ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු ඇමැති ලෙස ද, පණ්ඩු බණ්ඩාරනායක ප්‍රජාතාන්ත්‍රික යහපාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස ද, රංජිත් සියඹලාපිටිය පරිසර රාජ්‍ය ඇමැති ලෙස ද, හේමාල් ගුණසේකර සමෘධි හා නිවාස රාජ්‍ය ඇමැති ලෙස ද, චන්ද්‍රසිරි සූරියආරච්චි ඉඩම් ඇමැති ලෙස ද මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලු බැලූ හැම අතේම සොහොන් ලකුණු පෙන යහපාලානේ මේ ඉතුරුවෙලා තියෙන දින කීපයට ඇමතිකම් ගන්න තරම් දෙකේ කොලේට වැටිච්ච මේ වගේ දේශපාලඥයෝ ළඟද මහින්ද මහත්තයා අවුරුදු 10ක් යුද්දෙත් කරන් රට ගෙනිච්චේ.(හේ)
දැන් මේ ඇමති මණ්ඩලේත් අර කලින් එක වගේම ගණන නගිනවා නේද. (හේ)
බොහොම හොද තීරණයක්. මෛත්‍රීගේ දෙඅත් ශක්තිමත් කරමු.(හේ)
වැදගත් වන්නේ මීළඟ ඡන්දෙදි කාට කාටත් ජනතාව සලකන අන්දමය (බ)
දැන් යහපාලයනට ඡන්දේ දුන්න කවුරුත් හොයා ගන්න නැහැ නේද ?(හේ)
කැතයි නේද, කරන වැඩ. ජනතාව චන්දය දුන්නේ ඕව කරන්න නොවෙයි.එන්නකෝ බලන්න ආයේ අපෙන් චන්දය ගන්න. ගෙදර තමයි ඉන්න වෙන්නේ. කොච්චර හොඳට තිබ්බ රටද දැන් අච්චාරුවක් වෙලා තියෙන්නේ. (කේ)
යද්දී සහෝදරයා ඇමැතිකමට එනවා .(කේ)
අර දඩ කොලය දුන්න කෙනාට සහ දඩ කොළ දීමට කටයුතු කල කෙනාටත් නැවත රැකියාව ලැබුනානේ . අනේ මෙහෙමත් රටක් (කේ)
අබේරත්න මහත්තයෝ..මමත් මේ ඒකයි කල්පනා කරන්නේ..කට්ටිය ඇහින් දැක්ක වගේ කිව්වේ මේ ඇමතිතුමා දඩ කොලේ ලිව්වට ඇමතිකමේ බලේ පෙන්නලා කාර් එක ගිනි තිබ්බ කියලනේ..එතකොට මහින්ද මහත්තයගේ කාලේදී එතුමා දේව දත්තයෙක්..යහපාලනෙට මුක්කුව ගැහුවම දැන් බෝධිසත්වයෙක්..(බ)
කොහොම කොහොමහරි හැමෝම මේ රට විනාශ කරනවා. (නි)
රන්ජිත් මහත්තයෝ ගමට නම් එන්න එපා.(ම)
තවත් කටු කනවනේ මෙි අය හරිම කැතයි. ඔය අගමැතිගේ විශ්වාස භංගයට පාවිච්චි කරපු ඇමක් (ම)
අමුතුම අච්චාරුවක් (ම)
පෙරේතයෝ කොච්චර කලත් ඉවර කරන්න බෑ! ඉවර වෙන්නෙත් නෑ! (ම)
මෙයාලට වෙන දේ ඡන්දෙදි තමයි බලන්න වෙන්නේ.(හේ)
හනේ මෙහෙමත් නරි නාටක.(හේ)
ලංකාවේ ඉන්න මැති ඇමතිවරු, ගහකට පොල්ලකින් ගැහුවා වගේ වැටෙන්නේ. මිනිස්සුන්ට කන්නත් නැහැ.(හේ)
ඔය ඇමැති පදවිය කී කලකටද?(හේ)
ඔයාලට හරි දුතයි නේද ? මහින්දගේ පැත්තට ගියානම් ඔයාලට එයාලා හොදයි නේද ?(හේ)
කටු ගොඩක් ඇති කන්න කට රසට එකනේ කන්නේ.(හේ)
ටික දවසකට හරි ඇමැති කම ගන්න නැත්තම් ඊළඟ පාර ගෙදර යන්න වෙයිද දන්නේ නෑනේ.(හේ)
දැන්වත් වැඩක් කරයි කියලා හිතෙනවා.(හේ)
එකම මුනකවත් සතුටු හිනාවක්නම් නෑ. බලෙන් ඇඟේ ගහලා වගේනේ බලන් ඉන්නේ.(හේ)
කොහොමත් මීළඟ මැතිවරණයෙන් ඒ අය හැලෙනවා ඒකාන්තයි.(හේ)