සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මෛත්‍රීපිලට නොගන්නැයි ඉල්ලමින් ගොඩකවෙල නගරයේ පැවැති රැලියකට සහභාගී වූ දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග අද (19) කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, ඔහුගේ රියදුරු සරත් බණ්ඩාර, සම්පත් කැලුම් වීරසූරිය සහ රෙක්සි හෙවත් ප්‍රැන්සිස් අමිල රත්නසිරි එලෙස ඇප ලැබූහ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එම් ජයසිරි මහතා නියෝග කර තිබිණි.
සැකකරුවෝ අද (19) අධිකරණයට ඉදිරිපත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd