමක් නැහැ ඔයාලට ඕනෙවුනේ මහින්දව පරාජය කරන්න නේ , ඔන්න දැන් වැඩේ වුනා (බ)
කවුරු මොනවා කිව්වත් ජනතාව බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. පක්ෂ පාට නෙවයි වැදගත් බුද්ධිමතුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු. රටට යහපතක් කරයි කියලා හිතන පිරිසක් තෝරා ගමු. එයයි වැදගත් නැතුව ඒ අයට සැප ගන්න අපි ඔවුන්ව තෝරා ගන්න ඕන නෑනේ. (ස)