උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලදී වැඩි වී ඇතත්, නැගෙනහිරදී අඩුවී ඇත. 2008 මැතිවරණයට සාපේක්ෂව ඉහත පළාත් සභා තුනෙහිම එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනමද පසුබෑමකට ලක්වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමද දරුණු සෝදාපාළුවකට ලක්ව තිඛෙන අතර 2008 දී ඉහත පළාත් සභා තුනටම තරග කළ එම පක්ෂයට මෙවර හිමිව ඇත්තේ උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් එක් ආසනයක් පම‚. 2008 දී සබරගමුවෙන් මන්ත්‍රී ආසන 25ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 28ක් හිමිකරගෙන සිටින අතර එජාපයට මන්තී්‍ර ආසන 14ක් හිමිවි ඇත. උතුරුමැද පළාත් සභාවෙන් 2008 දී මන්ත්‍රී ආසන 20ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 21ක් ලබා ගනිද්දී එ.ජා.ප.ය සතුව තිබූ මන්ත්‍රී ආසන 17 ආසන 11ක් දක්වා අඩුවී ඇත. 2008 මැතිවරණයේදි නැගෙනහිරින් මන්ත්‍රී ආසන 20ක් හිමිකර ගත්තද එ.ජ.නි.ස.ට මෙවර හිමිවූයේ මන්ත්‍රී ආසන 14ක් පම‚. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 15ක හිමිකාරත්වය ඉසිලු එ.ජා.ප.යට මෙවර හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන හතරකි. ප්‍රථමවරට නැගෙනහිර පළාත් සභාවට තනිවම තරග කළ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකරගෙන සිටී. ලංකා කම්කරු කොංග්‍රසය සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන සිටින අතර නැගෙනහිර පළාත් සභාවට තරග කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ආසන 11ක්ද, › ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ආසන 7ක්ද හිමිකරගෙන ඇත. සබරගමුව පළාත 2008 දී 2012 දී එ.ජ.නි.ස. ආසන 472,789 (25) 488,714 (28) ¬ 15925 (¬3) එ.ජා.ප. ආසන 346,321 (17) 286,857 (14) ¡ 59,464 (¡3) ජ.වි.පෙ. ආසන 19,068 (2) 12,164 (0) ¡ 6904 කමකරු කොංග්‍රසය ආසන 10,163 (0) 25,985 (2) ¬ 15,822 උතුරු මැද පළාත 2008 දී 2012 දී එ.ජ.නි.ස 307,457 (20) 338,552 (21) ¬31,095 (¬1) එ.ජා.ප. 205,284 (17) 196,127 (11) ¡ 9157 (¡6) ජ.වි.පෙ. 26,738 (1) 16,066 (1) ¡ 10672 නැගෙනහිර පළාත 2008 දී 2012 දී එ.ජ.නි.ස. 308,886 (20) 200,044 (14) ¡ 108,842 (¡6) එ.ජා.ප. 250,732 (15) 74, 901 (4) ¡ 175,831 (¡11) ඉ.ත.අ.ක. තරග කර නැත 193,827 (11) ශ්‍රී.මු.කො. තරග කර නැත 132,917 (7) ජා.නි.පෙ. තරග කර නැත 9522 (1)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ. (නි)
අපේ අය නැගෙනහිර උඩින් තියාගෙන හිටියට, තව ටික කාලෙකින් කාපු බතේම පහරයිද දන්නේ නැහැ. ඕන්න මං කිවුවා. (නි)
2008 දී ලංකා ද්‍රවිඩ පක්ෂය එල්ටීටීඊ යේ අණසකට යටත්ව සිටි හෙයින් ඡන්දයට ඉදිරිපත් නොවීය. ඒ නිසා ද්‍රවිඩ ඡන්දවලින් සැළකිය යුතු ප්‍රමාණයන් එදා ඡන්දයට ඉදිරිපත්වූ ද්‍රවිඩ පක්ෂයක්වූ පිල්ලෙයාන්ලාගේ පක්ෂයට පාවිච්චි කළහ. සමහරුන් බියෙන් ඡන්දය වර්ජනය කළහ. නමුත් මෙවර එක්වරම ද්‍රවිඩවාදී ස්වරූපයෙන් මෙම අරසුක් කට්චි ඉදිරිපත්වූ බැවින් පෙර පිල්ලෙයාන්ට ආධාර කළ ද්‍රවිඩ අය සහ එදා නිහඩවූ ඡන්දදායකයින් සියල්ල ද්‍රවිඩ පක්ෂයට තම ඡන්දය පාවිච්චි කළහ. එය රජයේ ඡන්ද බැංකුවට බලපෑම් එල්ල කර ඇත. එදා යූඑන්පිය, මුස්ලිම් කොංග්‍රසයේ ආධාරයෙන් ලබාගත් ආසන මෙවර ඔවුන් බෙදී වෙන්වී ගිය හෙයින් යූඇන්පියද නන්නත්තාර විය. (නි)
කනගාටුයි
බොරුවට කැගහපු විපක්ශයට මොකද වුණේ? අනේ පවු, සමහරු දගලපු හැටියට අපිට දුකයි. (නි)
අපිට සාපේක්ෂව අපි ලොකුයි කියලා අපි හිතාගෙන හිටියට ලෝකයේ අපිට තැනක් නැහැයි කියලා මිනිස්සුන්ට නොතේරෙන එක තමයි දුක. (නි)
ද්‍රවිඩ ජාතිවාදය පරදවන්න පළාත් මායිම් වෙනස් කරන්න ඹ්නෑ. පොළොන්නරු දිස්ත්‍රික්කය නැගෙනහිර පළාතට එකතු කරලා ත්‍රිකුණාමලය උතුරුමැද පළාතට එකතු කරන්න. (නි)