පොලිස් මූල්‍ය අපරාධ කෙට්ඨාසය පිහිටුවා ඇති අකාරය නීති විරෝධී බවටත් හිටපු ජනපතිගේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත්, මහජන දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අත් අඩංගුවට ගැනීමේදී නීතිපති උපදෙස් ලබාගත යුතු බවටත් යන කරුණු කිහිපයක් මුල් කරගනිමින් හිටපු ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (18) පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම දිට්ට ධර්ම වේදනීය කාර්ම පල දෙන්න පටන් ගත්ත විතරයි.(නදී)
මහජන දේපළ ගසා කෑ කාටවුණත් හොඳක් නම් වෙන්න එපා (නි)
ගසා කාපු දනස්කන්දය ජනතා සතු කරලා නීතියක් තිබෙන රටක් කියල පෙන්වන්න.(නදී)
අපරාද විමර්ශන වල ඉන්න ලොක්කොත් මිනී මැරුම් වලට වරද කරුවන්.(නදී)
ආරක්ෂාව ඕන තර්ජනයක් තියෙන අයටයි. බෙදුම්වාදය ත්‍රස්තවාදය පරදවන්න මුල් වුනු මනුස්සයාගේ ආරක්ෂාවයි බලන්න ඕනේ (නදී)
සමාජවාදියෝ විතරක් නෙමෙයි ඩුබායි තිලක්,රටකට නායකයෙක් ගැන අදහසකුත් ඔහෙලා අපිට පෙන්නලා දුන්නා. ඒකට නම් ගොඩක් ස්තුතියි (නි)
හැමෝම එක පැත්තට කතා කරන්නේ. නමුත් ඡන්දයක් තියලම බලමු (නි)
මේ සමහරුන්ට මහින්ද මහත්මාගේ වටිනාකම තේරෙන්නේ නැතුවාද?එසේත් නැත්නම් ලැබෙන දොළ පිදේනි වලට ඒවා නොපෙනේද? මෙසේ සිතෙන්නේ ඔවුන්ගේ ප්‍රතිචාර දෙස බැලීමේදීය.මහින්ද මහත්මා නිසයි අද සැම කෙනෙකුටම බෝම්බ බිය නැතුව නිදහසේ යමක් කරගත හැකිව තිබෙන්නේ.එය නොතේරෙන්නේ රටට ආදරයක් නැති නිවට නියාලු ඕපපාතිකයින්ට පමණි. (නි)
සිසිර, ඡන්දෙන් පස්සේ ඩුබායි තිලක්ලා සත්‍යාලා ඉසුරන්දිලාකියන්නේ හොර ඡන්ද දාලා කම්පියුට ජිල්මාට් " කළා කියලයි. (නදී)
මෙන්න ගෙඩි 5ක් එක එක තාලයේ. (ස)
පහුගිය කාලෙයි මේ කාලෙයි බලන්නකෝ වෙනස. දැන් පොලිසියේ දෙපා ළඟට මේගොල්ලෝ ගිහින් ආයාචනා කරනවා. කොහොම වුණත් මෙතන ඉන්න ඔක්කොම ඡන්දෙන් පස්සේ යන තැන බලමුකෝ... (නි)
බොහෝ මිනිසුන් බැබලෙන්න හදන්නේ අනුන්ගේ රශ්මියෙන්. ඒ රශ්මිය නැතිවෙනකොට බයයි තමන් අළු වෙලා යයි කියා. ඒ නිසා රශ්මිය පතුරන කෙනාව රකිනවා.(නදී)
හොරුන් පිටුපස කම්බා හොරුන් දැන් පෙන්වනවා.(නදී)
දුසිතයන් රකින රටක් (නදී)
මෙතනින් වෙල්ගම හැරෙන්නට වෙන එක අයෙකුටවත් චන්දෙ ඉල්ලලා බලයට එන්න බැහැ. මතුගම මෝඩ මිනිස්සු නිසා වෙල්ගම නම් දිනාවී. මෙතන ඉන්න කවුරුවත් රටට කරපු සේවයක් නැහැ. ශ්‍රී ලංකා එක විනාශ කරන පිළිකා කාරකයන්. (ස)
පුලුවන් නම් හොයන්න සැඟවුණු අමුත්තා. සෑහෙන කලකට පෙර එක ජනාධිපතිවරණයකට ඉදිරපත් වී මුළු ලංකාවෙන්ම ඡන්ද 17,005ක් ලබා ගත්තා. ඊට වසර 17 කට පසුව තවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී මුළු ලංකාවෙන්ම 23,668ක් ලබා ගත්තා. (බ)
දැන් ඉන්නේ කඹ හොරෝ මහින්ද මහත්තය උද්දෙවත් ඉවරකර,සරත් ෆොන්සේකා චන්ද්‍රිකාගේ කාලෙත් හමුදාවේ හිටිය කෝ යුද්දේ ඉවර කළාද? ලංකාවේ ඉන්නේ ගුණමකුවන්ට ඒවා මතක නැද්ද. (බ)
ටිකිරි බණ්ඩා මහත්තයෝ,ශාප කරන්නේ බලාගෙන. හොරු වැඩි හරියක් දැන් ඉන්නේ මොන පැත්තේද කියලා දන්නවනේ!අපිත් හොරකම් වලට විරුද්ධයි.ඒත් වෛරි දේශපාලනය අපිට හොඳට පෙනෙනවා දැන් (නි)
මම මේ අහන්නේ මම ගැන හිතරිදිලා කතාකළ අයගෙන්, ඔයාලට අමතක ඇති පළමුවෙන්ම යුද්ධය පටන් ගන්න කලින් මහින්ද මහතාගේ යුද්ධය ආරම්භ කරන්න අවසර ඉල්ලුවහම එයා කියපු දේ. ඔයාලගේ දරුවොත් බේරුනේ යුද්ධයෙන් මේක නිමකළ නිසා. අනෙක යුද්ධය දඩමීමා කරගෙන 2010 ඉඳලා පරාජය වෙනතුරු කළදේවලුත් අපි හොදට දන්නවා. අපිට ඒවා කවුරුවත් කියලා දෙන්න ඕනෑ නැහැ. මගේ සහෝදරයොත් මේ යුද්ධයෙන් දිවිපුජා කර තිබෙනවා. අපි ඒකේ වේදනාව හොඳින් දන්නවා. මේ යුද්ධය නිමකිරීම වෙනුවෙන් මම අදහන්නේ නියම වීරයෝ විතරයි. ඔවුන්ට ජාති ජාතිත් අපි ණයගැතියි(නි)
මොන දේශපලුවෙක්වත් ජනතාවට සේවය කරන්නම හිතන් දේශපාලනයට එන්නේ නැ.හැමෝට පෞද්ගලික වාසී තියනවා (ම)
බලාපොරොත්තු වන්න...ළඟදීම එනවා....."හොරු වෙනුවෙන් හොරු!". (බ)
මෙයාලා හොදටම බයවෙලානේ! හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව මදි කියන්නේ කොහොමද? චන්ද්‍රිකාට දුන්නෙත් ඕකෙන් බාගයක් විතරනේ. තමන් කරලා තියෙන දේවල් අනුව ඵලවිපාක ලැබෙයි. මෙහෙම ගියොත් ජනාධිපතිලා ආරක්ෂා කරන්න වෙනම හමුදාවක් හදන්න වෙනවා. (නි)
සියලු හොරකම් ඉතා සූක්සමව පරම්පරෙවේ කට්ටිය කරලා තියෙන්නේ .මුන් ජනතාව චන්දෙන් පත් කරලා තියෙන්නේ ජනතාවට සේවය කරන්න නමුත් කරන්නේ වෙන දේවල් සිරිලියටත් අන්තිමේ බැණ ගේ සල්ලි වුණා. මහ ඡන්දෙ එනක ජනතාව බලාගෙන ඉන්නේ ,(අ)
පිලිප් මහත්තය වුණ්නා නම් පුතාට බොරලුගොඩ වලව්වේ පොල්පිත්ත්කින් ගහල දායි මේ අපුල්ලන අපිල්ලිලට. (අ)
මේ පිරිසට ගෙවල් වල බිරින්දෑ වරුන්ගෙන් කනක් ඇහෙන්ට නැතුව ඇති. උදෙන්ම ගෙදරින් දොට්ට බැහැල කොහේ හරි යනවා. මහින්දට නෙවේ ආරක්ෂාව නැත්තේ මේ නඩේට ගෙවල් වලින්. නැත්නම් මොකක්ද මේ නාහෙන් අඩන්නේ? (නදී)
ඇයි මේ මෙපමණ දඟලන්නේ? (නි)
හොරා වෙනුවෙන් අපි (නදී)
පද්මිණි, සමහර අයගෙන් නම් වෙනත් ගෙවල්වල බිරින්දෑවරුන්ට කනක් ඇහෙන්ට නැතුව ඇති.(නදී)
චානක ලොස්. හේතුව ඡන්දෙන් පසුව සැමට පෙනෙයි. (අ)
ශාන, කරපු දේවල් නිසා තමයි හිටපු ජනපතිට වැඩි ආරක්ෂාවක් ඕනෑ. ඔලුවෙන් හිතා කතා කරන්න. නීතිපති උපදෙස් නොවේ, පක්ෂ බේදයකින් තොරව සහ අපක්ෂපාතිව හොරු අල්ලන්න එකයි වෙන්න ඕනෑ. (නි)
මේ කට්ටියටත් මොනවා හරි ලැහැස්තිකරලා තියන්න...(බ)
ආරක්ෂාව මදි කිය කියා දවසේ ගානේ පන්සල් වලට ගිහින් සෙනග රැස් කර ගත්තාම ආරක්ෂාව තර වෙනවාද? මේවා විහිලු. (බ)
සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව අයින් කරකොට මේ අය කොහෙද හිටියේ. දැන් හිතෙන බය එදා අනිත් යටත් හිතෙන්න ඇති (අ)
ශාන් මහත්තයෝ. තමන් කරලා තියෙන දේවල් අනුව විපාක ලැබෙයි කියල කියනවා ඇහුන.. එතුමාට විපාක දෙන්න තියෙන එතුමා කළ ලොකුම අපරාදය තමයි ඔහෙලා වගේ ගුනමකුවන්ටත් ඔහෙලගෙ අඹු දරුවන්ටත් නිදහසේ මරබිය නැතුව මේ රටේ ජිවත් වෙන්න අර අහිංසක ප්‍රභාකරන් ඇතුළු කොටි ටික සමුල ඝාතනය කල එක.. ඒ අපරාදයට නම් එතුමාට පල විපාක ලැබේවි. (අ)
ශාන් චානකල බයවෙලා ඉන්නේ ගණන් ගන්න දෙයක් නැ(බ)
ඇයි මේ තරම් දඟලන්නේ? ඔක්කොම ගසා කාපු අය. මොකටද මහින්දට මේ තරම් ආරක්ෂාව? (බ)
මගේ අදහස නම්,හිටපු ජනාධිපති තුමාගේ ආරක්ෂාව පිලිබඳ අවදානමක් නොගත යුතු බවයි. හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාවන් පිළිබඳව රජය වඩාත් විමසිලිමත් විය යුතුයි. (බ)
එතකොට මෙයාල කොහෙද හිටියෙ එදා ජෙනරල් සරත් ෆොන්සේකව අත්අඩංගුවට ගන්න කොට මුං එකෙක් කට ඇරියද අද තමයි මුන්ට කට ඇරල කතාකරන නිදහස හරි තියෙන්නෙ මුන් සේරම හොරැ මුන් හොඳටම බයවෙල ඉන්නෙ හරියට නිතිය කෙරැනොත් සේරටම ආන්ඩුවෙ බෝඩිමේ කල්දේරං බත් කන්න වෙනවාමයි එසේ නුනත් සොබාවධර්මයා විසින්නම් මුන්ට නිසිදඩුවම දෙනවා ඒකනං කාටවත් වලක්වන්න බැහැ (බ)
ශාන්ගේ සහෝදරයාද රට වෙනුවෙන් දිවිපිදු අයෙක් බව සඳහන් වෙනවා.ඔහු වැනි විරුවන් නිසා තමයි අපට සාමය ලැබුනේ.ඉතින් 'තමන් කර තිබෙන දේවල් අනුව ඵලවිපාක ලැබෙයි'..යන වෛරය මුසු අදහස මේ ලිපියට කෙසේ ගැළපිය හැකිද, යන්නයි දැන් මගේ අදහස.යුද්ධය නිමාකිරීමට දායකවූ සියලු රණවිරුවන්ට අපද සදා ණයගැතියි. (නි)
ශාන්,ඔබ විහිලුඅවට වත්ද..'තමන් කරලා තියෙන දේවල් අනුව ඵලවිපාක ලැබෙයි'..යනුවෙන් සඳහන් කළේ. ඒ වචන පේලිය බොහොම වේදනාත්මකයි.එතුමා ගැන අපට නම් ගුණමකු විය නොහැක.ඇතැම් අයට බොහෝ දේ ඉක්මනින් අමතක කල හැක. ඒ මදිවාට වෛරය මුසු අදහස් ඉතා කෘරය (බ)
යමෙකුට වේදනාවක් ඇත්නම්,එම වේදනාව සමනය කරගත යුතුව ඇත්තේ සදාචාරාත්මක මට්ටමකිනි.(නි)
හොදට බලාගන්න අපේ රටේ පට්ට ගැහිච්ච සමාජවාදියෝ කියන අය. (බ)
ඒකාධිපති පවුලක් වෙනුවෙන් දන නමස්කාර කරන අපේ රටේ සමාජවාදියෝ.(බ)
ශාන සෞදි. ඔබ හරියට හරි. (ර)
ලබන මැතිවරණයෙන් කුමන පක්ෂයෙන් හෝ උගත් තරුණ තරුණියන් පාර්ලිමේන්තුවට යැවීම රටේ අනාගතය ගැන හිතන සියලු ඡන්දදායකයන්ගේ යුතුකමයි (නදී)
බය වෙලා ද? (ර)
ලක්ප්‍රිය, මම කෙටියෙන් කියන්නම්. මේ ලෝකේ උතුම් වූ දෙයක් තමයි මවු පදවිය. දරුවාගේ පරම අයිතිය ඇත්තේ මවටයි. නමුත් දණ්ඩ නීති සංග්‍රහය අනුව තමන්ගේ කුසින් උපන් දරුවා ජීවිතක්ෂයට පත්කිරීමේ අයිතියක් මවට නැහැ. එය එසේ නම් රටක පවතින විනාශකරී තත්වයක් නිමකිරීමේ අරමුණින් කෙනෙකු රටක පාලකයා ලෙස ජනතව පත්කළේ නම් එය ඉටුකිරීම ඔහුගේ වගකීමයි. එය ඔහු විසින් ඉටුකළේ නම් ඔහුට ගරුකිරීමත් ජනතවගේ වගකීමක්.නමුත් රට ව්‍යයසනයකින් මුදාගත් පමණින් රටේ මහජන දේපල මුදල් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විනාශ කිරීම වැරදියි. මේ නිසා තමයි මහින්ද ජනතාව ප්‍රතික්ෂේප කළේ. (නි)
යහපාල නම් හොඳට කඩේ යනවා (නි)
කමක් නැහැ ශාන්, අප මෙම කතා බහ දැනට නවතා දමමු. කිසිවෙක් චෝදනා ලත් පමණින් අපි ඔහු හෝ ඇයව වැරදි කරුවකු නොකරමු. කවදා හෝ නිතිය ඉදිරියේ වැරදි කරුවෙකු බව ඔප්පු උනොත් පමණක්, අප සියලු දෙනාටම නුඹලා වැරදිකරුවන් යයි පවසමු. එය සදාචාරාත්මකයි. ඔබට සුබ දවසක්. (නදී)
තිලක් - ඩුබායිට පිස්සු වගෙයි පෙනෙන්නේ (නි)
මහින්ද මහත්තයා හිටියේ නැත්නම් අද මේ පත්තරවල මුල් පිටුවල තියෙන්නේ බෝම්බ පුපුරපු පින්තූර , ගම්වලට පැනලා අහිංසක මිනිස්සු මරපු පින්තූර, සොල්දාදුවෝ කීයක් බිම්බෝම්බ වලට අහුවෙලාද කියන විස්තර. අද කට්ටියට ඒ එකක්වත් මතක නැහැ. මෙතන අදහස් දාන ඔයාලා ගුණමකු වුණාට කමක් නැහැ. හැබැයි ඔය ගුණමකුකම් තමන්ගේ දරුවන්ට උගන්වන්න එපා. (නි)
ලක්ප්‍රිය, මම ඒක තමයි කීවේ 'තමන් කරලා තියෙන දේවල් අනුව ඵලවිපාක ලැබෙයි කියලා' අපි බලා ඉදිමු. (ර)
මුදලිගේ, මොකද මේ අන්තර්ජාලයේ වේගයෙන් වෛරය මුදාහරින්නේ? ඉවසන්න සකිය ඉවසන්න. (නි)
යුද්ධය වෙනුවෙන් අපි හිටපු ජනාධිපතිතුමාට වගේම සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට හිස නම ආචාර කරනවා. නමුත් යුද්ධයේ නම විකුණමින් හැමදමත් තමන්ගේ පවුල් සමඟ එකතුවෙලා රට විනාශ කරනවා බලන්න බැහැ නේද? කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. ඒවාට දඬුවම් ලැබිය යුතුයි. (නි)
පොලිස් ඒකකය නීතිවිරෝධීද නැද්ද කියලා බලන්න රිට් ආඥාවක් ගොනු කරන්න අභියාචනාධිකරණයේ. ආරක්ෂාව මදි කියනවා නම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ. (නි)
යහපාල මහත්තයෝ,එතකොට ජෙනරාල් ෆොන්සේකා මහත්තයයි,හමුදාවේ කොල්ලෝ ටිකයි නිකන්ද හිටියේ? (නි)
ඉල්ලීමක් කරලා බලන්නකෝ ඉතින්... (නි)
ශාන්, ඔබ කියන දේ බුදුදහම අදහන්නේ නැති දහම තම බඩවියත රැකගැනීමටම පමණි කියා සිතන හුඟ දෙනෙකුට නොතේරුනාට බුද්ධ වචනය සැබෑ බව කාටවත් බොරු කරන්නට නොහැක (නි)
එච්චරටම ආරක්ෂාවක් ඕනෑද? (නි)
මෙතන ඉන්න දෙන්නෙක් ගැන නම් අපි බොහොම හොඳට දන්නවා (නි)
එයාලා කියන්නේ ඇත්ත තමයි (නි)
විශේෂ ආරක්ෂාවක් මහින්ද ,ගෝඨාභය සහ ෆොන්සේකාට දියයුතුයි. නමුත් සෙනඟ ගොඩවල් වලට රිංගන එකත් අනතුරුදායකයි. (නි)
අනේ අපි නම් නැහැ ඕවට හොඳේ! (නි)
අනේ ඇත්තට, මේ සමහරුන්ට ගිය කලක්! (නි)
අනේ මේ දේශපාලන අනාථයන්ට දේශපාලන කෞතුකාගාරයක් සාදා දෙන්න (නදී)
මේ පස්දෙනා රටට කර ඇත්තේ මොනවාද? (නි)
මහින්ද ජනාධිපති කාලේ ආරක්ෂාවට භටයින් 3500ක් යොදාගෙන තිබුන නිසා ඒ ආරක්ෂාව මැද ජනතාවගේ මුදල් ගසාකෑවා මදිවට සම්පත් විනාශකර දැම්මා. දැන් ආරක්ෂාව ඉල්ලන්නේ ඇයි? මෙච්චර වැරදි කරලත් ලජ්ජා නැතුව ජනතාව ඉදිරියට ඇවිල්ලා ආරක්ෂාව ඉල්ලන්නේ මොකටද? (නි)
ශාන් මහත්තය ලෝකේ දැකල තියෙන්නේ 2009 ට පස්සේ..අපිනම් ජේ ආර් මහත්තයාගේ කාලේ ඉදන් ලෝකේ දැක්ක.ජේ ආර් ,ප්‍රේමදාස චන්ද්‍රිකා ගේ කාල වල දේශපාලන ලෝකයේ .අපි දැකපු දේවල් වලට වඩා දේශපාලනිකව මහින්ද මහත්තයාගේ කාලේ අපිනම් ඔය කියන තරම් වෙනසක් දකින්නේ නැහැ ඔයා ඔය කියන මවක් දරුවෙක්ගේ ජීවිතය ගන්න එක හා සමාන කල හැකි.. බලය ගන්න පහසුයි. ..නමුත් එක පවත්වාගෙන යන්න ගොඩක් අපහසුයි...ඒ සදහා තමන් අකමැති දේ කරන්න ජනතාව නොපිළිගන්නා දේ කරන්න දේශපාලන නායකයින්ට සිද්ධ වෙනවා.. එදා මහින්ද මහත්තය කලෙත් ඒක..අද මෛත්‍රී මහත්තය කරන්නෙත් ඒක..හෙට කවුරු ආවත් එයාටත් කරන්න වෙන්නේ ඒකම තමයි.ඒක තමයි අපි පිළිගන්න අකැමති මේ මහපොළොවේ දේශපාලන යතාර්ථය. (අ)
මේ වගේ සමාජවාදියෝ නම් පොල් පිත්තක් ගත්තම සීයක් විතර පහසුවෙන්ම කැප ගන්න පුළුවන්.(නදී)
ඒ කියන්නේ රැස්වීම් වල ශු ගාල ඉදල තිබෙන්නේ ජනතාවට වඩා ඔහුට ආරක්ෂාවට ගිය භටයින් සහ ග්‍රාමාරක්ෂකයින්ද ? (නදී)
රජ පවුල කාල විසි කරපු කටු අහුලන් කාපු අයට දුකයි තමයි.(නදී)